English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


"පොලීසිය කියන කථා විශ්වාස කළ නොහැකියි" - ඇඹිලිපිටිය සිද්ධියේ විමර්ශන වාර්තාව මෙන්න.

 
ඇඹිලිපිටිය පොලීසිය සමග ඇති වු ගැටුමකදී ජීවිතක්ෂයට පත්වූ එක්දරු පියාගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව අතුරු වාර්තාවක් පොලිස්පතිවරයාට භාරදී තිබේ.

අදාළ අතුරු වාර්තාව ඊයේ දිනයේදී පොලිස්පති එන්ගකේග ඉලංගකෝන් මහතා වෙත භාර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගේ අධික්ෂණය යටතේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කෙරුණු අතර එහි වාර්තාව අද දිනයට පෙර භාරදෙන ලෙස පොලිස්පතිවරයා දැනුම්දී තිබුණි.

කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන තවදුරටත් සිදු කෙරෙන බැවින් ඒ පිළිබඳ අතුරු වාර්තාවක් ලබාදීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

ඒ අනුව ඇඹිලිපිටියේ සිද්ධිය පිළිබඳ පොලිස්පතිවරයාට ඉදිරිපත් කර ඇති වාර්තාවේ ඇඹිලිපිටිය සිද්ධියට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 21 දෙනා අත්අඩංගුවට ගත යුතු බවට නි‍ර්දේශ කර ඇතැයි වාර්තා වේ. ඊයේ දිනයේ දී මෙම වාර්තාව පොලිස්පතිවරයාට භාර දී ඇත.

එනමුත් මේ වනතුරු පොලිස්පතිවරයා මේ පිළිබඳව විමර්ශන නිලධාරීන්ට නියෝග ලබා දී නොමැති බව පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.


කෙසේ වෙතත් පසුගිය 4 වැනිදා ඇඹිලිපිටිය මැන්ඩිස් ගොඩනැගිල්ලේ දී සාදයකට සහභාගි වෙමින් සිටි පිරිස හා පොලිසිය අතර ඇතිවූ ගැටුමේදී ආධාරක පොලිස් කණ්ඩායම් ගොඩනැගිල්ලට ඇතුළුවී කළ ක්‍රියාවලිය නිසා සුමිත් ප්‍රසන්න ජයවර්ධන එක්දරු පියා මරණයට පත්ව ඇතැයි ද පරීක්ෂණ අවසන් නැති නිසා ඊට හේතුව කුමක්දැයි කිව නොහැකි යැයි සබරගමුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පොලිස්පතිවරයාට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වෙන  බව පොලිස් මූලස්ථාන ආරංචි පැවසී ය.

පොලිස්පතිගේ නියෝගය අනුව ඔහු මේ වාර්තාව සපයා ඇතග ඔහුගේ වාර්තාව අනුව ඇඹිලිපිටිය පොලිසිය මුලසිටම ඇත්ත කණපිට පෙරළා ඇතැයිද ජංගම මුර සේවයද ආධාරක කණ්ඩායම්ද ඇඹිලිපිටිය මුර සේවයේ දුරකථන ක්‍රියාකරුද එක්ව එකම අදහසක් අනුව අසත්‍ය ප්‍රකාශ කර ඇති බව පෙනේ යැයිද පොලිස්පතිට වාර්තා කර ඇත.

ඇඹිලිපිටිය පොලිසියේ එදා රාත්‍රියේ සේවය කළ සහකාර පොලිස් අධිකාරී දමින්ද ධර්මරත්න ගේ සිට දුරකථන ක්‍රියාකරු රෝහණ දක්වා සියලු දෙනාම යම් මට්ටමකින් එහි සිදුවූ සැබෑ තත්ත්වය විකෘති කිරීමට හෝ වසන් කිරීමට හෝ ක්‍රියාකර ඇති බව පෙනේ යැයිද එහෙයින් මීට සම්බන්ධ බව කියන පොලිස් පිරිසට එරෙහිව ක්‍රියා කරන්නේ නම් නීතිපති උපදෙස් ලබාගැනීම සුදුසු යැයිද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිල පොලිස්පතිට දන්වා ඇත.(ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරී දමින්ද ධර්මරත්න කුලියාපිටිය පොලිසියට මාරු කර යවා ඇත.)

