English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


දෙමළ රැුදවියන්ගේ උපවාසය දිගටම
දෙමළ රැුදවියන්ගේ උපවාසය දිගටම
තමන්ට එරෙහිව චෝදනා ඇත්නම් නඩු පවරන ලෙසත්, නැතහොත් නිදහස් කරන ලෙසත් නැත්නම් නඩු පවරන ලෙසත්, නැතහොත් නිදහස් කරන ලෙසත්  ඉල්ලමින් ඔවුහූ 12 වෙනි දින උදෑසන සිට අද දක්වා ආහාරපාන වර්ජනය කරමින් උපවාසයේ යෙදී සිටිති. මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් මැදහත්වීමට උත්සාහ කළත්, ඉන් තවමත් ප‍්‍රථිඵලයක් ලැබී නොමැත.

උතුරු පලාත් මහ ඇමති විග්නේෂ්වරන් මහතා ද මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරමින් ලිපියක් නිකුත් කර තිබෙනවා. සිකරුවන්ගේ නාමලේඛනයක් සකස් කිරීම, ඔවුන්ව අත් අඩංගුවට ගන්නා ලද වරද අනුව වර්ග කිරීම, සුළු වැරදිවලට සමාව හෝ ඇප මත නිදහස් කිරීම. ත‍්‍රස්තවාදය වැලක්වීමේ පනතට වැටෙන වැරදි වලට අදාල සිරකරුවන්ට නඩු පැවරීම හෝ එය එම වැරදි නිසි අයුරින් ඔප්පු කිරීමට නොහැකි නම් ඔවුන් නිදහස් කිරීම ඇතුළු තවත් යෝජනා ගණනාවක් එම ලිපියට ඇතුලත් ය.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රෝහණ පුෂ්පකුමාර මහතා මාධ්‍යට පවසා සිටියේ ඔවුන්ගේ ඉල්ලීම් ඇතුළත් ලිපිය ජනාධිපතිතුමා ඇතුලූ අනෙකුත් බලධාරීන් වෙත යොමු කළ බවයි.
වසර ගණනාවක් තිස්සේ සිරගත වීමෙන් ඔවුන්ගේ ජීවිතය ද, ඔවුන්ගේ ඥාතීන්ගේ ජීවිත ද අවුල් වී ඇත. මේ නිසා ඔවුන් වෙනුවෙන් ඉක්මනින් තීරණයක් ගැනීමට අදාල බලධාරීන්ට බල කර සිටිමු.


2015-10-15
Advertisement

Find us on Facebook