English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


පොලිසියේ හැසිරීම නින්දිතයි
පොලිසියේ හැසිරීම නින්දිතයි ඔක්තෝම්බර් 29 වෙනි සිකුරාදා උසස් ජාතික ගණකාධිකරණ ( එච්.එන්.ඞී.ඊ. * පාඨමාලාවට හිමි උපාධි සමානාත්මතාවය නැවත බලාත්මක කරන ලෙස ඉල්ලමින් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට පැමිණෙමින්, විරෝධතාවය දක්වන ලද එම පාඨමාලාවන් හදාරන සිසු සිසුවියන්ට පොලිසිය විසින් මාරාන්තික ප‍්‍රහාරයක් එල්ල කරන ලදි. එම ඡුායාරූප සහ වීඩියෝ ජනමාධ්‍ය ඔස්සේ සහ සමාජ වෙබ් අඩවියන් ඔස්සේ ප‍්‍රචාරය වීමත් සමගම, සමාජයේ විවිධ කොටස්වලින් එල්ල වන ලද්දේ විශාල විරෝධයකි. නව රජය පත් වූ දින සිට පොලිසිය මෙවැනි සමාජයේ අවධානයට හා පිළිකුළට භාජනය වන කි‍්‍රයාකාරකම් වල නියැලෙමින් සිටියි. මෙම ප‍්‍රහාරය එල්ලවීමෙන් අනතුරුව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර, බස්නාහිර පලාත් බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතා, කොළඹ මධ්‍යම කොට්ටාශය බාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි චම්පික සිරිවර්ධන මහතා, මාධ්‍ය සාකච්ඡුාවක දී මෙම කි‍්‍රයාව සාධාරණීකරණය කිරීම සඳහා ප‍්‍රකාශ කරන ලද ප‍්‍රකාශයන් ඒ හා සමානව පිලිිකුළ් සහගතය. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් නීතිය සාමය සහ බණ්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන මහතාගෙන් වාර්තාවක් ඉල්ලා ඇත. පොලිසිය විසින් සිසුවියකට පහර දෙන ඡුායාරූපය මින් වඩාත්ම ජනතාවගේ කෝපයට හේතු වූ ඡුායාරූපයයි. ඒ ගැන කොළඹ, මාධ්‍යම කොට්ටාශය බාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී චම්පික සිරිවර්ධන පැවසුවේ, ”උද්ඝෝෂකයන් විසුරුවා හැරීමේදී ඔවුන් සිසුවිය පාගාගෙන ගොස් තිබුණා. පොලිස් නිලධාරියා ඇය එම ස්ථානයෙන් ඉවත් කිරීමට සුදානම් වුනා මිසක් ඇයට පහර දීමක් සිදු කළේ නැහැ. මම එම ස්ථානයේ හිටියා. මම මෙම ප‍්‍රකාශය කරන්නේ ඉතාමත් වගකීමෙන් බව”යි. නමුුත් ඡුායාරූපයේ සිදුවීම ඉතාමක් පැහැදිලියි. සිදුවියගේ ඉරියව්, පොලිස් නිලධාරියාගේ ඉරියව් ගවේශනය කරන ඕනෑම සාමාන්‍ය පුද්ගලයෙකුට එය තේරුම් ගත හැකියි. මෙම සිදුවීම සම්බන්ධයෙන් එම සිසුවිය වූ සසිනි සංදීපනී ශිෂ්‍යාව පැවසුවේ , ”පොලිසියෙන් එල්ල කළ කඳුළු ගෑස් ප‍්‍රහාරයෙන් පසුව ඇතිවූ මුහුණේ දැවිල්ල නැති කරගන්නට ලිප්ටන් වටරවුමේ ඇති පොකුණකින් මුහුණ සෝදමින් සිටි මට පොලිසිය වටකරගෙන පහර දුන්නා. ඔලූවේ පහර වැදුනු තැන් තවමත් වේදනායි. දැන් මගේ නිවසට පොලිසියේ කියමින් නිතර ඇමතුම් එනවා”. මේ සම්බන්ධයෙන් මානව නීතිමය කි‍්‍රයාමාර්ග රැුසක් ගැනීමට සිවිල් සංවිිධාන උත්සාහ කරමින් සිටින අතර, යහපාලනය වෙනුවෙන් සටන් කළ සිවිල් සංවිධාන රැුසක් මෙම තත්ත්වය බැ?