English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට මහජන අදහස් ඉදිරිපත් කළ යුත්තේ ඇයි..?


පසුගිය මැතිවරණයේදී ජනතාව ජන්දය ලබාඳුන්නේ  මෛත‍්‍රීපාල සිරිසේන මහතාට නොවෙයි ඉදිරිපත් කරපු පොරොන්ඳු පත‍්‍රයටයි. එමගින් බලයට පත් ආණ්ඩුව විසින් අනිවාර්යෙන්ම ඒ අදාල පොරොන්ඳු ඉටු කිරීම සිඳු කළ යුතුයි. පසුගිය කාලයේ මහින්දට විරුද්ධව පක්‍ෂ බේදයකින් තොරව අප කටයුතු කළා. අපි අවසාන මොහොත දක්වාම ස්වාධීන මිනිසුන් ලෙස සිටිමින් ජනතාවාදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකසා ගැනීමට කටයුතු කරනවා.

නීතිඥ ආනන්ද අබේවික‍්‍රම මහතා මෙම අදහස් ප‍්‍රකාශ කලේ සැකසීමට නියමිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට මහජන අදහස් ඉදිරිපත් කළ යුත්තේ ඇයි යන තේමාව යටතේ ඊයේ (23) ගාල්ල කී‍්‍රඩා මණ්ඩප ශාලාවේ දී පැවැති සිවිල් සමාජ කතිකාවේ මූලාසනයේ කතාව පවත්වමිනි.

මෙම සාකච්ඡුා සභාව සදහා නීතිඥ සුදර්ශණ ගුණවර්ධන, ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර, රයිට් ටු ලයිෆ් සංවිධානයේ විධායක ලේකම් පිලිප් දිසානායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජේපාල හෙට්ටිආරචි, මූලික අදහස් දැක්වූ අතර, සාකච්ඡ සභාව සදහා මහාචාර්ය විමල් දිසානායක, හිටපු විදුහල්පති සරත් නානයක්කාර, බද්දෙගම ප‍්‍රා. සභාවේ හිටපු සභාපති ආනන්ද ලැනරෝල්, ජනාධිපති නීතිඥ සරත් බණ්ඩාර, නීතිඥ සරත්චන්ද්‍ර, බෝපේ පෝද්දල ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති පේ‍්‍රමලාල් අබේසේකර ඇතුලූ අය අදහස් දැක්වූහ.

නිදහසේ වේදිකාව හා වීදියේ විරෝධය එක්ව සංවිධානය කළ මෙම කතිකාවට ජනතා විමුක්ති පෙරමුණේ පලාත් සභා මන්තී‍්‍ර නලීන් හේවගේ හා ගැමි කාන්තා පෙරමුණේ ශී‍්‍රයා පතිරන මිය මූලාසන මණ්ඩලය නියෝජනය කරමින් සභභාගී වූ අතර, මෙම සාකච්ඡුාවේ පිලිගැනීම කීර්ති හේවගේ මහතා ද ස්තුති කතාව ගාමිණී අමරසිංහ මහතා විසින් ද සිදු කරන ලදී. 



2016-01-24
Advertisement

Find us on Facebook