English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


නව ව්‍යවස්ථාව සදහා මහජන අදහස් ලබා ගැනීම ජන 18 සිට
සිවිල් සමාජය ඇතුලු අනෙකුත් ප්‍රගතිශීලී මිනිසුන් විසින් කාලයක සිට කරනු ලැබු ඉල්ලීමක ප්‍රතිපලයක වශයෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගොඩනැගීමට අවශ්‍ය මුල් පියවර මේ රජය විසින් දැනටමත් ආරම්භ කර තිබේ. නව ව්‍යවස්ථාව සැකසීම සදහා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් එක් කමිටුවක් ද නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථා කෙටුම්පත් සදහා කමිටුවක් හා නව ව්‍යවස්ථාව සදහා මහජන අදහස් ලබාගැනීම සදහා  නීතිඥ ලාල් විජේනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුව ඇතුලු කමිටු 3 ක් මේ වන විට පත්කර තිබේ.

මින් පෙර සකස්කරනු ලැබූ 1972 හා 1978 ව්‍යවස්ථාවන් සදහා මහජන අදහස් ලබා ගැනීමක් සිදු නොවූ අතර, එම අඩුපාඩුව මගහරිමින් මෙවර ව්‍යවස්ථා සම්පාදනයේ දී මහජන අදහස් ලබා ගැනීම සදහා ප්‍රමුඛත්වය ලබා දීම අගය කල යුතුව තිබේ.

මෙම ක්‍රියාවලියේ මුල්පියවර ලෙස නව ව්‍යවස්ථාව සදහා මහජන අදහස් ලබා ගැනීම ජනවාරි 18 සදුදා ආරම්භ වන අතර, එය කොළඹ 02, විසුම්පායේ පිහිටි නව ව්‍යවස්ථාව සදහා අදහස් ලබා ගැනීමේ කාර්යාලයේ දී ආරම්භ වේ. මේ සම්බන්ධව මහජන අදහස් ජනවාරි 18,19 සහ 20 වන දිනයන් හි දී උදේ 9.30 සිට සවස 3.00 දක්වා විසුම්පායේ දී ලබා දිය හැක.

මීට සමගාමීව නිදහසේ වේදිකාව හා වීදියේ විරෝධය විසින් මේ පිළිබද මහජන උන්දුව හා අවබෝධය ඇති කිරීම සදහා සිවිල් සමාජ කතිකාවක් ආරම්භ කර ඇති අතර එහි පලුමු පියවර ජනවාරි 22 වන දින ගාල්ල නගර සභා ශ්‍රවණාගාරයෙන් ආරම්භ කෙරේ. ඉන් පසුව මාතර තැපැල් කාර්්‍යාලීය සංකීරණයේ දී ජනවාරි 23 වන දින පැවැත්වෙන අතර ජනවාරි 24 හම්බන්තොට විහාර මහාදේවී ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.


 




2016-01-17
Advertisement

Find us on Facebook