English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ගැන අගමැති මෙසේ කියයි !


රටෙත් රටේ ජනතාවගෙත් දියුණුව සඳහා බිහිකරන්නට යන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සඳහා සමස්ත රටම එ්කරාශිකර ගනිිමින් සකස් කරන බව අගැමැති රනිල් වික‍්‍රමසිංහ ඊයේ (ජනවාරි 17) විශේෂ ප‍්‍රකාශයක් කරමින් කියා සිටියි.

ලෝකයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා සමාජ ජාලා වෙබ් අඩවි යොදා ගන්නා මුල්ම අවස්ථාව මෙය විය හැකි බවත් 21වැනි සියවසට ගැලපෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසිය යුතු බවත් ඒ තුළ රට බෙදීමක් හෝ රටේ ඒකිය භාවය වැනසීමක් හෝ බුද්ධාගමට හිමි තැන අහිමි කිරීමක් හෝ රජයේ යෝජනා තුළ අඩංගු නොවන බවත්  ඕනෑම කෙනෙකුට,  ඕනෑම පක්‍ෂයකට සංශෝධන ඉදිරිපත් කළ හැකි බවත් අගමැති වික‍්‍රමසිංහ පවසයි.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සැකසීම සඳහා ප‍්‍රධාන දේශපාලන පක්‍ෂවල අදහස් පමණක් නොව අනෙකුත් දේශපාලන පක්‍ෂ අදහස් මෙන්ම විශේෂයෙන් රටේ අනාගතය භාරගන්නට සිටින තරුණයින්ගේ අදහස් ඉතා  ඕනැකමින් අපේක්‍ෂා කරන බවත් ඒ සඳහා ට්විටර් ෆැක්ස් සමාජ ජාලා වෙබ් අඩවි වැනි  ඕනෑම මාධ්‍යයකින් ඔවුන් ලබාදෙන අදහස් භාරගැනීමට ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය සුදානම් යැයි අගමැතිවරයා දන්වා සිටියි.

එසේම අගමැතිවරයා මෙසේ ද සඳහන් කරයි, "දේවදත්තයා බුදුගුණ ගායනා කරන ආකාරයෙන් මාහාචාර්ය ජී ඇල් පිරිස්ගේ ජුන්ටාවේ මත වලට වඩා සියලූම පක්‍ෂ හා සංවිධාන සමඟ සාකච්ජා කර නව ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීම මගේ අරමුණයි."

- මෙලනි




2016-01-18
Advertisement

Find us on Facebook