English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අපේ පරපුරට හිමිවන අවසන් අවස්ථාව
නිදහසින් පසු බලයට පත් වූ රජයන්ට එරෙහි සන්නද්ධ නැගීටීම් තුනක් ප‍්‍රධාන වශයෙන් රට තුළ ඇති විය. ඉන් දෙකක් ශී‍්‍ර ලංකාවේ දකුණු ප‍්‍රදේශ මුල්කර ගනිමින් ඇරඹි අතර, ඊට නායකත්වය ජනතා විමුක්ති පෙරමුණ විසින් ලබා දෙන ලදී. අවුරුදු 30කට ආසන්න කාලයක් තිස්සේ උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශ මුල්කරගෙන පැවති නැගිටීම් වලට එල්ටීටීඊ සංවිධානය නායකත්වය සැපයීය. මෙම නැගිටීම් පසු කලක ප‍්‍රචන්ඩත්වය කරා යොමු වූ අතර, එය විරුද්ධවාදීන් ඝාතනය කිරීම දක්වා වර්ධනය වී පසුව රාජ්‍ය බලය අත්පත් කරගැනීමේ සන්නද්ධ කි‍්‍රයාමාර්ගයක් දක්වා වර්ධනය විය.  

1971 ක වසරේ දී ඇති වූ මෙම මුල් නැගිටීම රජය විසින් තම සන්නද්ධ බලය පාවිච්චි කරමින් මර්ධනය කරනු ලැබීය. එහි දී අත්අඩංගුවට පත් වූ තරණයන් කෲර ලෙස වධහිංසා පැමිණවීමේ සිට ඔවුන් නීති විරෝධී ලෙස ඝාතනය කිරීම හා අතුරුදහන්කරවීම් දක්වා කි‍්‍රයාමාර්ගයන් එවකට පැවැති රජයන් විසින් ගනු ලැබීය. මෙහිදී ඝාතනය වු හෝ අතුරුදහන්වූ යැයි ස`දහන් ප‍්‍රමාණය නිළ වශයෙන් තවමත් ප‍්‍රසිද්ධ වී නොමැති වුවත් එම ප‍්‍රමාණය 5000 කට ආසන්න යැයි නිල නොවන වාර්තාවන් හි ස`දහන් වේ.

ඉන් අවුරුදු 18 පමණ පසුව එනම් 1988/89 කාල වකවානුවේ නැවත එවැනිම තරුණ නැගිටීමක් දකූණු ප‍්‍රදේශය මුල්කරමින් ඇරඹිණි, එම නැගීටීම 1971 ටත් වඩා ඉතා කෲර සහ ප‍්‍රචන්ඩ විය. 1971 දී පැවැති රජය කි‍්‍රයා කළ ආකාරයටත් එහාට ගොස් පැවති රජය විසින් එම කැරැුල්ලත් ඉතා කෲර අන්දමින් මර්ධනය කරනු ලැබීය. 60,000 කට ආසන්න තරුණ තරුණියන් ප‍්‍රමාණයක් එම වකවානුවේ දී අතුරුදහන්වු බවට නිල නොවන සංඛ්‍යා ලේඛන පෙන්වා දුන් අතර මේ පිළිබදව සොයා බැලීම ස`දහා රජය විසින් පසුව පත්කරනු ලැබු ජනාධිපති කොමිසම වෙත 27,000කට ආසන්න ප‍්‍රමාණයක් එම වකවානුවේ දී අතුරුදහන් වු බවට වාර්තා විය.

