English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ඝාතණ හා වධහිංසාවට එරෙහිව තොරතුරු ලබා ගැනීමේ මධ්‍යස්ථානයක් විරුද්ධ පක්ෂයේ මැදිහත්වීමෙන් ආරම්භ කරන්න - AHRC
ලංකාව තුළ දිගින් දිගටම සිදු කරන විවිධාකාරයේ ඝාතණ හා වධහිංසාවන් සම්බන්ධව වහා මැදිහත්වීම සදහා විරුද්ධ පක්ෂයේ මන්තී‍්‍රවරුන්ගේ සහභාගීත්වයෙන් තොරතුරු ලබා ගැනීමේ හා මැදිහත්වීමේ මධ්‍යස්ථානයක් වහා ආරම්භ කරන ලෙස ආසියානු මානව හිමිකම් කොමිසම ප‍්‍රකාශ කර සිටී.

ජුලි 06 වන දින බදුල්ල තැපැල් කාර්යාලීය සංකීරණයේ පැවැත්වෙන කන්දෙකැටිය ඝාතණය හා නීති රකින ආයතනයන් හි කඩා වැටීම සම්බන්ධව පැවැත්වෙන මහජන විනිශ්චය සභාව වෙනුවෙන් අද දින (4) විශේෂ නිවේදනයක් නිකුත් කරමිනුයි ආසියානු මානව හිමිකම් කොමිසම මේ බව ප‍්‍රකාශ කලේ.

එම සම්පුර්ණ නිවේදනය මෙසේය.

ජුලි 06වෙනි දා බදුල්ලේ පැවැත්වෙන මහජන විනිශ්චය සභාවට                  ආසියානු මානව හිමිකම් කොමිසමේ සුභපැතුම් !

ජුලි 06 දින බදුල්ලේ මහජන විනිශ්චය සභාව පැවැත්වීම සම්බන්ධයෙන් ක‍්‍රියාකාරී වන සියල්ලන්ට ම ආසියානු මානව හිමිකම් කොමිසම සුබපතන අතර ම මෙම ප‍්‍රයත්නය සාර්ථක වේවායි පතමු.

පොලිස් අත්අඩංගුවේ දී සිදුවන ඝාතන රැල්ල දෙස බලන කල මෙම මහජන විනිශ්චය සභාව පැවැත්වීමට ගන්නා තීරණය වැදගත් එකක් බවත් අත්‍යවශ්‍ය එකක් බවත් පෙනී යයි. මෙම මහජන විනිශ්ච සභාවේ සාමාජිකාවක ලෙස කටයුතු කිරීමට නොබෝදා කන්දකැටිය පොලිස් ස්ථානයේ දී පොලිස් පහරදීමට ලක්වී ජීවිතය නැතිවුණු සදුන් මාලිංගගේ මව වන කේ. යු. මල්ලිකා මැතිණිය ගෙන ඇති තීරණය පිළිබදව අපේ ඉමහත් ගෞරවය ඇය වෙත ඉදිරිපත් කරන අතර ම ලංකාව පුරා පැතිරී යන පොලිස් ඝාතන රැුල්ලක් ඉදිරියේ මහජනතාව වෙතින් කෙරෙන දැඩි විරෝධතාවයක ප‍්‍රකාශනය ලෙස අපි එතුමියගේ මෙම සහභාගීත්වය දකිමු. මහජන ජීවිත රැකගැනීම සදහා ඉදිරියට එන මෙම දෙමාපිය බලවේගය සියලුම දෙනාගේ අවධානයට හා ගරු කිරීමට භාජනය විය යුතු ය.

පොලිස් ඝාතන හා පොලිස් වධහිංසාව ඉදිරියේ මහජනතාව අසරණ වී ඇත. මෙම ඝාතන හා වෙනත් බරපතළ අපරාධ හා මානව හිමිකම් කඩකිරීම් පිළිබදව පරීක්‍ෂණ පැවැත්වීමට පවතින රජයට කිසිදු උවමනාවක් නොමැති බව සක්සුදක් සේ පෙනෙන තත්ත්වයක් ඇත. මෙවැනි ඝාතන රැල්ලක් රටපුරා පැතිරී යන්නේ ජනතාවට නොව ඝාතකයනට රජයේ ආරක්‍ෂාව පවතින බව මෙම ඝාතකයන් හොදින් දන්නා නිසාය. රටේ ආරක්‍ෂාව භාරව සිටින ආරක්‍ෂක අමාත්‍යාංශය රටේ නීතිය රැුකීමට බැදී සිටින පොලිස් නිලධාරීන්ගේ විනයගරුකභාවය රැකීම සම්බන්ධයෙන් කිසිදු උනන්දුවක් පෙන්වන්නේ නැත. විශේෂයෙන් ම මහජන විරෝධතාවල දී පොලිස් නිලධාරීන් හා වෙනත් ආරක්‍ෂක නිලධාරීන් යොදවා මහජනතාවට බලවත් ලෙස හිරිහැර කිරීමට පමණක් නොව ඔවුන් ලවා ඝාතන කරවීම මගින් මහජනතාව බිය වැද්දීමට ද රජය කටයුතු කරන බව මීගමුව කටුනායක, රතුපස්වල ආදී ස්ථාන ගණනාවකදී ම සිදු වූ ඝාතනවලින් පෙනීයයි.
 
