English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


යහපාලනයේත් ගෙවලයන් ,තක්කඩියන් වන්දිබට්ටන් ඉන්නවා


යහපාලනයේත් ගෙවලයන් ,තක්කඩියන් වන්දිබට්ටන් ඉන්නවා .මෛත්‍රිගේ වර්ෂ පූර්ණ ගීය වසරේ හොදම “ගොං පාට් ” එකයි !

මේ වන විට රට තුළ සිටින අවස්ථාවාධින්ගේ තක්කඩිකම් නිසා රට තුළ සිදුවන දේවල් සෝචනීය බව සාධාරණ සමාජයක් සදහා වූ ජනතා ව්‍යාපරයේ කැදවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය පවසයි .ඔහු මේ බව කියා සිටියේ , හුදකලාව නැමැති ග්‍රන්තය එළිදැක්වීම වෙනුවෙන් ඊයේ (13) කොළඹ පැවති උත්සවයකට එක් වෙමින් .

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ හාචාර්ය සරත් විජේසුරිය,

කලදුටුකල වලෙහිය ගන්නා අවස්ථාවාධින්ගේ තක්කඩිකම් හා පටු න්‍යායපත්‍ර ඔස්සේ කටයුතු කරන උදවිය නිසා සිදුවන දේවල් සෝචනීයයි.එහි ප්‍රබල සංකේතයක් ලෙස පලමු වසර සැමරීම වෙනුවෙන් ජනාධිපතිවරයා වැඩවසම් චින්තනයේ සායම්වලින් නැහැවීමට හදා තිබූ ඉකුත්සාජනක සිංදුව දැක්විය හැකි. රජයේ ආයතන වල අනුග්‍රහය ලබමින් පුවත්පත් පිටු පුරා පළ කර තිබූ දැන්වීම් කන්දරාව දැක්විය හැකිය. ජනාධිපතිවරයා දිවුරුම් දුන් අන්දම පුරවැසියන් තුළ ඇති කළේ ප්‍රහර්ශයක්, ප්‍රචාරක දැන්වීම් වලට රජයේ මුදල් වියදම් නොකරන බවට ජනාධිපතිවරයා දුන් ප්‍රතිඥඥව පුරවැසියන්ගේ ගෞරවයට ලක් වුණා.

වසරක් ගෙවී යන විට දකින්නට ලැබුනේ විදහපෑ ආදර්ශය හා ප්‍රතිඥඥවන් කඩකල බව , එසේ නම් අර ගොං පාට් සිංදුව හැදීම හා රජයේ මුදල් වලින් දැන්වීම් පළ කිරීම යන ආදිය සිදු වුයේ කෙලෙසින්ද? ඒවා කරන්නේ කවුරුන්ද? ඒවා කරන්නේ ගෙවලයන්ගේ සිටින වන්දි බට්ටන් හා තක්කඩින්‍ ය. මහා අධිකරණ විනිසුරුවකු මෙහෙකාරියට පහර දී හිරිහැර කළ බවට පැමිණිල්ලක් ඔස්සේ නඩුවට ඔහු තවම නඩු අහනවා. නඩුකාරයෙකු නීතියට පටහැනිව අලි පැටව් ඇති කරනවා. ක්‍රෙඩිට් කාඩ් වලින් ණයකාර ලෙස මුදල් සොරකම් කළ නඩුකාරයෙකුත් නඩු අහනවා. නීතියට අදාල බව කියන තරුණ මන්ත්‍රිවරියක් නිල වාහනයකින් පුද්ගලයෙකු පැහැරගෙන ගෙන ගිය බවට චෝදනා ලබාගෙන තියෙනවා. අධිකරණයට ගල් ගැසූ මහජන නියෝජිතයෙකු රටේ වැදගත් ආයතන ගණනාවක් සමඟ අමාත්‍ය පදවියක් පිරිනමා තිබෙනවා. රටේ සිදු වුන අපරාධ වසන් කර ගැනීමට නීතිය හසුරවන තත්වයක් අද දක්නට තිබෙනවා. අපමණ නිදසුන් තවත් දැක්විය හැකි. උත්ප්‍රාසය නම් යහ පාලන ආණ්ඩුවේ අධිකරණ ඇමතිවරයා සම්බන්ධයෙන්ද චෝදනාද මේ වන විට වාර්ථා වී තිබීම, නීතිය සෑම පුරවැසියෙකුටම එක සමාන නොවන සාධාරණ නොවන රටක යහ පාලනය ගොඩනැගීමට හැකි වේද?


උපුටා ගැනීම - Lanka News Alert
                                                                                 Melani








2016-01-15
Advertisement

Find us on Facebook