මේ අතර 1979 සිට 2009 වසර දක්වා අවුරුදු 30 කට ආසන්න කාලයක් තිස්සේ උතුරේ තරුණයන්ගේ නැගිටීම් ගණනාවක් වරින් වර වාර්තා වු අතර එම නැගිටීම් ද ක‍්‍රමයෙන් ප‍්‍රචන්ඩත්වය කරා යොමු විය. වරෙක එම ව්‍යාපාරයත් විරුද්ධාවදීන් ඝාතනය කිරීම දක්වා ප‍්‍රචන්ඩ වී පසුව වෙනම රාජ්‍යයක් ලබා ගැනීම දක්වා වු සිවිල් යුධ කි‍්‍රයා මාර්ගයක් දක්වා එම කැරැුල්ල පරිවර්තනය විය. මින් පෙර දකුණේ කි‍්‍රයාත්මක වූ ආකාරයට රජය විසින් මෙම අරගලයත් රජ්‍ය බලය යොදා මර්ධනය කරනු ලැබූ අතර එසේ මර්ධනයට පත් වූ ප‍්‍රමාණය පිළිබදව නිළ සංඛ්‍යා ලේඛනයක් තවමත් හෙලි වී නොමැත. නමුත් දකුණේ කැරලි මර්ධන අත්දැකීම් මත එය දකුණේ සිදු වු මර්ධනයේ ප‍්‍රමාණය මෙන් දෙතුන් ගුණයක් විය හැකි බවට බොහෝ දෙනාගේ විශ්වාසයයි.  

දකුණේ මෙන්ම උතුරේ ඇති වූ මෙම තරුණ නැගිටීම් මර්ධනය කිරීමෙන් පසුව, ජාතික මෙන්ම විශේෂයෙන් ජාත්‍යන්තරව ඉදිරිපත් වූ ඉල්ලීම් හේතුවෙන් මෙම තරුණ නැගිටීම් වලට හේතු සොයා බැලීම ස`දහා කොමිෂන් සභා කිහිපයක් පත් කරන ලදී. 1971 හා 1989 දී දකුණේ ඇති වූ තරුණ නැගිටීම් පිළිබ`ද හේතු සොයා බැලීම ස`දහා පත්කළ තරුණ අසහනය පිළිබදව සොයා බැලීමේ කොමිෂන් සභා විසින් මෙවැනි තත්ත්වයක් නැවත ඇති නොවීම ස`දහා වැදගත් නිර්දේශ ගනණාවක් ඉදිරිපත් කර තිබුනි. විශේෂයෙන් රාජ්‍ය බලය විමධ්‍යගත කිරීමත්, රාජ්‍ය ආයතන නිර්දේශපාලණය, එම ආයතයන් හි කි‍්‍රයාකාරීත්වය ස්වාධීනවීම වැනි වැදගත් දේශපාලන ප‍්‍රතිසංස්කරණ ගණනාවක්ම ඉන් යෝජනා කරනු ලැබ තිබුනි.

නමුත් එම යෝජනා කිසිවක් පැවති කිසිදු රජයක් විසින් කි‍්‍රයාත්මක නොකළ අතර, ජේ.ආර් ජයවර්ධන විසින් ගෙන එනු ලැබූ 1978 නව ව්‍යවස්ථාව තුළිනුත් ඉන් පසුව ඇති කරනු ලැබු ව්‍යවස්ථා සංශෝධනයන් හරහාත් එතෙක් යම් පමණකට හෝ පැවති ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය ද සහමුලින්ම අහුරා දමන ලදී. විධායකය සතු බලය විමධ්‍යගත කරනු වෙනුවට විධායක සතු බලතල තව තවත් වැඩිකර ගැනීම ස`දහා (13 සහ 17 වන ව්‍යවස්ථා සංශෝධන හැරුණු කොට* පැවති සෑම රජයක් විසින්ම කි‍්‍රයා කරනු ලැබීය. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළ ගෙන එනු ලැබූ 18 වන ව්‍යවස්ථාව මගින් රාජ්‍ය පාලකයෙක් හා රජයක් ලෙස පැවති ආණ්ඩු ක‍්‍රමය වෙනුවට මහරජෙක් හා රාජ ආණ්ඩු ක‍්‍රමයක් නැවත මේ රටට බිහි කරනු ලැබීය.

මෙම නව මහ රජු විසින් රටේ නීතියත්, රාජ්‍ය ආයතනත්, රාජ්‍ය සම්පත් තමන්ගේ සුඛ විහරණය ස`දහා අත්තනොමතික අයුරින් පාවිච්චි කරනු ලැබූ අතර, මේ රටේ සිවිල් ව්‍යාපාරයත්, ජාත්‍යන්තර ප‍්‍රජාවත් ඉල්ලා සිටි ප‍්‍රතිසංස්කරණ කිසිවකට ඇහුම්කන් නොදෙමින් ඒකාධිපතියෙක් ලෙස කටයුතු කරන ලදී.

