English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


නව ව්‍යවස්ථාව - මහජන අදහස් විමසීම 18 වනදා සිට

වර්ථමානයේ දී රටේ න්‍යාය පත‍්‍රය තුළ ප‍්‍රමුඛතාවය ලබාදී තිබෙන එක් ප‍්‍රධාන කාර්යයක් වනුයේ රටට ගැලපෙන නව ව්‍යවස්ථාවක් සකසා ගැනීමයි. මෙවැනි ව්‍යවස්ථාවක්  අවශ්‍යවන්නේ පාලකයින්ගේ් පීඩාවෙන් ජනතාව ආරක්‍ෂාකර ගන්නට යැයි මහජන අදහස් ලබාගැනීමේ කමිටුවේ සභාපති අධිනීතිඥ ලාල් විජේනායක පවසයි.

 
නව මුහුණුවරක් ගනිමින්, මහජනතාවගේ අදහස් විමසමින් සකස්කරන්නට සුදානම්වන මෙම නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මහජනතාවගේ සත්‍යය අදහස් මොනවාද යන්න විමසීම මේ මස 18 වනදා සිට, එනම් ලබන සදුදා සිට ආරම්භ කරන බව විජේනායක මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදි ප‍්‍රකාශ කළේය.

ඒ අනුව කොළඹ දිස්ත‍්‍රික්කය සඳහා වන මහජන අදහස් විමසීම, ලබන 18 වන දා සිට 22 වනදා දක්වා පෙරවරු 9.00 සිට ඉසුරුපාය ගොඩනැගිල්ලේදි පැවැත්වෙන බවත් මේ සඳහා කොළඹ අවට  ඕනෑම පුද්ගලයෙකුට පැමිණ අදහස් ලබාදිය හැකි බවත් ඔහු දන්වා සිටියේය.

ඡන්ද ක‍්‍රමය, බලය බෙදාහැරීම සහ කාන්තා නියෝජනය වැඩිකිරිම පිළිබඳව ද සිවිල් සංවිධාන නියෝජිතයින් විසින් අදහස් දැක්වු මෙම දැනුවත් කිරීම කොළඹ ජාතික පුස්තකාලයේදී ඊයේ (12) පවත්වන්නට යෙදුණි.

මාධ්‍ය හමුව කැඳවීම, "ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා වෙනසකට පුරවැසි ප‍්‍රයත්නය" ලෙසට එක්වු සිවිල් සංවිධාන කිහිපයක් විසිනි.

-මෙලනි
ඡයාරූපය - ශ‍්‍රිලංකා මිරර්




2016-01-13
Advertisement

Find us on Facebook