English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


නව ව්‍යවස්ථාව ගැන කියන්න නිදහසේ වේදිකාව වීදියේ විරෝධය සමග දකුණට


සකස් කිරීමට නියමිත නව ව්‍යවස්ථාව සම්බන්ධව දැනුවත් කිරීමත්, ඒ සම්බන්ධව මහජන උනන්දුව හා උද්යෝගය  ඇති කිරීමත් සදහා නිදහසේ වේදිකාව විදියේ විරෝධය සමග එක්ව දිස්ති‍්‍රක්ක කිහිපයක විවිධත්වයෙන් යුත් වැඩසටහන් කිහිපයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

රජය විසින් පත්කර තිබෙන මහජන අදහස් ලබා ගැනීමේ කමිටුවට සමගාමීව ගම් ප‍්‍රදේශයන් වෙත ගොස් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබදව දැනුවත් කිරීමත්, මහජන අදහස් විධිමත්ව ලබාදීම සදහා ඔවුන්ව සූදානම් කිරීමත් මෙම වැඩසටහන් තුළින් බලාපොරොත්තු වන බව මෙහි සංවිධාකයෙකු අයිතිය සමග පැවසීය.

ජනවාරි 23 වන දින ගාල්ල දිස්ති‍්‍රක්කයෙන් ආරම්භ වන මෙම වැඩසටහන දිස්ති‍්‍රක්ක 10 ක පැවැත්වීමට සැලසුම් කර තිබේ. ජනවාරි 23 වන දින උදේ 10 ට ගාල්ල කී‍්‍රඩා මණ්ඩප ශාලාවේ දී පැවැත්වෙන ගාලූ දිස්ති‍්‍රක් සිවිල් සමාජ කතිකාව ස`දහා පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජේපාල හෙට්ටිආරච්චි, නීතිඥ සුදර්ශණ ගුණවර්ධන, ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර හා පිලිප් දිසානයක යන අය සහභාගී වීමට නියමිතව තිබේ.

එදිනම සවස 3ට මාතර තැපැල් කාර්යාලීය ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වෙන මාතර දිස්ති‍්‍රක් කතිකාව සදහා ඉහත කතිකයන්ට අමරතව පලාත් සභා මන්තී‍්‍ර ගයාන් සංජීව, මාතර නගර සභාවේ විපක්ෂ නායක උපුල් නිශාන්ත, නාගරික මන්තී‍්‍ර රාජ් චන්ද්‍රලාල් යන අය සහභාගී වීමට නියමිතව තිබේ.

ජනාවරි 24 සවස 2.30 හම්බන්තොට විහාරමහාදේවී ශ‍්‍රවණාගාරයේ දී හම්බන්තොට දී පැවැත්වෙන සිවිල් සමාජ කතිකාව සදහා නීතිඥ සුදර්ශණ ගුණවර්ධන, ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර, පලාත් සභා මන්තී‍්‍ර තෙන්නකෝන් නිලමේ හා නීතිඥ තුසිත අලූත්පටබැදි හා පිලිප් දිසානායක යන අය සහභාගී වීමට නියමිතව තිබේ.    
 






2016-01-19
Advertisement

Find us on Facebook