English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අතුරුදහන්වූවන් සිහිපත් කෙරෙයි


අතුරුදහන්වූවන් සිහි කිරීමේ විසි පස්වන ජාතික සැමරුම සීදූව රද්දොළුගම අතුරුදන් වුවන්ගේ ස්මාරකය අසලදී පැවැත්විණි.

අතුරු දැන් වුවන්ගේ ඥාතීන්ටද තමන් මුහුණ දුන් අත්දැකීම් විස්තර කිරීමට අවස්ථාවක් දුන් අතර මෙය රැස්ව සිටි සියලු දෙනාගේ නෙතට කඳුළක් එක් කළ මොහොතක් විය.

මෙහිදී හම්බන්තොට සිට මේ සැමරුමට එක්වූ එස් එම් ප්‍රේමසීලී මාතාව කියා සිටියේ උතුරේදී පමණක් නොව දකුණේදී ද ඝාතනය කිරීම්, අතුරුදන් කිරීම්, වද හිංසා ලබාදීම් සිදු වුනු බවයි.

තමා රැගෙන ගොස් එල්ලා පහර දුන් බවත් එහිදී කාන්තාවක් ලෙස ලබා නොදිය යුතු හිංසන වලට ද තමා ලක් කල බව පැවසුවාය.

වව්නියාවේ සිට පැමිණි ජෙය වනිතා මාතාව 17 හැවිරිදි තම දියණිය අතුරුදන් කිරීම පිළිබඳව චෝදනා කළාය.

තම දියණිය වත්මන් ජනාධිපති වරයා සමග සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් මැතිවරණ ප්‍රචාරක දැන්වීමක තිබුණු බවත් ඒ අනුව තම දියණිය කොහේ හෝ සිටින බවත් ජෙය වනිතා පැවසුවාය.

‘අතුරුදහන් කරවීම නැවත සිදු වීම වැළැක්විය හැක්කේ යුක්තිය ඉටු කිරීම තුළිනි’ යන මැයෙන් පැවති මේ සැමරුමට උතුර දකුණ ඇතුළු රටේ විවිධ ප්‍රදේශ වලින් අතුරුදන් වුවන්ගේ ඥාතීහු සහභාගී විය.

1991 වර්ෂයේ සිට අඛණ්ඩව, වාර්ෂිකව සෑම වසරකම ඔක්තෝම්බර් මස 27 දින, අතුරුදහන් කරවීම්වලට එරෙහිවත්, ඔවුන් සිහි කිරීම සදහාත් මේ සැමරුම පැවැත්වේ .

අතුරුදන් වුවන්ගේ පවුල් එකතුව මෙය සංවිධානය කර තිබිණි .

මෙහිදී අදහස් දැක්වූ අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු ප්‍රකාශ කලේ මන්නාරම රදගුරු වරයාගේ වාර්තාව අනුව යුද්ධය හේතුවෙන් අතුරුදහන් වුවන්ගේ ගණන 147 660 ක් බවයි .

එහෙත් කොමිසමට වාර්තා වී ඇත්තේ 16000 ක් තරම් සුළු ගණනක් බවද ඔහු පැවසිය .

වසර ගණනාවක්ම මේ සැමරුමට සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස පැමිණි මනෝ ගනේෂන් අද අමාත්‍යවරයෙකු ලෙස මේ සැමරුමට සහභාගී විණි.

ජනතාව මනෝ ගනේෂන් අමත්‍යවරයා වට කර ගනිමින් තම දුක් ගැනවිලි ඉදිරිපත් කරන ලදී .

මෙහිදී රැස්ව සිටි ජනතාව අමතමින් අමාත්‍යවරයා ප්‍රකාශ කලේ අතුරුදන් වුවන් සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කරන ලෙස අගමැතිවරයා තමාට උපදෙස් ලබා දී ඇති බවයි .

http://www.bbc.com/sinhala/sri_lanka/2015/10/151027_tr_missing_people




2015-10-28
Advertisement

Find us on Facebook