English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ජයග‍්‍රහණයට වසරයි
මේ රටේ ප‍්‍රගතිශීලී ජනතාව විසින් 2015 ජනවාරි 08 පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂගේ අත්තනෝමතික ඒකාධිපති රජය පෙරලා 2016 ජනවාරි 08 වන දිනට වසරක් සැපිරේ. මෙම ඓතිහාසික ජයග‍්‍රහණය සදහා දකුණේ මෙන්ම උතුරු නැගෙනහිර වෙසෙන දෙමළ හා මුස්ලිම් ජන කොටස් පටු සීමාවලින් ඔබ්බට ගොස් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැකගැනීම ස`දහා විශාල දායකත්වයක් සපයනු ලැබීය.

¥ෂණ වංචා හා අපරාධ මර්ධනය සම්බන්ධවත්, ආර්ථික හා සංවර්ධන කි‍්‍රයාවලියේ දී රජය අනුගමනය කරනු ලබන ප‍්‍රතිපත්ති සම්බන්ධව විවිධ විවේචන රජය වෙත එල්ල වී ඇතත්, ජාතිවාදයට එරෙහිව ජාතික සමගිය ගොඩනැගීම හා ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතින් සුරක්ෂිත කිරීම සම්බන්ධව රජය ගෙන ඇති නිර්භීත පියවරයන් පිළිබදව විශේෂයෙන් සිවිල් සමාජයේ් ප‍්‍රසාදය තවමත් රජය වෙත ලැබෙමින් තිබේ.

විවිධ බාදා කිරීම් මධ්‍යයේ සම්මත කරනු ලැබූ 19 ව්‍යවස්ථා සංශෝධනය, එම`ගින් විධායක බලය සීමා කර ස්වාධීන කොමිෂන් සභාවන් බලාත්මක කිරීම, වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පණත, ෙඖෂධ පණත සම්මත කිරීම, රජය විසින් අතුරුදහන්කරවීම් මානව වර්ගයාට එරෙහි අපරාධයක් බවට එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥ්ඥප්තියට අත්සන් තැබීම හා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකරන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීම ස`දහා පියවර තැබීම වැනි කාරණා ගත් විට මෙරට සිවිල් සමාජය අවුරුදු 30කට ආසන්න කාලයක් සිට ඉල්ලා සිටි වැදගත් දේශපාලන ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් නව රජය පලමු වසර තුලදි සාර්ථක ලෙස කටයුතු කර තිබේ.

නමුත් නව වසර 2015 ටත් වඩා අභියෝගාත්මක වසරකි. ජනවාර්ගික ගැටලූවට ස්ථිරසාර විසදුම් ලබා දිය හැකි දේශපාලන බලය බෙදාහැරෙන, මානව හිමිකම් ඇතුලූ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතිවාසිකම් තව දුරටත් තහවුරු කෙරෙන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීමත්, ඊට දකුණේ ජනතාවගේ කැමත්ත ලබා ගැනීමත් අප හමුවේ ඇති එම බලවත් අහියෝගයයි. ඒ ස`දහා වර්තමාන සිවිල් සමාජය පැරණි සිතුවිලි හා උපාය මාර්ගයන්ගෙන් ඔබ්බට ගොස් මෙම අභියෝගයට මුහුණ දීම ස`දහා නව මං සෙවීමට කාලය එලැඹ තිබේ.  

 පිලිප් දිසානායක

   
 

 




2016-01-04
Advertisement

Find us on Facebook