සඳුදාට (18) පෙර පොලිස්පති ඔහුගෙන් සම්පූර්ණ වාර්තාවක් ඉල්ලා ඇතග සාදයට සහභාගී වූ තිස් ගණනකගේ ද පොලිස් මුර සංචාරයට ගිය පිරිසගේද ආධාරක කණ්ඩායමේද ප්‍රකාශ මේ වාර්තාවට ඇතුළත් කර ඇතැයි දැනගන්නට ඇත.

එම වාර්තාව අවධාරණය කරනුයේ එම සාදයේ දී අධික ශබ්දය සහිතව ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චි කළ බවට තොරතුරු ලැබී නැති බවයිග එමෙන්ම සාදයට සහභාගි වූවන් පොලිසියට පහර දුන්නැයි කියන සිද්ධියටද මෙතෙක් සාක්කි ලැබී නැත.

පොලිස් සැරයන්වරයකු පසුගිය 4 වැනිදා මධ්‍යම රාත්‍රියේ දී පමණ අහසට වෙඩි තබා ඇතත් ඒ බවට සටහනක් කර නැති බවද පොලිසිය එම සාදය පැවති ගොඩනැගිල්ලට දෙවරක් ගිය බව කියා ඇතත් එයද අසත්‍යයක් බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ වාර්තාවේ සඳහන් බව දැනගන්නට තිබේ.

ජංගම මුර සේවයට ගිය සැරයන්ගේද සහකාර පොලිස් අධිකාරී ධර්මරත්නගේ ද ජංගම දුරකථන මෙන්ම තවත් ජංගම දුරකථන 20ක පමණ තොරතුරු සෙවීමද මෙම පරීක්ෂණයට වැදගත් බවද පොලිස්පතිට යැවූ වාර්තාවේ සඳහන් වේග එම සාදයෙන් හිරිහැර සිදුවෙතියි සැරයන් හා සහකාර පොලිස් අධිකාරී ගේ ජංගම දුරකථනවලින් 119 පොලිස් හදිසි ඇමතුමට පණිවිඩ දී ඇති බවට ද තොරතුරු ඇත්දැයි සොයා බැලිය යුතු බව ඔහු පොලිස්පතිට කියා ඇත.

සාදයේ සිටි පිරිස් පොලිසියට පහර දුන්නේදැයි දැනගැනීමට අවට ආයතන හතරක සීසීටීවී කැමරා උපකාරී වනු ඇතැයිද පොලිසියට පහර දුන්නේ යැයි කියන කතාව අසත්‍යයක් විය හැකි බවද මෙම වාර්තාවේ දැක්වේ.

සාදයට සංගීතය සැපයූ කණ්ඩායමේ ප්‍රකාශයද පොලිසියේ ප්‍රකාශද නොගැලපෙන බවත් එවැනි බොහෝ නොගැලපීම්වලට හේතුව ඇඹිලිපිටිය පොලිසියේ සියලු දෙනාම තමන්ගේ බේරීම සඳහා පොදු අරමුණක් යටතේ ක්‍රියා කිරීම බවත් වාර්තාවේ දැක්වේ.

මෙතෙක් සිදුකළ පරීක්ෂණ අනුව සාදය පැවැති එම ගොඩනැගිල්ලේ ඝෝෂාකාරී තත්ත්වයක් හෝ ජංගම මුරසේවයට ගිය පොලිසියට එහිදී පහරදීමක් හෝ සිදුවී ඇති බවට පොලිසිය කියන කථා විශ්වාස කළ නොහැකි බවත් පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසී ය.

උපුටා ගැනීම - Asian Mirror








2016-01-18
Advertisement

Find us on Facebook