English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


නව ව්‍යවස්ථාව සදහා මහජන අදහස් ලබා ගැනීමේ කමිටුව රටවටා


මහජන සහභාගීත්වය ඇතිව මානව හිමිකම්, සුලූ ජන අයිතීන් ඇතුඵ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කෙරෙන නව ව්‍යවස්ථාවක් ගොඩනැගීම සදහා ඉතා වැදගත් අවකාශයක් මේ වන විට රට තුළ නිර්මාණය වී තිබේ. මෙම කි‍්‍රයාවලියේ දී සිවිල් සමාජයට ඉතා වැදගත් කාර්යභාරයක් හිමිවන අතර, නව ව්‍යවස්ථා සම්පාදනය සදහා මහජන අදහස් යෝජනා ලබා ගැනීමත් මෙම ව්‍යවස්ථා සම්පාදන කි‍්‍රයාවලිය තුළ ඔවුන් සකී‍්‍රය ලෙස දායක කර ගැනීම එහි ප‍්‍රමුඛ කටයුත්තකි.

ව්‍යවස්ථා සම්පාදන කි‍්‍රයාවලිය සදහා අගමැතිවරයාගේ ප‍්‍රමුඛත්වයෙන් කැබිනට් අනුකාරක සභාවක් ද අධිනීතිඥ ජයම්පති වික‍්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් කෙටුම්පත් කමිටුව හා අධිනීතිඥ ලාල් විජේනායක මහතාගේ සභාපතිත්වයෙන් නව ව්‍යවස්ථාව සදහා මහජන අදහස් ලබා ගැනීමේ කමිටුව ලෙස රජය විසින් විශේෂ කමිටු 3ක් මේ වන විට පත් කර තිබේ.

මෙම මහජන අදහස් ලබා ගැනීමේ කමිටුව ඊයේ (ජනවාරි 18) සිට මහජන අදහස් ලබා ගැනීම ආරම්භ කළ අතර, කොළඹ 02, විසුම්පායේ පිහිටා ඇති එම කමිටු කාර්යාලයේ දී ජනවාරි 22 දක්වා කොළඹ දිස්ති‍්‍රක්කයේ ජනතාවගේ අදහස් ලබා ගැනීම සදහා විවෘත කර තිබේ.

ඉන් පසුව මෙම මහජන අදහස් ලබා ගැනීමේ කමිටුව පිලිවලින්  පෙබරවාරි 01 සහ 02 ගම්පහ සහ මහනුවර, පෙබ. 3 හා 11 මාතලේ පෙබ. 5 සහ 6 කලූතර හා වව්නියාව, පෙබ 8 හා 9 ගාල්ල, කිලිනොච්චිය, කෑගල්ල, පෙබ. 10 හා 11 මාතර, මන්නාරම, පෙබ 12 හා 13 හම්බන්තොට හා මුලතිව්, පෙබ 15 හා 16 කුරුණෑගල හා යාපනය, පෙබ 17 හා 18 පුත්තලම හා අනුරාධපුර, පෙබ 19 හා 20 නුවරඑලිය හා පොලොන්නරුව පෙබ 23 හා 24 බදුල්ල හා ති‍්‍රකුණාමලය පෙබ 25 හා 26 මොනරාගල හා මඩකලපුව, 27 හා 29 රත්නපුර හා අම්පාර යන දිස්ති‍්‍රක්කයන් වෙත පැමිණීමට නියමිතව තිබේ. එමෙන්ම සියලූම දිස්ති‍්‍රකයන් හි සංචාරයෙන් පසුව මහජන අදහස් ලබා ගැනීමේ කමිටුවේ අවසන් වාර්තාව මාර්තු 31 අගමැතිවරයා ප‍්‍රමුඛ කැබිනට් අනුකාරක සභාවට ලබා දීමට නියමිතය.

මෙම කමිටුව සියලූම ශී‍්‍රලාංකිකයන් වෙත විවෘත වන අතර, පුද්ගලිකව හෝ සංවිධාන ගතව පැමිණ නව ව්‍යවස්ථාව සදහා අදහස් හෝ යෝජනා මෙම කමිටුව වෙත ලිඛිතව හෝ වාචිකව ලබා දිය හැක. ඔබ ලබා දෙන අදහස් හා යෝජනා හෝ එහි සාරංශයක් හැකියාව තිබේ නම් ලිඛිතව ලබා දෙන ලෙස කමිටුව ඉල්ලා සිටී. මෙම කමිටුව පිළිබදව වැඩි දුර විස්තර සදහා පහත සදහන් තොරතුරු ඔස්සේ සම්බන්ධ විය හැක.

දුරකථන – 0112437676

ෆැක්ස් – 0112328780

ඊමේල් – constitutionalreforms@gmail.com

වෙබ් – www.yourconstitution.lk

තැපෑල සභාපති                                                                                                                                                       ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබද මහජන අදහස් විමසීමේ කමිටුව
ලේකම් කාර්යාලය
කොළඹ 02

ඡායා - සමබිම




2016-01-19
Advertisement

Find us on Facebook