යුධ සමයේ සිදු වූවායැයි වාර්තා වූ සිද්ධීන් සම්බන්ධව වගවීමේ කි‍්‍රයාවලයක් ස්ථාපිත කරන බවට එක්සත් ජාතීන්ගේ මහලේකම් සමග පැමිණි එක`ගතාවයන් පසෙකලා කටයුතු කිරීමේ ප‍්‍රතිපලයක් ලෙස 2011 වසරේ දී එක්සත් ජාතීන්ගේ මහ ලේකම් විසින් ලංකාවේ සිදුවූවා යැයි පැවසෙන අපරාධ සම්බන්ධව ගත යුතු කි‍්‍රයා මාර්ග පිළිබදව මහ ලේකම්ට උපදෙස් ලබා දීම ස`දහා විශේෂඥ කමිටුවක් පත්කරනු ලැබු අතර, එය මහින්ද රාජපක්ෂ රජය විසින් දරුස්මාන් කමිටුව ලෙස නම් කරන ලදී.

මහ ලේකම් විසින් පත්කළ මෙම කමිටුවට මහින්ද රාජපක්ෂ රජය ප‍්‍රබල විරෝධයක් දැක් වූ අතර, එම කමිටුව සහයෝගය ලබා දීම රජය විසින් මුලූමනින්ම ප‍්‍රතික්ෂේප කරනු ලැබීය. කෙසේ හෝ මෙරට සිිවිල් සමාජයත්, විශේෂයෙන් ජාත්‍යන්තර ප‍්‍රජාවත් දිගින් දිගටම ඉදිරිපත් කළ ඉල්ලීමත් හේතුකොට ඊට පිළියමක් ලෙස උතුරේ ඇති වු නැගිටීමත් එය මර්ධනය කළ ආකාරය සම්බන්ධවත් සොයා බැලිම ස`දහා හිටපු ජනපති විසින් සී.අර්.ද සිල්වා මහතාගේ නායකත්වයෙන් යුතු දේශීය විද්වතුන්ගෙන් සමන්විත තවත් කොමිසමක් පත්කරනු ලැබූ අතර, එය උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසම ලෙස නම් කරනු ලැබීය.

අද වන විට එම කොමිසමේ වාර්තා ද ප‍්‍රසිද්ධ වි ඇති අතර, එම කොමිසම ම`ගින් ද ස`දහන් කර ඇත්තේ බලය බෙදීම ගැන හැරුණු විට 1971 සහ 1989 දී දකුණේ ඇති වූ කැරැුල්ල සම්බන්ධව සොයා බැලිමට පත්කළ කොමිසම් ලබා දුන් නිර්දේශ හා සමාන යෝජනාය. එමෙන්ම වසර ගණනාවක් සිට මෙරට සිවිල් සමාජය විසින් ඉල්ලා සිටි ප‍්‍රජාතන්තී‍්‍රය ප‍්‍රතිසංස්කරණයන්ය. මෙම එල්ගඑල්ගආර්ගසීග කොමිසම පිළිබදව සිවිල් සමාජය මෙන්ම ජාත්‍යන්තර ප‍්‍රජාව එතරම් බලාපොරොත්තු නොතැබුවත්, අවසානයේ බලය බෙදීම, රාජ්‍ය ප‍්‍රතිසංස්කරණය, නිර්දේශපාලණීකරණය, සිදු වී ඇති අපරාධ පිළිබදව ස්වාධීන විමර්ශණයක් පැවැත්වීම, වින්දිතයන් වෙනුෙවන් වන්දි ප‍්‍රදානය හා ප‍්‍රතිසංන්ධානය පිළිබදව වැදගත් යෝජනා ගණනාවක් එහි අන්තරගත වී තිබීම නිසා එම වාර්තාව බොහෝ දෙනාගේ පැසසුමට ලක් විය.

