English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


රාජපක්ෂ හොල්මන් තවමත් කි‍්‍රයාත්මකයි!
රාජපක්ෂ හොල්මන් තවමත් කි‍්‍රයාත්මකයි!
ජනාධිපතිවරණය සමයේ හිටපු ජනාධිපතිවරයාගේ ඡුන්ද ව්‍යාපාරය තුළ බෙදීමට සිල් රෙදි සඳහා රුපියල් කෝටි 60 ක රාජ්‍ය අරමුදල් අවභාවිතාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිගේ ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වන අනූෂ පැල්පිට මහතා අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් නොවැම්බර් 05 වෙනි දිනට ප‍්‍රථම අධිකරණය ඉදිරියේ පෙනී සිටිමින් කරුණු දක්වන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් මහතා මූල්‍ය අපරාධ කොට්ටාශ ඒකක 2 ස්ථානාධිපතිවරයාට ඔක්තෝම්බර් 08 වෙනි දින නියෝග නිකුත් කළේය.
 
මෙම මුදල් ගණුදෙනුවේදී විදුලි සංදේශ නියාමන කොමිසමට අයත් රුපියල් කෝටි 60 ක මුදල, හිටපු ජනාධිපතිවරයාගේ ලේකම්වරයාගේ තැප්‍රොබේන් ශාඛාවේ ගිණුමට යවා ඇත. මෙම නියෝග දීමට සිදුවූයේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශය විසින් මහේස්ත‍්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් ඉල්ලා තිබුණේ ඔවුන්ගේ කොළඹ මහාධිකරණය මගින් ඇප මත මුදා හැර තිබූ මොවුන් දෙදෙනාගේ විදේශ ගමන් තහනම ඉවත් කර දෙන ලෙසය. නීතිපතිවරයා විසින් චූදිතයන්ට එරෙහිව මහාධිකරණයේ නඩු පවරා, මහාධිකරණයෙන් ඇප නියම කර තිබියදී ඔවුන්ගේ විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස මෙම අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ මක්නිසාදැයි අතිරේක මහේස්ත‍්‍රාත්තුමා ප‍්‍රකාශ කර සිටියේය.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය, පොලිස් පනත, අපරාධ නඩු විධි විධාන සංග‍්‍රහ පනත ගරුකොට ගනිමින් පනවා ප‍්‍රතිපාදන පරිදි කි‍්‍රයා කරමින් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේම ගරුත්වය ආරත්ෂා කරමින් හා ඉහත පනත් මගින් ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් ද, සම්මත කර ඇති මූලික නීතිය පරිදි අධිකරණය අධිකරණ සංවිධාන පනත මගින් මහේස්ත‍්‍රාත් අධිකරණය සතු අධිකරණ බලය අවසංකල්පනය නොකොට සහ යටපත් නොකොට මෙම නඩුව සම්බන්ධයෙන් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකිරීම පිළිබඳව ( පොලිස් ආඥා පනතේ (ඇ* වගන්තිය, අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනතේ 120,115 පොදු දේපල පනතේ අටවැනි වගන්තිය * අධිකරණයේ පෙනී සිට කරුණු දැක්වීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාශයේ ඒකක 02 ස්ථානාධිපතිවරයාට නොතිසි නිකුත් කළේය.
මෙහිදී පැහැදිලි වන්නේ මහින්ද රාජපක්ෂගේ බලපෑම තවමත් රටේ රාජ්‍ය නිලධාරීන් කෙරෙහි පවතින බවත්, ඔහුට එරෙහිව තීරණයක් ගැනීමට මැලිවන බවත් ය. මෙම සිල් රෙදි සිදුවීම සිදුවී තිබෙන ආකාරය බැලූ විට පෙනී යන්නේ එය ඇප දිය නොහැකි වැරැුද්දක් බවයි. සාමාන්‍ය මිනිසෙකු වැරැුද්දක් කළ විට ඔහුට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක වීමත්, දේශපාලන බලය ඇත්තන් කළ විට එය සාමාන්‍යකරණයක් වීමත් වහාම නැවැත්විය යුතුය. දින කිහිපයකට පෙර මහාධිකරණයෙන් ඔවුන්ට ඇප ලබා දීමත් නීති ක්ෂේත‍්‍රයේ සහ යහපාලනයක් බලාපොරොත්තු තබා සිටි බොහෝ දෙනාගේ කැළඹීමට හේතු වී ඇත. මෙම තත්ත්වය දැන්ම පාලනය කළ යුතුව ඇත. නීතිය කාටත් සමානව කි‍්‍රයාත්මක විය යුතුය.




2015-10-09
Advertisement

Find us on Facebook