සාමාන්‍යයෙන් පොලිසියට විරුද්ධ ව පැමිණිලි පරීක්‍ෂා කිරීම අතීතයේ දී පොලිස්පතිවරයා සතු වගකීමක්ව පැවතුණ නමුත් දැන් එතුමා අතින් එම කාරණය නොකෙරෙන බව මහජනතාව තම අත්දැකීම් තුළින් දකී. කෙසේ වූවත් පොලිස්පතිවරයාගේ හා වෙනත් ඉහළ නිලධාරීන්ගේ සැබෑ බලය කොතෙක් දුරට පවතීද යන්නත් පිළිබදව අද මහජනතාව තුළ කිසිදු විශ්වාසයක් නැත.

අතීතයේ දී සමහර විට අධිකරණය වෙත යාම මගින් පොලිසිය විසින් කරන ඝාතන පිළිබද ව යම් මැදිහත්වීමක් බලාපොරොත්තු වූවත් දැන් එම බලාපොරොත්තුව ද මහජනතාව තුළ පවතින්නේ නැත. බොහෝ විට පොලිස් ස්ථාන තුළ දී සිදුකරනු ලබන ඝාතන සාධාරණ මිනිස් ඝාතන ලෙස පිළිගැනීමේ පුරුද්දක් ද පසුගිය කාලයේ දකින්නට ලැබිණ.

මෙහිදී පැනනගින ප‍්‍රශ්නය නම් සාමාන්‍ය ජනතාවගේ ආරක්‍ෂකයා කවුද? යන්නයි. පසුගිය මාසයක පමණ සුඑ කාලයක් තුළ අවස්ථා දෙකක දී කිසිදු සාධාරණ හේතුවකින් තොර ව පොලිසිය විසින් කරන ලද වෙඩිතැබීම් මගින් අසරණ තරුණයන් දෙදෙනෙකු ගේ ඝාතනය සිදු විය. එම ඝාතන දෙකම සිදුවූයේ පොලිසිය විසින් පිස්තෝලවලින් වෙඩි තැබීමෙනි. ඉතා පැහැදිලි ඝාතනයන් ලෙස පෙනෙන මෙම අවස්ථාවලදීත් පොලිසිය විසින් ඔවුන්ගේ අහිංසක භාවය පෙන්වීම සදහා නේක විද රංගනයන් රගපෑමද දකිත හැකි විය. මෙම රංගනයන් මගින් කරන්නේ මිනීමැරුමකින් පසු ඝාතනයට ලක්වූවන් විහිලූවට ලක්කිරීම ය.

මේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයක් නොවේ. මෙම භයානක තත්ත්වය මැඩලීමට නම් මහජනතාව හා මහජනයාගේ නියෝජිතයන් වන මන්ත‍්‍රීවරුන් මහජනයාගේ ආරක්‍ෂාව සදහා ඉදිරියට පැමිණිය යුතු ය. රජයේ මන්ත‍්‍රීවරුන්ගෙන් මෙම කාර්යය බලාපොරොත්තු විය නොහැකි ය. මේ නිසා මෙම කාර්යයට උරදිය යුතු වන්නේ විරුද්ධ පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් විසිනි. ඔවුනුත් මෙම යුතුකම පැහැර හැරිය හොත් තවතවත් බොහෝ දෙනා පොලිස් ඝාතන මගින් මරු හමුවට යනු ඇත.
 
මෙම මහජන විනිශ්චය සභාවට විරුද්ධ පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් ටික දෙනෙකු හෝ ඉදිරිපත් වී තිබීම මහජනතාව දිරිමත් කිරීමක් වනු ඇත. එහෙත් දැන් අවශ්‍යව ඇත්තේ මන්ත‍්‍රීවරුන් ටික දෙනෙකුගේ සහභාගීත්වය පමණක් නොව සියලූම විරුද්ධ පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් සිදු කළ යුතු මැදිහත් වීමකි. එවැනි ඒකාබද්ධ මැදිහත් වීමක් මගින් පවතින ඝාතන රැුල්ල නතර කර හැකිවා පමණක් නොව එම ඝාතන රැුල්ලට ඉඩදී ඇති වර්තමාන රජයට විරුද්ධව මහජනතා විරෝධයකට විශාල උනන්දු කිරීමක් ද කළ හැකි ය.