නමුත් පැවති රජය තමන් පත් කළ එම කොමිසමේ නිර්දේශ පවා තුට්ටුවකටවත් මායිම් නොකරමින් කටයුතු කිරීම නිසා මේ රටේ ප‍්‍රගතිශීලී ජනතාවත්, ජාත්‍යන්තර ප‍්‍රජාවත් විසින් දිගින් දිගටම කරනු ලැබූ බලපෑම් හේතුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ඉහත දරුස්මාන් කමිටුව ලබා දුන් නිර්දේශ පදනම් කරමින් යෝජනාවලියක් සකස් කර එය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට ඉදිරිපත් කර සම්මත කිරීමෙන් පසුව එම යෝජනා කි‍්‍රයාත්මක කරන ලෙසට රජයෙන් ඉල්ලීම් කරනු ලැබීය. නමුත් පෙර පරිදිම එම යෝජනා කි‍්‍රයාත්මක කිරීමේ සැබෑ අවශ්‍යතාවයක් පැවති රජයට නොතිබිනි.  එම යෝජනා කි‍්‍රයාත්මක කිරීම බෙදුම්වාදයට උඩගෙඩි දීමක් ලෙසත්, ස්වාධීන රාජ්‍යයකට බටහිර රාජ්‍යයන් විසින් කරනු ලැබූ අතපෙවීමක් ලෙසත්, ත‍්‍රස්තවාදය මර්ධනය කළ හමුදාව ඇතුලූ අණදුන් තැනැත්තන් විදුලි පුටුවට දක්කා ගෙන යාමක් ලෙසත් දකුණේ ජනතාවට පෙන්නමින් ජාතිවාදය මත සිංහල ඡුන්ද ගැරීමේ පහත් කි‍්‍රයාවලියක නිරත විය.

නමුත්, මේ රටේ ප‍්‍රගතිශීලී ජනතාව 2015 ජනවාරි 08 පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂගේ අත්තනෝමතික රජය පෙරලා දැමීමත් සමගම මේ රටේ විශාල පරිවර්තනයක් ඉන් ආරම්භ වූ අතර, එම පරිවර්තණීය ලක්ෂණ ජාත්‍යන්තර ප‍්‍රජාව තුලින් ද දිස් විය. එයට හොදම නිදසුන ලෙස දැක්විය හැක්කේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ලංකාව සම්බන්ධව ඉදිරිපත් කර තිබූ යෝජනා ප‍්‍රතිසංස්කරණයට ලක් වී ශී‍්‍ර ලංකා රජය හා ජාත්‍යන්තර ප‍්‍රජාව එක්ව ඉදිරිපත් කරනු ලබන නව යෝජනාවලියක් ඉදිරිපත් කිරීමත් එම යෝජනා අනුව කි‍්‍රයාත්මක වීමට රජය විසින් කැමැත්ත පල කිරීමත්ය.

ශී‍්‍ර ලංකා රජය හා ජාත්‍යන්තර ප‍්‍රජාව විසින් එක්ව ඉදිරිපත් කරන ලැබූ මෙම එක්සත් වාර්තාවේ රජය විසින් කඩිනමින් ඉටු කළ යුතු ප‍්‍රධාන නිර්දේශ 4 ක් තිබේ.

1    ආයතනික ප‍්‍රතිසංස්කරණ
2    යුක්තිය
3    සත්‍ය දැන ගැනීමේ අයිතිය
4    හානිපුර්ණය

ආයතනික ප‍්‍රතිසංස්කරණ

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව කි‍්‍රයාත්මක කිරීම තුළින් මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුලූ ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීමත් මානව හිමිකම් කොමිෂන් සභා බලතල වැඩි කිරීම ස`දහා අදාල පනත් සංශෝධනය, ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත හා මහජන ආරක්ෂාව පිළිබද ආඥා පනත අන්තර් ජාතික ප‍්‍රමිතීන්ට අනුව සංශෝධනය කිරීම. කෲර වධහිංසාව, ස්තී‍්‍ර ¥ෂණ, ලිංගික වදහිංසාව ඇතුලූ අනෙකුත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් තහනම් බවට ආරක්ෂක අංශ වෙත රජය විසින් පැහැදිලිව හා නිරවුල්ව උපදෙස් ලබා දීම. (මේ වන විට ව්‍යවස්ථා දායක සභාව පත්කර ඒ තුලින් පොලිස්, රාජ්‍ය සේවා, අල්ල්ස් හෝ ¥ෂණ හා මානව හිමිකම් කොමිෂන් සාභාවන් පත් කර තිබේ*
 
