English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


පුරවැසි කතිකාව ජනවාරි 23 ගාල්ල සහ මාතර ජනවාරි 24 හම්බන්තොට
මහජන සහභාගීත්වය ඇතිව මානව හිමිකම් ඇතුඵ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කෙරෙන නව ව්‍යවස්ථාවක් ගොඩනැගීම සදහා ඉතා වැදගත් අවකාශයක් මේ වන විට රට තුළ නිර්මාණය වී තිබේ. මෙම කි‍්‍රයාවලියේ දී සිවිල් සමාජයට ඉතා වැදගත් කාර්යභාරයක් හිමි වේ.

මෙම කි‍්‍රයාවලිය සදහා රජය විසින් කමිටු 3 ක් පත්කර ඇති අතර, නීතිඥ ලාල් විජේනායක මහතාගේ නායකත්වයෙන් යුත් නව ව්‍යවස්ථාව සදහා මහජන අදහස් ලබා ගැනීමේ කමිටුව ජනවාරි 18 වන දින සිට පෙබරවාරි 29 දක්වා නව ව්‍යවස්ථාව සදහා මහජන අදහස් ලබා ගැනීම සිදු කරනු ලබයි.

ඒ අනුව මෙම කමිටුව ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ ජනතාවගේ අදහස් ලබා ගැනීම සදහා පෙබරවාරි 08 සිට  13 වන දින දක්වා ඉහත දිස්ති‍්‍රක්කයන් වෙත පැමිණීමට නියමිතව තිබේ. මෙම කමිටුව ඒ පළාත් වෙත පැමිණීමට ප‍්‍රථම ප‍්‍රදේශයේ ඉන්නා සිවිල් සංවිධාන හා ප‍්‍රගතිශීලීන් සම්බන්ධ කරමින් නව ව්‍යවස්ථා කි‍්‍රයාවලිය සම්බන්ධව යම් සංවාදයක් ගොඩනැගීම සදහා සිවිල් සමාජ නියෝජිතයන් සහභාගීවන පුරවැසි කතිකාවක් නිදහසේ වේදිකාව සහ වීදියේ විරෝධය එක්ව සංවිධානය කරනු ලබයි.   

1 ජනවාරි 23 වන දින උදේ 10.00ට ගාල්ල, කී‍්‍රඩා මණ්ඩප ශාලාව, (ගාල්ල බස් නැවතුම්පොල ඉදිරිපිට)
2 ජනවාරි 23 වන දින සවස 2.30ට මාතර, තැපැල් කාර්යාලීය ශ‍්‍රවණාගාරය (මාතර බස් නැවතුම්පොල ඉදිරිපිට)
3 ජනවාරි 24 වන දින සවස 2.30ට හම්බන්තොට, මිරිජ්ජවිල, විහාරමහාදේවී ශ‍්‍රවණාගාරය

මෙම කතිකාව සදහා නීතිඥ සුදර්ශණ ගුණවර්ධන, ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර හා පිලිප් දිසානායක නිදහසේ වේදිකා හා වීදියේ විරෝධය නියෝජනය කරමින් සභභාගී වන අතර, දිස්ති‍්‍රක්ක නියෝජනය කරනු ලබන පළාත් සභා හා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට ද මේ සදහා සහභාගී වන ලෙස ආරාධනා කර තිබේ.




2016-01-21
Advertisement

Find us on Facebook