English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අශ්වය ගියාට පසු ඉස්තාලය වසන පොලීසිය




ආගම් වාධයට හා ජාතිවාධයට උල්පන්දම් දෙන ආකාරයේ සියලූ ජනහමු හා පාගමන් යෑමට ඉදිරියේදි ශ‍්‍රි ලංකා පොලීසිය ඉඩ දෙනු නොලබන බව, ශ‍්‍රි ලංකා පොලීසිය ඊයේ (ජුනි 22)  නිවේදනය කළේය.
 
පසුගිය සති අන්තයේදි පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්‍ෂයට පමුණුවමින් තවත් පුද්ලයින් 50 දෙනෙකුට අධික සංඛ්‍යාවකට තුවාල සිදුකරමින් අති විශාල වටිනාකමකින් යුත් දේපලක් අළු බවට පත්කරමින් අලූත්ගම නගරයේ සිදුවුණු අති භිසුණු දාමරික තත්ත්වයන් හේතුකරගෙන මින් ඉදිරියේදි කිසිඳු ආකාරයක ජාතිවාදි ආකල්ප හෝ ආගම්වාදි ආකල්ප ඇවිස්සෙන ආකාරයේ රැස්වීම් පැවැත්වීම හෝ පෙළපාලි යැම තහනම් යැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතා ඊයේ නිවේදනය කළේය.

කිසිඳු ආකාරයක අසමඟියක් ඇතිකරවන හෝ වෛරයට උල්පන්දම් දෙන ආකාරයේ ජනහමු හෝ පාගමන් තහනම් වන අතර, ආගමික සංස්ථා මගින් දියත් වන පාගමන් හා ජනහමු තහනම් කරනු නොලබන බව පොලිස් ප‍්‍රකාශකවරයා පැවසීය.

අන්තවාදි කිසිඳු ආගමික කණ්ඩායමකට රටතුළ ක‍්‍රියාත්මක වෙන්නටත් ප‍්‍රචණ්ඩක‍්‍රියා ඇතිකරවන්නටවත් කිසිම ආකාරයක ඉඩක් තබන්නට එපා යැයි පූජ්‍ය ගලගම ධම්මරංසි ස්වාමින්වහන්සේ ප‍්‍රකාශකර ඇත.

පසුගිය ප‍්‍රචණ්ඩකාරි සිදුවිම සම්බන්ධයෙන් අපක්‍ෂපාති පරික්‍ෂණයක් පවත්වන බවටත් එමගින් කිසිඳු ජාති හා ආගම් භේදයකින් තොරව වගකිව යුතු සියලූම දෙනා අත්අඩංගුවට ගන්නා බව ජනාධිපති රාජපක්‍ෂ මහතා පොරොන්දු විය.

අලාබ හානි වු සියලූ දේපොල අළුත්වැඩියා කරදෙන ලෙසටත් විනාශවු දේපොල සඳහා වන්දි ගෙවන ලෙසටත් ජනාධිපති රාජපක්‍ෂ මහතා විසින් අදාළ නිළධාරින්ට නියෝග කළේ යැයි වාර්තා වෙයි.

එක්සත් ජාතින්ගේ සංවිධානය, යුරෝපා හවුල සහ ඇමරිකා එක්සත් ජනපදය සිදුවීම පිළිබඳව දැඩි අවධානය යොමුකර ඇති අතර සුළුතර ආගමීක කණ්ඩායම්වල ආරක්‍ෂාව තහවුරු කරන ලෙසට ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

-මෙලනි -



2014-06-24
Advertisement

Find us on Facebook