English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


එල්.ටී.ටී.ඊ මාධ්‍ය ප‍්‍රකාශක සහ භාෂා පරිවර්තක ගැනත් නීතිිපති නිහඬයි.
එල්.ටී.ටී.ඊ මාධ්‍ය ප‍්‍රකාශක සහ භාෂා පරිවර්තක ගැනත් නීතිිපති නිහඬයි.
මේ දිනවල වාර්තාවෙන නීතිපති දෙපාර්තමේන්තුවේ දුර්වලතා වලට තවත් සිදුවීමක් එක්ව තිබේ. එල්.ටී.ටී.ඊ සංවිධානයේ භාෂා පරිවර්තක වශයෙන් සිටි ජෝර්ජ් මාස්ටර් සහ මාධ්‍ය ප‍්‍රකාශක වශයෙන් සිටි දයා මාස්ටර් යන දෙදෙනා අත් අඩංගුවට ගෙන ඔවුන් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු නිමවා නීතිපතිට යොමු කර වසර 04ක් ගත වුවත් තවමත් ඊට අදාල නීති උපදෙස් ලැබී නැතැයි රහස් පොලිසිය පසුගිය 13 වෙනි දින කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්තුමාට දැනුම් දුන්නේය.

උතුරේ යුද සමයේ උච්චතම අවස්ථාවකදී උතුරු පලාතෙන් පැමිණි අවතැන් වූ ජනතාව අතර සිටි මෙම සැකකරුවන් යුද හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදි. පසුව රජය විසින් ඔවුන් දෙදෙනා රජයේ ප‍්‍රචාරාත්මක කටයුතු සඳහා යොදා ගන්නා ලදි. දැන් ඔවුන්ට ඇප ලැබී ඇති අතර මෙම නෛතික කි‍්‍රයා මාර්ග අවසන් වන තුරු ඔවුන්ට ඔවුන්ගේ ජීවන කටයුතු  සම්බන්ධයෙන් ද තීරණයක් ගැනීමට ගැටලූවක් පවතී. යුද සමයේ දෙස් විදෙස් ජනමාධ්‍යවේදීන් අතර ජනපි‍්‍රය චරිතයන් වූ මෙම දෙදෙනා එල්.ටී.ටී.ඊ හී සිවිල් කටයුතු සඳහා යොදවා තිබුනි.
මෙම සැකකරුවන් පැවැත්වූ විමර්ශනයන් අවසන් කර ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි කි‍්‍රයා මාර්ග තීරණය කිරීම සඳහා විමර්ශන උද්ධෘත ගොනුව 2011 අපේ‍්‍රල් 2 වන දින ඊ.ඊ.ආර්.34/2011 යටතේ නීතිපති වරයා වෙත යොමු කර තිබේ.



2015-10-15
Advertisement

Find us on Facebook