English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව - ජනතාව ප‍්‍රයෝජන ගත යුතුයි
 
ජනවාරි 18 වන දින ආරම්භ කළ, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සඳහා කොළඹ දිස්ත‍්‍රික්කයේ මහජන අදහස් යෝජනා විමසීම මේ දිනවල සිදුවෙමින් පවතින අතර සිකුරාදා එනම් හෙට දිනය (22) දක්වා ක‍්‍රියාත්මක වෙයි.

මෙහිදි නොයෙක් තරාතිරමේ පුරවැසියන් පැමිණ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකසා ගැනීම වෙනුවෙන් සිය යෝජනා ඉදිරිපත් කරන බවත් ඇතැම් යෝජනා ඔවුන් වාචිකව මෙන්ම ලිඛිතව ද ඉදිරිපත් කරන බවත් අදහස් ලබාගැනීමේ කමිටුවේ සාමාජීකයින් පැවසීය.

ශ‍්‍රි ලාංකිකයාගේ පරමාධිපත්‍ය ආරක්‍ෂාකර ගැනීම සඳහාත්, ආගමීක නිදහස ආරක්‍ෂා කරගැනීම සඳහාත් , මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වීම වළකා ගැනීම සඳහාත් , පුද්ගලයාගෙන් පුද්ගලයාට වන මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙනුත් , පොලීසියෙන් පැමිණෙන වධ හිංසා සම්බන්ධයෙන් සහ සෞඛ්‍ය අයිතිය රටේ ජනතාවගේ මුලීක අයිතිවාසිකමක් බවට පත්කර ගැනීම සඳහාත් වන යෝජනා රැුසක් මෙතෙක් ඉදිරිපත් වු බව අයිතිය විසින් විමසා සිටීමේදි අදහස් ලබාගැනීමේ කමිටුව ප‍්‍රකාශ කළේය.

"මේ අවස්ථාව ඉතාම කාලෝචිත අවස්ථාවක් වගේම ඉතාම වැදගත් අවස්ථාවක් මොකද මේ රටේ සිටින ජනතාවට අවස්ථාවක් ලබාදී තිබෙනවා තමන්ගේ රටේ ව්‍යවස්ථාව කෙසේ සකස් කළ යුතුද කියලා තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න. මේ අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගන්න රටේ මිනිස්සු දැන ගතයුතුයි.” කියා හොරණ ප‍්‍රදේශයේ සිට අදහස් ඉදිරිපත් කරන්නට පැමිණ සිටි 69 හැවිරිදි සිරිවර්ධන නැමැති පුද්ගලයෙක් අයිතියට ප‍්‍රකාශ කළේය.
 
 
ඔහු කමිටුවු හමුවේ ඉදිරිපත් කළ යෝජනා අතර, ශ‍්‍රි ලංකාවේ ජනතාවගේ පරමාධිපත්‍ය රකින බවට වර්ථමාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඡ්දයක් තිබුණත් ඊට බලපෑම් එල්ලවන බවත් නිසි ආකාරයෙන් ජනතා පරමාධිපත්‍ය ආරක්‍ෂා නොවන බවත් , එබැවින් එය සංශෝධනය විය යුතු බවට යෝජනා කළේය.
 
එමෙන්ම, බෞද්ධ ශාසනයට සිදුවන නොයෙකුත් ආකාරයේ බලපෑම් අකටයුතුකම් සඳහා නීති සකස්විය යුතු බව සත් මුලික අයිතිවාසිකම් කඩවීම් කොටස් 4ක් ඇති බවත් එසේ වන විටදී ඊට සරිළන වන්දියක් ලබාගැනීමේ අයිතිවාසිකම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් මහජනතාවට ලබාදිය යුතුයැයි ඔහු ගේ යෝජනා විය.

ඒ වෙනුවෙන් වන්දි මුදලක් ලබාගත හැකි ආකාරයෙන් නීති සකස්විය යුතු යැයි ඔහු යෝජනා කළේය.

එසේ, මහජනතාවගේ මුලික අයිතින් කඩවන අංශ 4ක් ලෙසට, රජයෙන් ජනතාවට සිදුවන මානව අයිතිවාසිකම් කඩවීම් ද රාජ්‍ය ආයතන සහ පෞද්ගලීක අංශයේ ආයතන ජනතාවට සිදුවන අයිතිවාසිකම් කඩවිම් වලින් ද පොලීසිය මගින් හා පුද්ගලයාගෙන් පුද්ගලයාට සිදුවන මානව අයිතිවාසිකම් කඩවීම් වශයෙන් ද පැහැදිළි කරමින් ඔහු යෝජනා ඉදිරිපත් කළේය.


එමෙන්ම, වරදක් නොමැතිව අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් හට සිදුවන මානසික හා ශාරරීක පීඩා වධ හිංසා වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුව විසින් වන්දියක් ලබාදීමට කටයුතු සැලසිය යුතු බැවින් (සිවිල් නිතිය යටතේ එසේ කළ හැකි වුවත්) එය ව්‍යවස්ථාවට ඇතුලත් කළ යුතු යැයි යෝජනා කළේය.
 
     සටහන සහ ඡයාරුප මෙලනි මානෙල් පෙරේරා



2016-01-21
Advertisement

Find us on Facebook