English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


පලාත් පාලන සීමා නීර්ණය පැමිණිලි විමර්ශනයට පක්ෂ නියෝජිත කමිටුවක්
පලාත් පාලන සීමා නීර්ණය පැමිණිලි විමර්ශනයට පක්ෂ නියෝජිත කමිටුවක් පළාත් පාලන මැතිවරණ මිශ‍්‍ර ක‍්‍රමයට පැවැත්වීමට අදාලව සීමා නීර්ණය කොමිසම මගින් කොට්ටාශ බෙදා වෙන්කර තිබෙන ආකාරය සම්බන්ධයෙන් පැමිණිලි විමර්ශනය කිරීම සඳහා දේ්ශපාලන පක්ෂ නියෝජිතයන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කර තිබේ. ඉඩම් අමාත්‍යංශයේ හිටපු ලේකම් අසෝක පීරිස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් එම කමිටුව සමාජිකයන් පස් දෙනෙක්ගෙන් සමන්විත වේ. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් නීතිඥ සාලිය මැතිව්, එක්සත් ජාතික පක්ෂ වෙනුවෙන් නීතිඥ එම්.මිස්බා, ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් නීතිඥ උපුල් කුමාරප්පෙරුම, දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් මහාචාර්ය බාලසුන්දරම් පිල්ලේ යන මහත්වරුන් මේ කමිටුවේ කටයුතු කරති. ජනතාවගේ අදහස්, යෝජනා සහ පැමිණිලි එම කමිටුවට ඉදිරිපත් කළ හැකි අතර ඒවා විමර්ශනය කොට මාස තුනක කාලයක් ඇතුළත වාර්තාවක් ලබාදීමට නියමිතය. මේ පිළිබඳව ලංකාදීපය කළ විමසුමකදී අසෝක පීරිස් මහතා සඳහන් කළේ ජනතාවගේ පැමිණිලි හා යෝජනා බාර ගැනීම නොවැම්බර් 01 වන දිින සිට ආරම්භ කරන අතර, ඒ සඳහා සති තුනක කාලයක් ලබා දෙන බවයි. 2012 වසරේ පත්කළ සීමා නිර්ණය කමිටුවේ වාර්තාවට සංශෝධන ඇතුළත් කොට නව වාර්තාව මාස තුනක කාලයක් ඇතුළත රජයට බාරදීමට පියවර ගන්නා බව ද අසෝක පීීරිස් මහතා කීය. 2012 වාර්තාව ජනතාවගේ දැනගැනීම පිණිස අන්තර් ඡුාලයේ ප‍්‍රසිද්ධ කර තිබෙන අතර, දිසා ලේකම්, පලාත් ලේකම් හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල තබා තිබෙන බවද අසෝක පීරිස් මහතා සඳහන් කළේය.


2015-11-02
Advertisement

Find us on Facebook