English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


හඬක් නැති අයෙකුවෙනුවෙන් හඬ නැගිය නොහැකිද ?

         සරත් ඉද්දමල්ගොඩ පියතුමා

"මේ සම්බන්ධයෙන් ඔබතුමිය ඉල්ලීමක් කරනවා නම් වඩාත්ම හොඳයි. මේ ඉදිරිපත්කරපු කොමිසම පිළිබඳව වාර්තාවක් දෙනවාද නැද්ද කියන එක ඔබතුමියට තමයි අපිට උත්තර දෙන්න පුළුවන්. වෙනත් කණ්ඩායම්වලට උත්තර දෙන්න අපි බැඳිල නැහැ.”


මෙවැනි වැදගත්කමෙක් නැති ප‍්‍රකාශයක් කරනු ලැබුවේ ජනාධිපති අතිරේක ලේකම්වරයා විසිනි. ඒ, කටුණායක වෙළෙඳ කලාප භුමියේදි කම්කරු විශ‍්‍රාම වැටුප සම්බන්ධයෙන් පැවති උද්ඝෝෂණ මාලාවේ දී වෙඩි වැදි ජීවිතක්‍ෂයට පත්වුණු රොෂේන් ශානක සම්බන්ධ මහානාම තිලකරත්න කොමිසමේ වාර්තාව පිළිබඳව නිදහස් වෙළෙඳ කලාප සහයෝගිතාවයේ සාමාජීකයින් ඔහු හමුවු අවස්ථාවේදිය.

හඬක් නැති අයවලූන් වෙනුවෙන් ක‍්‍රියාත්මක වීම සුළුකොට තැකු අතිරේක ලේකම්වරයාගේ මෙම පුදුම සහගත පිළිතුර සම්බන්ධයෙන් නිදහස් වෙළෙඳ කලාප සහයෝගීතාවයේ සාමාජික, සරත් ඉද්දමල්ගොඩ පියතුමා විසින් මෙසේ් ඔහු වෙත පැහැදිළි කිරිමක් සිදුකළේය.

"එදා සිද්ධියේ්දි හය දෙනෙකුට වෙඩි වැදුනා. තවත් තුන් හාරසියකට තුවාල සිදුවුණා. නමුත් මේ තුවාල ලැබුවන් පිළිබඳව රජය මෙතෙක් කිසිඳු වගකීමක් භාරගෙන නැහැ. ගිය ආණ්ඩුව ගත්තෙත් නැහැ , මේ ආණ්ඩුවත් නැහැ. මේ තුවාල ලැබු කිසිවෙකු සම්බන්ධයෙන් කිසිම පියවරක් නැහැ. නමුත් සත්‍යතාවය තමයි මේ මහනාම තිලකරත්න වාර්තාවේ තිබෙනවා මේ තුවාල ලැබු පුද්ගලයෝ ගැන සත්‍ය තොරතුරු. නමුත් රජයෙන් මේ සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක නැහැ.” කියා, කියානිමකරන්නට නොදුන් අතිරේක ලේකම්වරයා, ඒකට තමයි මේ කොමිසම පත්කරලා තිබෙන්නෙ යැයි පැවසීය.

අතිරේක ලේකම්වරයා ඉතාම ධනාත්මකව එසේ පැවසුව ද කියන්නට ඇත්තේ, එකී කොමිසම පත්කර වසර තුනක් ගෙවී ගොස් ඇති මුත් අද වන තෙක් කිසිඳු ආකාරයක පිළිතුරක් අදාළ වින්දිතයින් හට ලබා දී නොමැති බවයි.
   
මෙය බැරැරුම්ව සැළකිල්ලට ගන්නා ලෙසට වෘත්තීය සමිති නියෝජනය කරමින් පැමිණි සිටි ලීනස් ජයතිලක මහතා ඉල්ලා සිටියේය.

මෙලනි




2016-01-14
Advertisement

Find us on Facebook