English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


නව පත්වීම්, ලේ පිපාසය සඳහා නොවිය යුතුය!

ලොල් බව පවෙකි. වියරුව ද පවෙකි. ලොල් බවින් හා වියරු වැටීමෙන් පසුව බූට් පහරේ සිට වෙඩි උණ්ඩය දක්වා සිය අතින් හා පයින් ගතේ හිරි යවාගනිමින් ලේ හැලෙන බිකරු සංදර්ශන ප‍්‍රසිද්ධියේ ම හා රහසිගතව ඉදිරිපත් කිරීම ද විශාල පාප කර්මයකි. කළ වරදට හෝ නොකළ වරදට සැක පිට නීතිය ක‍්‍රියාත්මක කරවීම සඳහා යැයි යකඩ මංචුවලට දෑත් හසුකරගන්නා අති බහුතරය රටේ සාමාන්‍ය පුරවැසියන්, මෙම මෘග පහරදීම් වලට හෝ මරාදැමීම්වලට බොහෝවිට ගොදුරුවන්නෝය. ඒ, අප රටේ පොලිසියේ ලොකු මහත්වරු අතිනි. වර්ථමාන පොලිස් සංස්ථාව, මෘගයින් වෙසෙන අධම ක‍්‍රියාපටිපාටියක් තුළ ක‍්‍රියාත්මක කෙරෙන, වියරු වැටුණු කාලකණ්නින් පිරිසක් , අලුගෝසුවන් රැළක් , ජරාව කන තක්කඩි නඩයක් ජිවත්වන සංස්ථාවක් බවට පත්වී ඇතැයි යන්න මහජන මතයයි.

මහජන අපේක්‍ෂාව

සමස්තයක් ලෙසට එවන් පොලිසිය තුළ, යම් යම් තනතුරු වෙනස් වී ලොකු පුටුවලට අලූත් මුහුණු පැමිණ නව පෙරළියක් සිදුවෙන්නට යන ආරංචියක් පිළිබඳව වාර්තා වෙයි. මෙම නව පුටු මාරුව තුළින්වත් ශ‍්‍රි ලංකා පොලීසිය නැමැති සංස්ථාව/ආයාතනය තුළ තවමත් නිම නොවී පවතින අහිංසක මිනිසුන්ගේ ලේ හෙලන්නට ඇති පිපාසය, වරදකරුවන් හෝ සැකපිට අත්අඩංගුවට ගෙන පොලීසිය තුළට රැගෙන ආවිට ඔවුන් වෙත එල්ල කරනු ලබන අධම වධහිංසා සම්භාරය හා ඔවුන් පිළිබඳව ප‍්‍රකාශ කරනු ලබන මුසා බස්, පොලිස් ස්ථාන වලින් මුලුමනින් ම නැතිවී යන්නට සැකසෙන පරිසරයක් හැදේවා කියා ප‍්‍රෘතග්ජනයින් ප‍්‍රාර්ථනා කරතිි. පොලීසිය තුළ, කැලේ සිටිය යුතු මස්වැද්දන් සිටිය නොයුතු යැයි ප‍්‍රෘතග්ජනයින් කියති.

ශ‍්‍රි ලංකාවේ පමණක් නොව ලොවේ කොහේ පොලිසියෙනුත් හමුදාවකිනුත් ආරක්‍ෂක අංශයකිනුත් එරට මහජනතාව අපේක්‍ෂා කරන්නේ ආරක්‍ෂාවයි. ප‍්‍රශ්නයට විසඳුමයි. වරදක් කර ඇත්තේ නම් පරීක්‍ෂණ පවත්වා ඊට සුදුසු දඬුවම් ලබාදීමයිි. එසේ නැතිව වධ හිංසා පැමිණවීම්, පහරදීම් සහ මරාදැමීම් නොවෙයිි. ඔවුන් ගැන සිය ඥාතින් හට මුසාබස් පැවසීම නොවෙයි. පොලීසිය සැමට ම මිත‍්‍රශීලි කාරූණීක රැකවරණය පැතිය හැකි උසස් ආයාතනයක් විය යුතුය.


නව පත්විම්

ශ‍්‍රී ලංකා පොලීසිය තුළ මේ වන විට තනතුරු කිහිපයක් සඳහා පුරප්පාඩු පවතින බවත් ඒවා සම්පුර්ණ කිරීම සඳහා ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය ලබාගැනිමට පොලිස්පතිවරයා විසින් නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් ඉදිරිපත්කර ඇති බවත් පොලිස් කොමිසමේ අනුමැතිය ලද වහාම එම පුරප්පාඩු සම්පුර්ණ කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය ඊයේ (ජනවාරි 17) නිවේදනයකර තිබිණි.  

මෙසේ පුරප්පාඩු වී ඇති පොලිස් තනතුරු අතර, පොලිස් පරීක්‍ෂක තනතුරු 521ක් ද පොලිස් සැරයන් තනතුරු 1861ක් ද කාන්තා පොලිස් පරික්‍ෂක තනතුරු 53ක් ද කාන්තා පොලිස් සැරයන් තනතුරු 567ක් ද පොලිස් සැරයන් රියදුරු තනතුරු 275ක් ද වන බව සඳහන් කරයි.
 