නීත්‍යනුකූලව රාජකාරි නොකල නිලධාරීන් සම්බන්ධව සාධාරණව හා අපක්ෂපාතී පරීක්ෂණ පවත්වා එම නිලධාරීන්ට දඩුවම් පැමිණ වීම හා ඔවුන් එම තනතුරුවලින් ඉවත් කිරීම. රජය හෝ ආරක්ෂක අංශ විසින් අත්පත් කරගෙන තිබෙන පෞද්ගලික ඉඩම් නැවත මුල් අයිතිකරුවන්ට වෙත ලබා දීම.

යුක්තිය

වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යලි සලකා බැලීම, අතුරුදහන්කරවීම අපරාධයක් ලෙස නීති ගත කිරීම, අන්තර් ජාතික අපරාධ, යුධ අපරාධ, මානුෂිකත්වයට එරෙහි අපරාධ, ජනවර්ග සමූල ඝාතන වැනි අන්තර් ජාතිකව සම්මත කර ඇති නීතිවල කොටස් කරුවෙකු වීම. (වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පණත මේ වන විට නීති ගත කර තිබේ*

සමස්ත දිවයිනටම බලපාන ආකාරයෙන් පැහැරගෙන යාම්, අතුරුදහන්කරවීම් සම්බන්ධව සොයා බැලීම ස`දහා විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීම, සිදුව ඇතැයි පැවසෙන සිද්ධි සම්බන්ධව විශේෂ මිශ‍්‍ර අධිකරණයක් මගින් නඩු විභාග පැවැත් වීම.

එමෙන්ම දැනට ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රදවාගෙන සිටිනා රැු`දවියන් පිළිබ`ද නැවත කරුණු සලකා බලා ඔවුන් නිදහස් කිරීම හෝ ඔවුන් වහාම අධිකරණයට ඉදිරිපත් කිරීම.

සිදුවූවා යැයි පැවසෙන සිද්ධීන් සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීම ස`දහා විනිසුරුවරුන්, නීතිඥයින්, පැමිණිලි මෙහෙයවන්නන්ගෙන් සමන්විත අධිකරණ කාර්්‍ය මණ්ඩලයකින් සමන් විත විශේෂ මිශ‍්‍ර අධිකරණයක් පිහිටු වීම. (මේ ස`දහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 105 (1* (ඇ* යටතේ පාර්ලිමේන්තුවේ සරල බහුතරයේ සම්මතයෙන් පාර්ලිමේන්තුවට මුල් අවස්ථා අධිකරණයක් පිහිටුවීමේ බලය ඇත. වර්තමාන අධිකරණ පද්ධතියේ කඩා වැටීමත්, අන්තර් ජාතික අපරාධ සම්බන්ධව විමර්ශණය හා පැමිණිලි මෙහෙයවීමේලා ඇති අඩු පලපුරුද්ධත් එමෙන්ම, වින්දිතයන් දැනට පවතින අධිකරණ ක‍්‍රමය පිළිබද ඇති අවිශ්වාසය මත වෙවැනි ක‍්‍රමයක් යෝජනා කර සිටී*

සත්‍ය දැනගැනීම

මානව හිමිකම් උල්ලංඝණයවීම් සම්බන්ධව මෙතෙක් ප‍්‍රකාශයට පත් නොකල නිර්දේශ හා වාර්තා ප‍්‍රකාශයට පත් කිරීම. රු`දවුම් භාරයේ සිටිනා සියලූම දෙනා පිළිබදව පුර්ණ දත්ත රජය විිසින් ප‍්‍රකාශයට පත් කිරීම. සියලූම රු`දවුම් ක`දවුරු ගැසට් කිරීම හා අනෙකුත් මධ්‍යස්ථාන වසා දැමීම (දැනටමත් මැක්ස්වල් පරණගම හා උදාලාගම කොමිෂන් සභා දෙකක වාර්තා සභාගත කර තිබේ*



හානි පුර්ණය

ජාතික හානි පුර්ණ ප‍්‍රතිපත්තියක් රජය විසින් ගොඩනැගීම, වින්දිතයන් වෙනුවෙන් මුල්‍යමය වන්දි විවිධාකාරයෙන් ප‍්‍රධානය, උන්හිටි තැන් අහිමි වූවන්නට කල් පවත්නා විසදුම් ලබා දීම හා ඔවුන්ගේ මානසික මට්ටම නගා සිටුවීම සදහා වැඩසහන් කි‍්‍රයාත්මක කිරීම.     
 

