English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


රවිරාජ් ඝාතනයේ එක් සැකකරුවෙකුට නීතිපතිගෙන් සමාව
රවිරාජ් ඝාතනයේ එක් සැකකරුවෙකුට නීතිපතිගෙන් සමාව
2006 නොවැම්බර් මස 10 වැනි දින කොළඹ නාරාහේන්පිට වාහනයකින් ගමන් කරමින් සිටියදී වෙබි තබා ඝාතනය කරන ලද දෙමළ ජාතික සංවිධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සහ ඔහුගේ ආරක්ෂකයා වූ පොලිස් සැරයන් ලක්ෂ්මන් ලොකුවැල්ල සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවේ සිට මුදා හැර තිබෙන ජනාධිපති ආරක්ෂක අංශයේ නියුතු වූ පී‍්‍රතිරාජ් මනම්පේරි නැමති සැකකරුට කොන්දේසි සහිත සමාවක් ලබා දීමට නීතිපති වරයා තීරණය කර තිබේ. මේ බව ප‍්‍රකාශයට පත් වූ යේ පසුගිය 13 වෙනි දින මේ සම්බන්ධයෙන් නඩුව කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නිරෝෂා ප‍්‍රනාන්දු මහත්මිය ඉදිරියේ යළි කැඳවූ අවස්ථාවේදීය.

මේ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් වන්නේ නාවිකා හමුදාවේ සම්පත් මුණසිංහ හෙවත් නේවි සම්පත්, රිමාන්ඞ් බාරයේ සිටින ප‍්‍රසාද් චන්දන,කුමාර හෙට්ටිආරච්චි,වැලිවලගෙදර ගාමිණී සෙනෙවිරත්න ඇතුළු හය දෙනෙකි.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කරුණු ඉදිරිපත් කරමින් මෙම ඝාතන සිද්ධිය සිදුවී දැනට වසර 09ක් ගත වී ඇතත් පරීක්ෂණ කටයුතු අවසන් කර නොමැති නිසා පරීක්ෂණ කටයුතු ඉක්මනින් අවසන් කරන ලෙසට රහස් පොලිසියට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය. මහේස්ත‍්‍රාත්තුමිය අදාල නිවේදනය සිදු කළාය.




2015-10-15
Advertisement

Find us on Facebook