English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


කළු ජනවාරියක් යළි එපා! අධිෂ්ඨානශීලී ජනරාශිය

අදහස් පළකිරීමේ අයිතිය වෙනුවෙන් ඝාතනයට හා හිංසනයට ලක්වූ ජනමාධ්‍යවේදීන් සිහිපත් කිරීම සහ ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉටුකරවා ගැනීමට බලපෑම් කිරීම උදෙසා මුළුදෙන "අධිෂ්ඨානශීලී ජනරාශිය"

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සමඟ මාධ්‍ය නිදහස අගයන සංවිධානවල සහ පුරවැසියන්ගේ සහභාගීත්වයෙන්,

ජනවාරි 21 වන බ්‍රහස්පතින්දා සවස 5.30ට
කොළඹ විහාරමහාදේවී උදය්‍යනයේ බුද්ධ ප්‍රතිමාව අභියස දී

කළු ජනවාරියක් යළි ඉඩ නොදෙනු පිණිසත්, ඉතිහාසය විසින් බිලිගත් හා හිංසාවට ලක්වූ සගයින් වෙනුවෙන් යුක්තිය ඉටුකරවා ගැනීම පිණිසත්, ඔබ හද තුළ නොනිවී දැල්වෙන අධිෂ්ඨානය සංකේතවත් කරන පහන් සිලක් දල්වන්නට,
මේ ජනරාශිය තුළ ඔබද සිටිය යුතු ම යි!

අප වෙනුවෙන් දිවි කැප කළ ඔවුන් වෙනුවෙන් ඒ අඩ හෝරාව වෙන් කර තබාගන්න. මාධ්‍ය නිදහස අගය කරන තවත් සගයකු ද කැටිව එන්න.

මෙයට,
සහෝදරත්වයෙන්,
සී. දොඩාවත්ත
ලේකම්-නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
0777270063

- මෙලනි



2016-01-20
Advertisement

Find us on Facebook