English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


වධකාගාර ගැන විමසුවිට අගමැති මුනිවත රකී


ranil-mano
එක්සත් ජාතීන්, දෙමළ දේශපාලකයන්, දේශීය සහ ජාත්‍යන්තර මානව හිමිකම් ක්‍රියාධාරීන් විසින් හෙළි කොට ඇති පරිදි රට තුල රහසිගත වධකාගාර තව දුරටත් පවත්වාගෙන යනු ලබන්නේදැයි යහපාලන ආණ්ඩුව බලයට පත් කිරීමට වෙහෙසුනු මානව හිමිකම් ක්‍රියාධාරීන් විසින් ප්‍රසිද්ධියේ කරන ලද සෘජු අභියෝග කිරීමකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන් කිසිදු පිළිතුරක් නොලැබිණ.
අතුරුදහන්කිරීම්, පැහැරගැනීම්, වදහිංසාවන්ට ලක්කිරිම් මෙන්ම බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගැනිම් සම්බන්ධයෙන්ද මානව හිමිකම් දිනය සැමරීමට ඊයේ (10) තමන් සමග එකම වේදිකාවට ගොඩවූ අගමැතිවරයා ගේ අවධානය යොමුකළ අතුරුදහන් වුවන් පිලිබඳ දෙමාපිය එකමුතුවේ කැඳවුම්කරු බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා බලකර සිටියේ රහසිගත සිරකඳවුරු පිලිබඳ ව හෙළි කරන ලෙසයි.
රජය තවමත් අසමත්ව සිටිනවා :
රටේ රහසිගත කදවුරු නොමැති බවට ආණ්ඩුව ප්‍රකාශ කර තිබුනත් කලකට පෙර අතුරුදහන් වූ පුද්ගලයන් වරින් වර මතුවෙමින් පවතින බවට අගමැතිවරයාට මතක් කර දෙමින් ඔහු අවධාරණය කර සිටියේ හමුදාවට නිල වශයෙන් බාර දුන් අයගේ ලේඛනය ඉදිරිපත් කිරිමට හෝ සිරගෙවල්වල සිටින සියලු සිරකරුවන්ගේ සම්පුර්ණ ලේඛනය ඉදිරිපත් කිරිමට හෝ රජය තවමත් අසමත්ව සිටින බවයි.
උතුරේ ජනතාවට ආපසු ඉඩම් ලබාදිමට පියවර ගන්නා බවත්, අතුරුදහන් වුවන් සම්බන්ධයෙන් සොයා බැලිමට කාර්යාලයක් විවෘත කරන බවත් පැවසුවත් රටේ රහසිගත කදවුරු පවතින්නේද යන්න සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකිරීමට අගමැතිවරයා වග බලා ගත්තේය.
කතා කිරීමේ නිදහස :
මානව හිමිකම් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කතා කිරිමේ නිදහස යහපාලන රජය හේතුවෙන් ලැබි ඇතිමුත් මේ වන තෙක් රට තුළ පුර්ණ වශයෙන් මානව හිමිකම් හා නිදහස ස්ථාපිත වී නැති බව අගමැතිවරයාගේ සහභාගිත්වයෙන් පැවති ජගත් මානව හිමිකම් සැමරුමේ දී මෙරට මානව හිමිකම් ක්‍රියාකාරිහු පැවසුහ.
නිදහසේ වේදිකාව සහ සිවිල් සංවිධාන එකතුව විසින් 10 බ්‍රහස්පතින්දාට යෙදි තිබෙන ජාත්‍යන්තර මානව හිමිකම් දින සැමරුමක් කොළඹ බන්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මිහිලක මැදුර ශාලවේ පවත්වමින් රජයට අවධාරණය කර සිටියේ දින 100 යේ වැඩ සටහන යටතේ ක්‍රියාත්මක වු තරමේ වේගයකින් මේ වන විට රජය ප්‍රශ්න වලට විසදුම් ලබා නොදෙන බවයි.
ක්‍රමවේදය එකයි :
දේශපාලනඥයන් වෙනස් වු නමුත් ක්‍රමවේදය මේ වන තෙක් වෙනස් වී නැති බව කී මානව හිමිකම් ක්‍රියාකාරිනී ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු මහත්මිය පවසා සිටියේ, තවමත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවත් බුද්ධි අංශත් රාජ්‍ය නොවන සංවිධාන වල තොරතුරු එක් රැස් කරමින් සිටින බවයි.
