English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අතුරුදහන්වූවන් සිහි කිරීමේ 25 වන සංවත්සරය
අතුරුදහන් කරවීම අපරාධයක් බවට පත්කර ලෙසත්, එය නැවත සිදු නොවීම සදහා කටයුතු කරන ලෙසත් බලපෑම් කිරීම සදහා අතුරුදහන්වුවන් සිහිකිරීමේ 25 වන ජාතික සැමරුමේ උත්සව දෙකක් මෙවරත් ඔක්තෝබර් 27 දින පවත්වනු ලැබීය.

  අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් 1991 වර්ෂයේ සිට අඛණ්ඩව, වාර්ෂිකව සෑම  වසරකම ඔක්තෝබර් 27 දින අතුරුදහන්කරවීම්වලට එරෙහිවත්, ඔවුන් සිහි කිරීම සදහාත් පවත්වනු ලබන මෙම උත්සවය 2000 වසරේ දී ප‍්‍රවීන චිත‍්‍ර ශිල්පී චන්ද්‍රගුප්ත තේනුවර විසින් නිර්මාණය කරන ලද සීදුව රද්දොලූව හන්දියේ ඉදිකර ඇති අතුරුදහනුවන්ගේ සිහිවටනය ඉදිරිපිට දී එදින උදේ වරුවේ දී පැවැත් විය.

සර්ව ආගමික වතාවන් වලින් ආරම්භ වූ මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිත දේශණය පැවැත්වුයේ ජාතික සංවාද පිළිබද අමාත්‍ය මනෝ ගනේසන් මහතා විසිනි. අමතරව බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහතා සහ උතුරේ සහ දකුණේ අතුරුදහන්වුවන්ගේ පවුල්වල ඥාතීන් විසින් මෙම උත්සවය අමතනු ලැබීය. ගායනයෙන් ප‍්‍රවීන ගායන ශිල්පී ජයතික බණ්ඩාර මෙම උත්සවයට සාහිත්‍යමය අර්ථයක් එක්කරනු ලැබීය.

එදින සවස 4 සිට 6.30 දක්වා අතුරුදහන්කරවීම නැවත සිදුවීම වැළැක්විය හැක්කේ යුක්තිය ඉටු කිරීම තුළිනි යන තේමාව යටතේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී විශේෂ සම්මන්ත‍්‍රණයක් පැවැති අතර, මහාචාර්ය ජයන්ත සෙනෙවිරත්න, වෛද්‍ය එම්. ගනේසන්, එලීල් රාජේන්ද්‍රන් පියතුමා, බි‍්‍රටෝ ප‍්‍රනාන්දු සහ උතුරේ සහ දකුණේ අතුරුදහන්වුන්ගේ පවුල්වල ඥාතීන් තම අදහස් දැක්වීය. මෙම උත්සවයේ ප‍්‍රධාන දේශණ විදේශ කටයුතු පිළිබද අමාත්‍ය මංගල සමරවීර මහතාත්, විපක්ෂ නාකය ආර්. සම්බන්ධන් මහතා විසිනුත් පැවැත් වීමට නියමිතව තිබූ නමුත් අසනීප තත්ත්වයන් මත අවසාන මොහෝතේ ඔවුන් සම්බන්ධ නොවීය. විදේශ කටයුතු අමාත්‍යවරයා නියෝජනය කරමින් ඔහුගේ පුද්ගලික ලේකම්වරිය විසින් මෙහි දී විශේෂ දේශනයක් පවත්වනු ලැබීය.



2015-10-28
Advertisement

Find us on Facebook