English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


මහජනතාව ඉතා උනන්දුවෙන් පැමිණ යෝජනා ඉදිරිපත් කරනවා - අධිනීතිඥ ලාල් විජේනායක

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකසා ගැනීම සඳහා වන කොළඹ දිස්ත‍්‍රික්කය තුළ මහජන අදහස් කැඳවීමේ තෙවන දිනය වන අද (20)  නොයෙකුත් ක්‍ෂේත‍්‍රවලින් යෝජනා ඉදිරිපත් කිරීමට සැළකිය යුතු පිරිසක් විසුම්පායට පැමිණ සිටියහ.
 
පසුගිය දෙදින තුළදී මහජන අදහස් ලබාදීමේ කර්තව්‍ය පිළිබඳව කමිටුවේ සභාපති අධිනිතිඥ ලාල් විජේනායක මහතාගෙන් විමසා සිටී විට අයිතියට ඔහු මෙසේ ප‍්‍රකාශ කළේය.

"මෙවැනි කාර්යභාරයක් මීට පෙර ඉටුකර තිබෙන්නේ දකුණු අප‍්‍රිකාව. නමුත් ඒ සඳහා ඔවුන් වසර දෙකක් තිස්සේ තමයි මහජන අදහස් යෝජනා ලබාගත්තේ. අපි, සම්පුර්ණ කාලය යොදලා අපේ පෞද්ගලීක වැඩකටයුතු සියල්ල නවතලා තමයි මේ කමිටුව මාර්තු 31 වන දා තෙක් අපේ රට වෙනුවෙන් අපේ ජනතාව වෙනුවෙන් , මේ කාර්යය වෙනුවෙන් කැපවෙලා සිටින්නේ."
 
"පුංචි පුංචි අඩුපාඩු තිබුණත් කමිටුවේ කාර්ය භාරය හොඳින් කරගෙන යනවා. සතුටට කාරණයක් තමයි විද්වතුන් වගේම සාමාන්‍ය මිනිසුන් රාශියක් ආවා හොඳ යෝජනා අරගෙන. අපිට සතුටුයි ඊයේ ත‍්‍රිරෝද රථ රියදුරෙකු පවා කමිටුව යෝජනා ඉදිරිපත් කළා. මහජනතාව ඉතාම උනන්දුවෙන් පැමිණ තමන්ගේ යෝජනා ඉදිරිපත් කරනවා. මේ වන විට සැළකිය යුතු පිරිසක් පැමිණ තිබෙනවා. කාලය පිළිබඳව ගැටළුවකට මුහුණ දෙනවා. මොකද මිනිස්සු තමන්ගේ යෝජනා ඉදිරිපත් කරන කොට ඒවා ඉදිරිපත් කරන්න බලපෑ තමන්ගෙ ගැටළුත් ඉදිරිපත් කරමින් තමයි යෝජනාවන් ඉදිරිපත් කරන්නේ. අපි සිදුකරන කාර්යභාරයෙන් පසුව අපේ නිර්දේශ කෙටුම්පත් කමිටුවට භාරදෙනවා. අවසාන තීරණ තින්දු ගන්නේ පාර්ලිමේන්තුවෙන්." යැයි කමිටු සභාපති අධිනීතිඥ විජේනායක පැවසිය.

මෙතෙක් කමිටුව වෙත බහුලව ලැබී ඇත්තේ කුමන ආකාරයේ යෝජනා දැයි විමසීමෙදි සභාපති ලාල් විජේනායක පැවසුවේ, මානව හිමිකම් කඩවීම් , රාජ්‍ය ආයතන වලින් සිදුවන පීඩා, පුද්ලයාගෙන් පුද්ගලයාට වන මානව හිමිකම් කඩවීම්, ඒ වගේම පෞද්ගලීක ආයතන වලින් සිදුවන මානව හිමිකම් කඩවීම් වගේම පොලීසියෙන් සිදුවන මානව හිමිකම් කඩවීම් වලදි යම්කිිසි වන්දි මුදලක් ගෙවිය යුතුයි යනාදි කාරණා වැඩිවශයෙන් වාර්තා වු බවයි.


ආගමීක නායකයින් යෝජනා ඉදිරිපත්කර තිබේ දැයි විමසු විට විජේනායක මහතා කියා සිටියේ මෙතෙක් එතුමන්ගේ පැමිණිමක් සිදුවි නැති බවත් එසේ නොපැමිණිය හොත් සමස්ත ක‍්‍රියාවලිය අවසානයේදි අනිවාර්යයෙන්ම ආගමීක නායකයින්ගේද අදහස් යෝජනා එම ස්ථානවලට ම ගොස් ලබාගන්නා බවයි. 
 
 සටහන සහ ඡයාරුප මෙලනි මානෙල් පෙරේරා





2016-01-20
Advertisement

Find us on Facebook