English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


වැලිවේරිය පොලීසිය පැවරූ බොරු නඩුවෙන් විත්තිකරු නිදොස් කොට නිදහස්
වැලිවේරිය පොලිසියේ පොලිස් රථ වාහන අංශය විසින් පස්ගම්පොලගේ විජේන්ද්‍ර සම්පත් රන්දික තිලකරත්න යන අයට විරුද්ධව ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවරන ලද සාවද්‍ය නඩුවේ තීන්දුව පසුගිය ජනවාරි මස 18 වන දින ලබා දුන් අතර විත්තිකරු පොලීසිය පැවරූ සියලූම චෝදනාවන්ගෙන් නිදොස් කොට නිදහස් කරන ලදී.

2012 අගෝස්තු මස 01 වන දින රන්දික තිලකරත්න කුලී ත‍්‍රිරෝද රථයකින් කැළණිය  විහාරස්ථානය වෙත දානය රැගෙන යමින් සිටියදී වැලිවේරිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂක ශාන්ත දයානන්ද යන නිලධාරියා විසින් ත‍්‍රිරෝද රිය නවතා තිබේ. ඒ අවස්ථවේ අදාළ රියදුරාගේ රියදුරු බලපත‍්‍රය නොතිබීම මත එම තී‍්‍ර රෝද රථයේ පිටුපස ගමන් ගත් සම්පත් රන්දිකගේ රියදුරු බලපත‍්‍රය ගෙන ඔහුට විරුද්ධව නඩුවක් පවරා ඇත.

තී‍්‍රරෝද රථයේ පිටුපස ගිය රන්දිකට ප‍්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා කිරීම, සුදු ඉර කපා ඉස්සර කිරීම, පදික මාරුවේ ඉස්සර කිරීම හා නැවත පොලිස් අණ නොතකා ධාවනය කිරීම යන චෝදනාවන්ට එරෙහිව 96382/එම්. ටී. යන අංකයෙන් පවරන ලද මෙම නඩුව වසර තුනක් තිස්සේ විභාග වීමෙන් පසුව ගිය ජනවාරි මස 18 වන දින නියෝගය ලබා දුන් අතර ඒ අනුව පස්ගම්පොලගේ විජේන්ද්‍ර සම්පත් රන්දික තිලකරත්න යන අය සියලූම චෝදනාවන්ට නිවැරදිකරු  බවට තීරණය විය.

මෙසේ බොරු නඩු පවරා තම කීර්ති නාමයට හානි කිරීම හා අවුරුදු 3ක් තිස්සේ මෙම නඩුව වෙනුවෙන් විශාල මුදල් හා කාලයක් වැය කිරීමට සිදු වීම සම්බන්ධව වන්දි ඉල්ලා අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව සිවිල් නඩුකරයක් ගොනු කිරීමට තමන් බලාපොරොත්තු වන බව ඔහු අයිතියට පැවසීය. මෙම නඩුව සම්බන්ධ නීති ආධාර රයිට් ටු ලයිෆ් සංවිධානය විසින් ලබා දෙන ලදී.




2016-01-21
Advertisement

Find us on Facebook