English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ඇවන්ගාඞ් නැව වාර්තාව සහ විවාදය
ඇවන්ගාඞ් නැව වාර්තාව සහ විවාදය ගාලූ වාරයේ නවතා ඇති ඇවන්ගාඞ් නෞකාවේ ඇති ආයුධ පිළිබඳ වාර්තාවක් 30 වන දින අදාල කොමිසමේ කොමසාරිස්වරුන් වෙත බාර දුන් බව කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා පවසයි. ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනෙකුගෙන් සමන්විත නිලධාරීන් පිරිසක්, රහස් පොලිස් නිලධාරීීන් ද සමග ගාලූ වරායට ගොස් එහි නවතා තිබූ නෞකාවක ඇති කන්ටේනර් තුනක් විවෘත කර ඒවායේ ඇති ආයුධ පිළිබඳ පරීක්ෂණ සිදු කරන බව ද සිල්වා මහතා වැඩි දුරටත් කීය. ආයුධ එකින් එක රැුගෙන පරීක්ෂ කිරීම ඔක්තෝම්බර් 29 වෙනි දින වනතුරුත් සිදු විය. එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධ විවාදයක් ලබන සතියේදී පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට රජය විසින් තීරණ කර තිබේ. පාර්ලිමේන්තුව කල් තබන අවස්ථාවේ විවාදයක් ලෙස එය පැවැත්වෙන අතර විවාදය පිළිබඳ යෝජනාව ආණ්ඩු පක්ෂයෙන්ම ඉදිරිපත් කිරීම විශේෂයක් වන බව ද කැබිනට් ප‍්‍රකාශක ගයන්ත කරුණාාතිලක මහතා පැවසීය. අවන්ගාඞ් සිද්ධිය සම්බන්ධ පරීක්ෂණවල වර්තමාන තත්ත්වය ආදී කරුණු සම්බන්ධයෙන් එම විවාදය පැවැත්වෙන බව ද ඇමතිතුමා පැවසුවේය.


2015-11-02
Advertisement

Find us on Facebook