මීට අමතරව රජය විසින්
1    සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටු වීම (කරුණා සභාව*
2    අතුරුදහන්වුවන් පිළිබ`දව සොයා බැලීම ස`දහා මහ ලේකම් කාර්යාලයක් පිහිටුවීම
3    වන්දි ලබාදීම ස`දහා කාර්යාලයක් පිහිටුවීම

යන කාරනා මූලික වශයෙන් මෙම යෝජනාවන් හි ඇතුලත් වේ. මෙම යෝජනා සම්බන්ධව රජයේ කි‍්‍රයාකාරීත්වයේ ප‍්‍රගතිය සම්බන්ධ වාචික වාර්තාවක් 2016 සැප්තැම්බරයේ පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලය වෙතත්, ඉන් පසුව එහි ලිඛිත වාර්තාවක් 2017 වසරේ සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලය වෙතත් රජය විසින් ඉදිරිපත් කිරීමට එක`ගත්වය ප‍්‍රකාශ කර තිබේ.

1971 දකූනෙන් ආරම්භ වූ කැරැුල්ලේ සිට 2009 වසරේ උතුරෙන් අවසන් වූ වාර්ගික යුද්ධ දක්වා මේ වන විට අවුරුදු 44ක් තිස්සේ මේ රටේ දිග හැරණු කෲර හා මේලේච්ඡු බිහිසුනු යුගයන් නැවත ඇති නොවීමට අවශ්‍ය මූලික අඩිතාලම දැමීමට ස්වර්ණමය අවස්ථාවක් අවුරුදු ගණනාවකට පසුව අපේ පරපුරට උදාවී තිබේ. මෙම අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගැනීම නව රජයෙත් මේ රටේ ප‍්‍රගතිශීලීන්ගේ ද ප‍්‍රමුඛ කට යුත්තකි.

ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකට එක්ව කටයුතු කිරීමත්, රටේ සාමකාමී වාතාවරණයක් ගොඩනැගී තිබීමත්, උතුරේ ජනතාවගේ බලාපොරොත්තු සහගත ඉවසීමත්, ජාත්‍යන්තර ප‍්‍රජාවෙන් ලැබෙන සහයෝගයත් එමෙන්ම යම් පමණකට ශක්තිමත් සිවිල් ව්‍යාපාරයක් මේ රට තුළ ගොඩනැගී තිබීමත් මත අනාගතය ගැන යම් බලාපොරොත්තු තැබිය හැකි මට්ටමක් මේ මොහොතේ දිස්වේ.

නමුත් මේ අවස්ථාවේ රජයත්, මේ රටේ ප‍්‍රගතිශීලී ව්‍යාපාරයනුත්, බුද්ධිමත්ව හා අවංක කැපවීමෙන්, එක්සත්ව කටයුතු නොකලොත් දශක ගණනාවකට පසුව නිර්මාණය වූ මෙම ස්වර්ණමය අවස්ථාව තවත් දශක ගනනාවකින් පිටුපසට තල්ලූ වී යාම නොවැලැක් විය හැකි වනවා පමණක් නොව, මෙම මජර ක‍්‍රමයට එරෙහිව අනාගතයේ නැවත නිර්මාණය වන කැරැුල්ලේ දී විනාශ වන ලක්ෂ ගණනකගේ ජීවිතවලට ද වගකීමට සිදු වනු නොඅනුමානය. මෙය අපේ පරපුරට ලැබූ අවසන් අවස්ථාවයි.  

පිලිප් දිසානායක
 



   




2016-01-04
Advertisement

Find us on Facebook