English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අපට ඕනේ බලහත්කාර අතුරුදහන් කිරීමට ගොදුරුවූවන්ගේ සත්‍යය
ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිද වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය සහ අතුරුදහන්වුවන්ගේ ඥාතීන් විසින් අද (12 වැනිදා) කොළඹදී විරෝධතාවක් පවත්වනු ලැබුවේය.

ඔවුන් ප්‍රකාශ කර සිටියේ ජනාධිපති පදවි ප්‍රාප්තියට වසරක් ගතවුවද අතුරුදන්වුවන් සම්බන්ධව කිසිදු සාධාරණයක් මේවන තෙක් ඉටු වී නොමැති බවයි.

විරෝධතාවයෙන් අනතුරුව මෙම පිරිස අතුරුදන්වූවන් වෙනුවෙන් සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා පෙත්සමක් භාර දීමට පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යෑමට පිටත්වුයේය.

කෙසේ වෙතත් පාගමන අතරමගදී පොලිසිය මැදිහත්ව මෙම පිරිස වාහන මගින් එම ස්ථානයට රැගෙන යනු ලැබුවේය.

ඔවුන් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා වෙත පෙත්සමක් යොමු කරමින් ඉල්ලා සිටින්නේ අතුරුදහන්වීම් පිළිබදව සත්‍ය හා සාධාරණය ඉටු කරන මෙන් හා අතුරුදහන්වූවන්ගේ පවුල් වලට සාධාරණය ඉටු කරන ලෙසයි.

ඡායාරූප-රොෂාන් චතුරංග

http://www.sinhala.srilankamirror.com

Disapiyarance 600px 12 01 16




2016-01-12
Advertisement

Find us on Facebook