ආසියානු මානව හිමිකම් කොමිසම ලංකාවේ විරුද්ධ පක්‍ෂයේ සියලූම මන්තී‍්‍රවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ පොලිස් ඝාතන හා වධහිංසාවන්ට විරුද්ධව නිරන්තරව පැමිණිලි ලබාගැනීමේ මධ්‍යස්ථානයක් මෙම මන්ත‍්‍රීවරුන්ගේ සහභාගීත්වය තුළින් ඇති කරන ලෙස ය. විරුද්ධ පක්‍ෂයේ සියලූම මන්ත‍්‍රීවරුන්ගේ අධීක්‍ෂණය යටතේ පවත්වාගෙන යන පැමිණිලි මධ්‍යස්ථානයක් වහා ම පිහිටවීම තුළින් මෙම ඝාතන රැල්ල නතර කොට ලංකාව පුරා නීතිය ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නව ප‍්‍රවණතාවයක් රට පුරා ඇති කළ හැකිය. මන්ත‍්‍රීවරුන්ගේ අධීක්‍ෂණය යටතේ මෙම පැමිණිලි භාරගෙන ඒවා සම්බන්ධයෙන් කටයුතු කළ හැකි ස්වේඡ ක‍්‍රියාධරයන් කණ්ඩායමක් ඇතිකළ යුතු ව ඇත. මන්ත‍්‍රීවරුන්ගේ සහභාගීත්වය පවතින්නේ නම් මෙවැනි කටයුතු සදහා ස්වේච්ඡවෙන් මැදිහත් වීමට  ඕනෑ තරම් තරුණ තරුණියන් පමණක් නොව වැඩිහිටි දෙමාපියන් ද ඉදිරිපත් වෙනවාට කිසිදු සැකයක් නැත.

මෙවැනි මධ්‍යස්ථානයකින් කළ හැකි කාර්යය වන්නේ රටේ  ඕනෑම පළාතකින් එන අත්අඩංගුවට ගැනීම් හා පහරදීම් පිළිබ`දව වහා තොරතුරු ලබාගෙන එම තොරතුරු මත අදාළ පොලිස් ස්ථානවලට හා ඒවාට අදාල සියඑ ඉහළ නිලධාරීන් වෙත දන්වා වහා මැදිහත් වීමය. මේ ආකාර මැදිහත් වීම් පිළිබද අත්දැකීම් ආසියානු මානව හිමිකම් කොමිසම සතුව පවතී. අවස්ථා ගණනාවකදී අප සංවිධානයට ලැබුණු තොරතුරු අනුව හොං කොං නගරයේ මූලස්ථානයේ සිට බොහෝ පොලිස් ස්ථානවලට අප කථාකොට ඇති අතර ඒ මගින් ඒ වන විටත් වදහිංසාවට භාජනය වෙමින් සිටි සමහරුන් මුදවා ගැනීමට අපට හැකි වී ඇත. ලංකාවේ විරුද්ධ පක්‍ෂයේ සහභාගීත්වය ද ඇතිව මෙවැනි මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය හොත් දිනපතාම ලංකාවේ පොලිස් ස්ථාන කෙරෙහි ඉතා බලවත් මැදිහත් වීම් කිරීමට ද හැකි වන අතර මෙම ඝාතන රැුල්ල නතරකර දැමීමට හැකි වනු ඇත.

අවශ්‍ය ව ඇත්තේ ස්ථීරසාර මුල් පියවරකි. එම පියවර ගැනීමට ලංකාවේ විරුද්ධ පක්‍ෂයේ දේශපාලන පක්‍ෂ ඉදිරිපත් වුවහොත් ඒ සදහා අවශ්‍ය මහජන සහාය මෙන්ම අදාළ සම්පත් ද ගලා එනවාට කිසිම සැකයක් නැත.
 
අප ඉල්ලා සිටින්නේ පොලිස් ඝාතන නතර කිරීමේ වගකීම එඩිතරව භාරගැනීම සදහා ලංකාවේ විරුද්ධ පක්‍ෂයේ සියලූ මන්ත‍්‍රීවරුන් ඉදිරිපත් විය යුතු බවයි. ලංකාවේ අනාගතය භාරගැනීම සදහා ඔවුන් තුළ කොපමණ අධිෂ්ඨානයක් තිබේද යන්න මෙම පියවර මගින් සනාථ වනු ඇත.

බදුල්ලේ දී පවත්වන මෙම මහජන විනිශ්චය සභාව උපයෝගී කරගනිමින් ලංකාවේ සියලූම විරුද්ධ පක්‍ෂවල සහභාගීත්වයෙන් ඇති කර ගන්නා මහජන ආරක්‍ෂක මූලස්ථානයක් හා වැඩපිළිවෙලක් කරා වහා යොමුවීම මගින් මෙම ඝාතන රැල්ල තීරණාත්මක ව අවසානයකට ගෙන එන ලෙස අපි සියලූ දෙනාගෙන්ම ඉල්ලා සිටිමු.

ආසියානු මානව හිමිකම් කොමිසම - හොංකොං
04.07.2014




2014-07-04
Advertisement

Find us on Facebook