English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


පොලිස්පතිවරයාට එරෙහිව රිට් මැන්ඩුමස් නඩුව ඉදිරියට ගෙනයාමට අවසර


පොලිස්පතිතුමා සහ ජාතික පොලිස් කොමිෂන් සභාව වගඋත්තරකාර පොලිස් නිලධාරින්ට විරුද්ධව විධිමත් පරීක්ෂණයක් කඩිනමින් නොපැවැත්වීම හේතු කොට තම රාජකාරි නොපිරිහෙලා ඉටු නොකිරීම සම්බන්ධව රිට් මැන්ඩාමුස් ආඥාවක් ඉල්ලා පැවරූ නඩුව ඉදිරියට ගෙනයාමට ඊයේ රැස්වූ අභියාචනාධිකරණය අවසර ලබා දෙන ලදී.

2015 නොවැම්බර් 30 වන දින අභියාචනාධිකරණයෙන් මෙසේ රිට් මැන්ඩුමස් ආඥාවක් ඉල්ලා සිටියේ වාද්දුවේ පදිංචිව සිටි දෙදරු පියෙකු වූ නිමල් චන්ද්‍රසිරි නැමැත්තා වාද්දුව පොලිස් අත්අඩංගුවේ සිටියදී පොලිස් පහර දීමට ලක් වීමෙන් 2012 වසරේ දී මිය යාම සම්බන්ධව පොලිස්පති හෝ පොලිස් කොමිසම විධිමත් පරීක්ෂණයක් නොපැවැත්වීම සම්බන්ධයෙනි.

යම් රාජ්‍ය නිලධාරියෙකු ස්වකීය වගකීම් නිසියාකාරව ඉටු නොකරන විට ඊට ප‍්‍රතිකර්මයක් ලෙස එම වගකීම නිසි පරිදි ඉටු කරන මෙන් අභියාචනාධිකරණයෙන් නියෝගයක් ඉල්ලා සිටීමේ හැකියාව ලංකාවේ පරිපාලන නීතිය තුළ පවතී. මේ සම්බන්ධයෙන් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 140 වගන්තිය අදාළ වන අතර ඒ යටතේ තම වගකීම නිසියාකාරව ඉටු නොකරන රාජ්‍ය නිලධාරියෙකුට එරෙහිව අභියාචනාධිකරණයේ රිට් මැන්ඩාමුස් පෙත්සමක් ගොනු කළ හැකිය.

මේ මරණය සම්බන්ධව වගඋත්තරකාර පොලිස් නිලධාරින්ට එරෙහිව පොලිස්පතිවරයා විසින් මේ වන තුරුත්  කිසිදු පරීක්ෂණයක් පවත්වා නැති අතර එකී වගඋත්තරකාර පොලිස් නිලධාරින් තවමත් සේවයේ යෙදෙන බවට ද වාර්තා විය. මෙම සිද්ධිය සම්බන්ධව ජාතික පොලිස් කොමිසමට නිමල් චන්ද්‍රසිරිගේ බිරිඳ විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබුණත් ඒ සම්බන්ධවද විධිමත් පරීක්ෂණයක් මේ වන තුරු පවත්වා නැත.

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ උපදෙස් මත නීතිඥ අර්මිසා ටිගල් හා නීතිඥ වාසනා වික‍්‍රමසිංහ මහත්මිය විසින් පසුගිය වසරේ නොවැම්බර් 30 වන දින මෙම නඩුව පවරනු ලැබූ අතර ඊයේ (18) මේ පිළිබදව සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මලල්ගොඩ හා දේවිකා තෙන්නකෝන් යන මහත්ම මහත්මීන් පෙත්සම්කාරියගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කරන ලද කරුණු සළකා බලා මෙම නඩුව ඉදිරියට ගෙන යාමට අවසර ලබා දෙන ලදී. ඒ අනුව සියලූම වගඋත්තරකරුවන් වෙනුවෙන් නොතීසි නිකුත් කිරීමට ද නියම වූ අතර මෙම නඩුව පෙබරවාරි 12 වන දින නැවත කැදවීමට නියෝග කරන ලදී.







2016-01-19
Advertisement

Find us on Facebook