English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


රොෂේන්ට මොකද වුණේ - පිළිතුරු සති දෙකකින් - ජනාධිපති අතිරේක ලේකම්


"මට සති දෙකක් කල් දෙන්න. අනිවාර්යයෙන්ම ඔබේ මේ ඉල්ලීමට පිළිතුරු එවනවා. නමුත් මා දන්නෙ නැහැ ඒ පිළිතුරෙන් ඔබ සෑහිමකට පත්වෙයි ද නැද්ද කියලා. කෙසේවෙතත් මම මේ ගැන කරුණු කාරණා සොයා බලා පිළිතුරක් එවනවා. ඊට අමතරව ඔබලාට රිසි  ඕනෑම දවසක මගේ මොබයිල් අංකයට ඇමතුමක් දීලා මාව හමුවෙන්න එන්න පුළුවනි.” යැයි ප‍්‍රකාශ කළේ ජනාධිපති අතිරේක ලේකම් එස්. ටී. කොඩිකාර මහතාය.

ඔහු එසේ ප‍්‍රකාශ කළේ අද (14) දහවල් නිදහස් වෙළෙඳ කලාප සහයෝගිතාවයේ සාමාජීකයින් 15 දෙනෙකු පමණ ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස්, 2011 මැයි මාසයේ 30 වනදා වෙඩි පහරකින් ජීවිතක්‍ෂයට පත් වුණු කටුනායක ආයෝජන ප‍්‍රවර්ධන කලාපයේ සේවක රොෂේන් ශානකගේ මරණය පිළිබඳව හිටපු ජනාධිපති විසින් පත්කළ මහනාම තිලකරත්න ඒකපුද්ගල කොමිසමේ වාර්තාව පිළිබඳව කරුණු දැනගන්නට අවශ්‍යය යැයි ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කළ අවස්ථාවේදිය.