රුම් ලෙස තේරුම් ගනිමින් තම විරෝධය පළ කර සිටියේය. එහිදී අදහස් දැක්වූ ”නව සමාජ පක්ෂ නායක වික‍්‍රමබාහු කරුණාරත්න මහතා, ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීම පමණක් නොවන බවත්, පාරට බැහැලා උද්ඝෝෂණය කරන සෑම කෙනෙකුගේම අයිතීන් ආරක්ෂා වෙන්න ඕනා. ආණ්ඩුවේ මානව හිමිකම් වලින් ලකුණු වැඩි වුනා කිව්වට, මෙතනදී පොලිස්කාරයෝ දාලා ළමයින්ට ගහලා තමන්ගේ කලිසම ගලවගන්න එක තමයි කරගෙන තියෙන්නේ,” යැයි පැවසුවේය. ආචාර්ය නිර්මාල් රංජිත් මහතා, ”රජයට අලූතින් වාර්තාවක් සකස් කරන්න දෙයක් නැහැ. ඒ අවස්ථාව ගැන ප‍්‍රචාරය වුනු වීඩියෝ පට බැලූව නම් එතනම වාර්තාව තියෙනවා. අපි බලන් ඉන්නේ ආණ්ඩුවේ දේශපාලන වගකීම ගැන. මෙතන පොලිසියට බැනලා වැඩක් නැහැ. පොලිසිය පුරුදු වෙලා තියෙන්නේ ඔය විදියට හැසිරෙන්න තමයි” පැවසුවේය. ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් මහතා, ”වාර්තා ඉල්ලූවත් දෙන්නේ පොලිසියෙන් නිසා ඒ වාර්තාවලින් වැඩක් නැති බවයි”. ආසියානු මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, පොලිස් කොමිසම වර්තමානයේ කි‍්‍රයාත්මක නිසා මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වා, වැරදිකරුවන්ට දඩුවම් පැමිණවිය යුතු බවයි. මීට අමතරව ජාතික පොලිස් කොමිසම විසින් ඒ ගැන පරීක්ෂණයක් කිරීමට අදාල පොලිස් නිලධාරීන් කොමිසම හමුවට සඳුදා (2 * දින කැඳවා ඇත. මෙහිදී ආචාර්ය නිිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවසූ අදහස ඉතා වැදගත් ය. පොලිසිය කි‍්‍රයාත්මක වන ස්වරූපය ගැන දැඩි අවධානයෙන් සිටින සංවිධානයක් වශයෙන් අපට වැටහෙන්නේ කලින් සිදුවීම් වලදී සඳහන් කල අයුරින්ම පොලිසිය ප‍්‍රතිසංස්කරණය කළ යුතු බවයි. රජයට ඒ ගැන වුවමනාවක් තිබිය යුතු බවයි. ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදනය සහ පුහුණුව, දැනුම පොලිසිය අත්‍යවශ්‍ය වී තිබේ. පහරදීමකින් තොරව මෙම ශිෂ්‍ය පෙළපාලිය සමනය කිරීමට ඉඩ ලබා දීමට තිබුනි. සිසුසිසුවියන් ප‍්‍රචණ්ඩ වේ නම්, ඒ සම්බන්ධ වතුර හෝ කඳුළු ගෑස් පමණක් භාවිතා කිරීමට හැකියාව තිබුනි. ආසියානු මානව හිමිකම් කොමිසමේ සභපති නීතිඥ බැසිල් ප‍්‍රනාන්දු මහතා දේශනයකදී හොංකොං නගරයේ විරෝධතාවය අවස්ථාවේදී දින ගණනනාවක් පොලිසිය කි‍්‍රයා කළ ආකාරය පැහැදිලි කලේය. ඉතා කුඩා සිදුවීමක් පමණක් වාර්තා වූ බවත්, පොලිසිය ඉතාමත් සන්සුන් ආකරයට විරෝධතාකරුවන් පාලනය කළ බවත් පැහැදිලි කලේය. මේ නිසා මේ අවස්ථාවේදී රජය වෙහෙසව පොලිසියේ හැසිරීම පාලනය නොකළොත් එය රජයටම පාරා වළල්ලක් වනු ඇත. 2015-11-02


2015-11-02
Advertisement

Find us on Facebook