ඊට අදාල වන චක්‍ර ලේඛන ඉවත් කිරිමට තවමත් කටයුතු කර නොමැති බවට ඇය චෝදනා කර සිටියා ය.
පසුගිය වසරේ මානව හිමිකම් සම්බන්ධයෙන් රැස්විම් පැවැත්වීමට සිදුවුයේ මහපාරේ වුවාත් මේ වන විට එම තත්වය වෙනස් කර ගැනිමට හැකියාව ලැබි තිබෙන බව පැවසු නව සම සමාජ පක්ෂයේ නායකයා අවධාරණය කර සිටියේ එම තත්වය සමාජයේ තවදුරටත් ස්ථාපිත කරගැනිම සදහා මෙය අවස්ථාවක් කර ගත යුතු බවයි.
ජාතික ප්‍රශ්නය විසඳීම :
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිමත්, බලය බෙදා හැරිම ඔස්සේ ජාතික ප්‍රහ්නය විසදිමත්, මානව හිමිකම් යාන්ත්‍රණයක් ගොඩ නැගීමටත් ඉදිරියේදි යොමු වීය යුතු බවද ඔහු පවසා සිටියේය.
දේශපාලන සිරකරුවන් නිදහස් කිරිමට දේශපාලන තින්දුවක් ගත යුතු නමුත් එය දේශපාලන කටයුත්තක් නොකරගෙන තව දුරටත් ඇදෙමින් යන්නේ ඊට එරෙහි බලවේග තව දුරටත් රටේ ක්‍රියාත්මක වීම නිසා බව ඔහු පැවසිය.
සියලු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර, ජාතික ප්‍රශ්නයට විසදුම් දිය නොහැකි නම් රට තව දුරටත් ජාත්‍යන්තරය හමුමේ අපවාදයට ලක් විම නතර කළ නොහැකි බව ඔහුගේ අදහස විය.
ජීවිත අහිමි වූ මාධ්‍යවේදීන් :
ජාතික සංහිදියාව පිලිබද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා උත්සව සභාව අමතමින් ප්‍රකාශ කර සිටියේ මානව හිමිකම් වෙනුවෙන් තමන් කැබිනට් මණ්ඩලය තුල පවා හඩ නගන නමුත් දේශපාලන සිරකරුවන් යන නාමය භාවිත කිරිමට පවා නොහැකි තත්වයක් තවමත් පවතින බවයි.
උත්සව සභාව අමතමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ, තමන් මෙම ස්ථානයට පැමිනෙන විට මාධ්‍ය සංසදයෙන් පැමිණ තමන්ට ලේඛනයක් බාර දුන් බවත් එම ලේඛනයක සදහන් මාධ්‍යවේදීන් 44 දෙනකුට රාජපක්ෂ පාලනය යටතේ ජීවිත අහිමි වී ඇති බවත්ය.
රටේ මානව හිමිකම් ස්ථාපිත කිරීම සදහා තම රජය යටතේ කටයුතු කරන බවට පොරොන්දු ලබා දුන් අගමැතිවරයා පවසා සිටියේ ඉදිරියේ දී පාසල් විෂය නිර්දේශයටද විෂයක් ලෙස මානව හිමිකම් ඇතුලත් කිරිමට කටයුතු කරන බවයි.
පසුගිය පාලනය සමයේ ‘දේශද්‍රෝහී නම්බු නාම ලබමින්’ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටි නිදහසේ වේදිකාවට එක්වුවන්ට අගමැතිවරයා සිය ස්තුතියද පුද කළේය.
අතුරුදහන් වුවන්ගේ, දේශපාලන සිරකරුවන්ගේ, වද හිංසනයන්ට ලක්වුවන්ගේ මෙන්ම ඉඩම් අහිමි වුවන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සැමරුම් උලෙලේදි එම සියලු පීඩිතයෝ තමන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් අගමැතිවරයාට පොදුවේ සකස් කරන ලද සන්දේශ බාර දිමටද කටයුතු කළහ.
යුරෝපා සංගමයේ මෙරට තානාපතිවරයා සහ තවත් තානාපතිවරුන් කිහිප දෙනකුද මෙම අවස්ථාවට සහභාගි වී සිටි අතර නීතිඥ සුදර්ශන ගුණවර්ධන, පිලිප් දිසානායක, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු යන හිමිකම් ක්‍රියාධාරීන් ඇතුලු සිවිල් සංවිධාන නියෝජිතයෝ මෙන්ම මානව හිමිකම් ක්‍රියාකාරිහුද විශාල පිරිසක් එක්ව සිටියහ.

(radiogagana.com – සේයා: දෙනුවන් බණ්ඩාර)




2016-01-02
Advertisement

Find us on Facebook