English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


පොලීසිය මහජනතාවගේ සහයට ද? නැතිනම් ඔවුන් ඝාතනය කරන්නට ද? ඝාතකයින් රකින්නට ද ? - 1

ඇඹිලිපිටියේ් තරුණයාගේ සුප‍්‍රසිද්ධ ඝාතනය සිදුවි ඇත්තේ කෙසේද යන්න පිළිබඳව මේ වන විට අන්තර්ජාලය හරහා විවෘතව තිබෙන යු ටියුබ් මෙවලම් ඔස්සේ යම්කිසි අවබෝධයක් ලබාගත හැක. එහි, ලේ වැගිරී ගොස් ඇති ආකාරය, පොලිසිය විසින් කෙසේ මෙම තරුණයා හට වධ හිංසාකර ඇත්ද යන්න මනාව පෙන්නුම් කරයි. වධහිංසා කිිරීමේ හා ඝාතනය කිරීමේ බලපත‍්‍රය පොලීසිය තවමත් යහපාලනය තුළ ද කිසිදු හිරිකිතයකින් චකිතයකින් තොරව භාවිතා කරන බව මින් ඉතා හොඳින් පෙන්නුම් කරයි. වැරදිකරුවෙකු වු සැණින් කිසිවෙකු මරාදැමිමට ලෝකයේ කොහේවත් බලපත‍්‍ර ලබාදී නොමැත.

ඊතලය නිවුස් ඩොට් කොම්....
https://www.youtube.com/watch?v=s9hUDUibqLU

http://sinhala.asianmirror.lk/videos/207-video
 

මේ අතර ඇඹිලිපිටියේ තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්‍ෂණය සඳහා පොලිස් ප‍්‍රකාශකගේ අනවශ්‍ය අතගැසීමක් සිදුවන බවත් එමගින් එහි ඝාතකයින් ආරක්‍ෂා කිරීමේ ප‍්‍රයත්නයක් සිදුවෙමින් පවතින බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රි අනුර කුමාර දිසානායක ප‍්‍රකාශ කරයි.


මෙම සිද්ධිය සිදුවු වහාම සිද්ධියේ ඝාතකයින් ආරක්‍ෂා කිරිමට ඔහු ප‍්‍රකාශ නිකුත් කළා යැයි සඳහන් කළ මන්ත‍්‍රි අනුර කුමාර දිසානායක, ‘සිද්ධිය වූ වහාම මුළුමනින්ම ඝාතකයන් ආරක්ෂා කරන ප්‍රකාශ තමයි ඔහු අතින් සිදු වුනේ. ඒ පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් සිදු කිරීම ගැන කල්පනා කරලවත් නැති අවස්ථාවක තමයි ඒ ඝාතනයේ ස්වභාවය ගැන ඉතාම වැරදි තොරතුරු පෙන්නුම් කරලා තියෙන්නේ. ඒ නිසා ඔහුගේ මැදිහත් වීම තුළ පෙනී යනවා එය ඝාතකයන් ආරක්ෂා කිරීම සඳහා දියත් වී ඇති ක්‍රියාදාමයක් බව.’  යනුවෙන් බීබීසී සංදේශයට ප‍්‍රකාශකර ඇත.

මෙම දෝෂාරෝපණයට පිළිතුරු ලබාදී ඇති පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසා ඇත්තේ මීට පෙරදීත් මෙවැනි මහජන කැළඹීම් අවස්ථාවලදි අධිකරණයට සහය දැක්වීම සඳහා පොලිස්පතිවරයා විසින් තමන් රනු
ලැබ ඇති බවකි. 


මාධ්‍ය ප‍්‍රකාශකගේ මෙම පිළිතුර යන්නෙ කොහෙද මල්ලේ පොල් වැනිය. කෙසේවෙතත්, මෙම සාපරාධී සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය භාර ඇමතිවරයාද පොලීසිය ආරක්‍ෂා කිරීමින් පාර්ලිමේන්තුවේදි ප‍්‍රකාශයක් ඉදිරිපත් කළේ යැයි දිසානායක මන්ති‍්‍රවරයා සඳහන් කළේය.


මෙලනි



2016-01-15
Advertisement

Find us on Facebook