English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


‘රොෂේන් වෙනුවෙන් අපි හෙට ජනාධිපති කාර්යාලයට’ - නිදහස් වෙළෙඳ කළාප සහයෝගීතාව

2011 වසරේදි විශ‍්‍රාම වැටුප් අරගලයේදි මරා දැමු රොෂේන් ශානක සොයුරා ඝාතනය කොට වසර පහකට ආසන්න කාලයක් ගතවී ඇති නමුත් එම සිදුවීම වෙනුවෙන් පත්කර තිබෙන මහානාම තිලකරත්න එ්ක පුද්ගල කොමිසම් වාර්තාව මේ වන තෙක් එළිදක්වා නොමැති බැවින් ඒ පිළිබඳව දැනගැනීම සඳහා හෙට එනම් ජනවාරි 14 වනදා පෙරවරු 10 යට ජනාධිපති ලේකම් කාර්යාලය වෙතට සිය එකතුව ගමන්කරන්නේ යැයි නිදහස් වෙළෙඳ කලාප සහයෝගිතාවය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
 
මහනාම තිලකරත්න වාර්තාව පිළිබඳව සාකච්ඡා කිරිම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙසට ලිපි 4ක් යවමින් ජනාධිපතිවරයාගෙන් ඉඩක් ඉල්ලා සිටිය ද ඊට කිසිඳු ප‍්‍රථිචාරයක් නොලැබුණු බැවින් මෙවැනි පියවරක් ගත්බව එම නිවේදනයේ සඳහන් වෙයි.



වසර පහක් පමණ ගතවී ඇති මෙම සිද්ධිය සම්බන්ධව නිශ්චිත පිළිතුරක් ලබාගැනීම  සඳහා එළඹෙන හෙට දිනයේදි රොෂේන් ශානක ගේ පවුලේ සාමාජීකයින් හා නිදහස් වෙළෙඳ කලාප සහයෝගීතාවයේ සාමාජීකයින් ජනාධිපති කාර්යාලයට පැමිණෙන බවත් නිශ්චිත පිළිතුරක් ලැබෙන තෙක් එම ස්ථානයේ රැඳී සිටින්නට තීරණය කරඇති බවත් නිවේදනයේ සඳහන් වෙයි.

2016 ජනවාරි මස 07 වෙනිදා දාතමින් යුතුව මෙම පියවර සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය දැනුවත්කර ඇතිබවද එම නිවේදනය වැඩිදුරටත් සඳහන් කරයි.


ඡායාරූප සහ සටහන - මෙලනි



2016-01-13
Advertisement

Find us on Facebook