English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


කි‍්‍රයාදරයින් කි‍්‍රයාත්මක වේ
කි‍්‍රයාදරයින් කි‍්‍රයාත්මක වේ
රයිට් ටු ලයිෆ් සංවිධානයේ මානව හිමිකම් කි‍්‍රයාදරයෙක් ලෙස පුහුණුව ලැබූ හුංගම, ඩබ්. ආර්. රත්නායක මහතා තමන්ගේ අත්දැකීම් සහ පුහුණුව මානව යහපත උදෙසා යොදවයි. සිද්ධිය මෙසේය.


2014 පෙබරවාරි 19 වන දින රාති‍්‍රයේ එස්.ඊ.ලින්ටන් මහතා සහ තවත් තිදෙනෙක් සමග තම කුඹුරට ගවයින් ඒම වැලැක්වීම සඳහා එම ගවයින් පැමිණෙන මාර්ගය අසල රැුකවල්  ලා සිටියදී රාතී‍්‍ර 9.45 ට පමණ පැමිණි හුංගම පොලිස් ස්ථානයට අයත් ජීප් රථය පදවාගෙන පැමිණි පොලිස් රියදුරු ජයසිංහ මහතා විසින් එස්.ඊ.ලින්ටන් මහතා ඇතුළු අනෙක් තිදෙනාට අසභ්‍ය වචනයෙන් බැන වැදී තර්ජනය කොට ඇත. එයට හේතුව වී ඇත්තේ පොලිසිය පැමිණෙන විට නැගිට ගරු නොකළේ යයි ජයසිංහ පවසා ඇත. මෙම සිද්ධිය සම්බන්ධව එස්.ඊ. ලින්ටන් මහතා විසින් රත්නායක මහතාට පැමිණ පැමිණිලි කළේය. ඔහු විසින් රත්නායක මහතාගෙන් ඉල්ලා සිටියේ මෙම අවමන් කිරීම සම්බන්ධයෙන් එම නිලධාරියාට දඩුවම් කිරීමට නීතියේ පිහිට ලබා දෙන ලෙස ය. ඒ අනුව එම සිද්ධිය පිලිබඳව ලිඛිත පැමිණිල්ලක් සකස් කොට අදාල ආයතනයන් ට ඉදිරිපත් කරන රත්නායක මහතා ඒ සඳහා ලැබුනු ප‍්‍රතිචාරය අනුව 2014--3-07 දිනත්, 2014-03-14 දිනත්, තංගල්ල සහකාර පොලිස් අධිකාරි තුමා හමුවට එස්.ඊ. ලින්ටන් මහතා සහ අනෙක් තිදෙනා ඒ සඳහා පිටත් කර යැවීමට කටයුතු කරයි. 2014-03-19 වන දින ජාතික පොලිස් කොමිෂන් සභාවේ, කොළඹ අධ්‍යක්ෂක තුමා මේ සම්බන්ධයෙන් විමර්ෂනයක්  කිරීමට වාචික සාක්ෂි සහ දිවුරුම් ප‍්‍රකාශ ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටි විට ඒ ගැන ද කි‍්‍රයාත්මක වේ. මේ වන විට සිදුවුනු පරීක්ෂණවල ප‍්‍රථිඵල දැන ගන්නා වූ පොලිස් රියදුරු ජයසිංහ 2015-10-02 වන දින රාති‍්‍රයේ එස්.ඊ.ලින්ටන් මහතාගේ නිවසට පැමිණ තමාගේ රැුකියාව රැුක දෙන ලෙසත්, සිදුවූ වරදට සමාව ලබා දෙන ලෙසත්, ඉල්ලා ඇත. 2015-10-05 තංගල්ල සහකාර පොලිස් අධිකාරි ගේ ඇරයුම් එහි යන එස්.ඊ ලින්ටන් මහතා රියදුරු ජයසිංහ නැවත වතාවක් ඒ ලෙස හැසිරුණහොත් ඔහුගේ වැඩ තහනම් කරන ලෙසයි. මෙහිදී තංගල්ල සහකාර පොලිස් අධිකාරි රියදුරු ජයසිංහට දැඩි ලෙස අවවාද කරයි. පැමිණිල්ල සමතයකට පත්වේ.
මෙහිදී රත්නායක මහතා කි‍්‍රයාකළ ඇති ආකාරය සහ එය විසඳාගත් ආකාරය ප‍්‍රසංසනීය වන අතර, එය අනෙක් මානව හිමිකම් කි‍්‍රයාදරයින්ට ද ආදර්ශයක් වේ. වෘත්තියෙන් ගොවියෙකු වූ රත්නායක මහතා තමන්ගේ සගයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම ද, ඒ වෙනුවෙන් සටන් කිරීමට ඔවුන් ධෛර්යය කිරීමට පැසසුම් කටයුතුය.





2015-10-15
Advertisement

Find us on Facebook