නිලයේ වගකීම

මෙම තනතුරු පිරවීමේදි පහළ සිට ඉහළට උසස්වීම් ලබන පොලිස් නිළධාරීන් සිය හෘදය සාක්‍ෂිය විමසා බලා, පහළ නිලයේදි සිය කාකි නිල ඇඳුම ඇඟලාගෙන සිදුකළේ නම් කුමන හෝ අධම මෘග පාපිෂ්ට ක‍්‍රියාවන් ඒවා පිළිබඳව අතීතාවර්ජනයකට එළඹී, අවම වශයෙන් ස්වයං පසුතැවිල්ලකින් යුතුව ඒ හපුටු ගති අධම ක‍්‍රියා නැවත ක‍්‍රියාත්මක කරන්නේ නැත යන පිරිසිදු චේතනාවෙන්, දැඩි ආත්ම සංයමයකින් යුතුව තමන් ඉදිරියේ ඇති නව වගකීම් භාරගත යුතුය.

සමාජයේ වෙසෙන සියලූම තරාතිරමේ මිනිසුන්ට හා වරදකරුවන්ට, මිනිසුන්ට සේ සළකන හා වගකියන, වගකීම් සේ සිය නව ධූරයන් භාරගත යුතුය.
 
පොලිසිය නැමැති ආයාතනයේ නීතිය සහ සදාචාරයට ගරුකරන එය අකුරට ඉටුකරමින් මහජනතාවට සේවය කරන නිළධාරීන් මිස මහජනතාව ආණ්ඩුකරන , මහජනතාව සදාකාලික අබ්බගාතයින් කරන වරදකරුවන් හෝ නිවරැදිකරුවන් මිය පරලොව යවන, අලුගෝසුවන් සිටින ආයාතනයක් නොවන්නට වගබලා ගතයුතුය. මන්ද, මෙසේ සිදුකළ එවන් නීච ක‍්‍රියාවන් සමාජය තුළ තවමත් දෝංකාර දෙමින් පවතියි. දැනටත් සිදුවෙමින් පවතියී.


එවන් සිද්ධීන් කිහිපයක් ගතහොත්ඃ 2011 කටුණායක දි විශ‍්‍රාම වැටුප් අරගලයේදී රොෂේන් ශානක තරුණයා ඝාතනය කිරීම ඇතුළු 300 දෙනෙකුට පමණ තුවාල කිරීම හා අබ්බගාතයින් බිහිකිරීම, 2013 රතුපස්වෙල ජල උද්ඝෝෂණයේදි අහිංසක ජීවිත තුනක් ඝාතනය කිරීම සහ අබ්බගාතයින් බිහිකිරීම, 2013 අනුරාධපුරයේ මධුෂ්ක හරිෂ් ද සිල්වා  පැහැර ගැනීම සහ අතුරුදහන් කිරීම සහ ඔහුගේ බිරිඳව බියගැන්වීම්, 2014 කන්දකැටිය සදුන් මාලිංග ඝාතනය(පොලිසිය ඇතුලත වධහිංසා තුළින්), 2014 රිකිල්ලගස්කඩ ධමිත බුද්ධිකට පහරදී තුවාල සිදුකිරීම, 2015 සරසවි සිසුන්ට පහරදී බරපතල තුවාල සිදුකිරිම, 2015 සේයා සඳෙව්මි දැරියගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරු වධහිංසාකර බොරු සාක්‍ෂියකට අත්සන් ගැනීම(පොලිසිය තුළදී), 2016 ජනවාරි මස 05 දා ඇඹිලිපිිටියේ සුමිත් ප‍්‍රසන්න ජයවර්ධන තරුණයාගේ ඝාතනය(වධ හිංසා) සිද්ධීන් ඇතුළු පොලිසිය විසින් දියත්කළ නීතිවිරෝධි සදාචාරයට පටහැනි සාහසික සිද්ධින් රැසක් ඇත.

ඉඳින්, පොලිසිය නැමැති ආයතනය/සංස්ථාව තවදුරටත් ලේ පිපාසය සඳහා නොව, මිණීකන බල්ලන් හෝ පිස්සු බල්ලන් සඳහා නොව, එවන් ලේ පිපාසාවන්ගෙන් පෙළෙන, මිණීකන බල්ලන් හෝ පිස්සු බල්ලන් ගෙන් සහ අධම යක්‍ෂයින්ගෙන් හා වියරු ක‍්‍රියාවන්ගෙන් රටේ පුරවැසියන් බේරා ගැනීමට ත් ඔවුන් කෙරෙහි යුක්ති සාධාරණය ඉටුකර දීමට ත් සහ සමාජය තුළ සාමය ආරක්‍ෂා කිරීමටත් සඳහා වන, වගකියන සහ වගවන නීතිගරුක ආයාතනයක් විය යුතුය. නීතිගරුක පොලීසියක් ලෙසට ක‍්‍රියාත්මක විය යුතුය.

එපමණක් ම පමණක්, මහජනතාව පොලීසියෙන් ද එකී ආයාතනයෙහි පොඩි නිල, ලොකු නිල යන සියළුම නිළධාරීන්ගෙන් ද අපේක්‍ෂා කරති.

-  මෙලනි මානෙල් පෙරේරා



2016-01-18
Advertisement

Find us on Facebook