English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


යුක්තිය මත පදනම්ව සංහිඳියාව ජයගැනීම - ජිනීවා වලට පසුවදනක්
යුක්තිය මත පදනම්ව සංහිඳියාව ජයගැනීම - ජිනීවා වලට පසුවදනක්
පසුගිය දින කිහිපය තුළදීම සිදුවූ සිදුවීම් කිහිපයක් වෙත අපගේ අවධානය යොමු විය යුතු යයි සිතමි. ඒ ලංකාව පිළිබඳ ජිනීවා යෝජනාව සම්මත වීමෙන් පසුව රට තුළ ඇති වී තිබෙන තත්ත්වයන් සැලකිල්ලට ගනිමිනි. 2015 ඔක්තෝම්බර් 06 වෙනි දින පාර්ලිමේන්්තුවේදී ජාතික නිදහස් පෙරමුණේ ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, එස්.පේ‍්‍රමරත්න, මහජන එක්සත් පෙරමුණේ සිසිර ජයකොඩි, පිවිතුරු හෙළ උරුමයේ උදය ගම්මන්පිල යන මන්තී‍්‍රවරුන් විසින් ”රණවිරුවන් බිලිදෙන දෙමුහුන් අධිකරණය එපා” යනුවෙන් විරෝධතාවයක් පළ කර තිබේ.
මෙම විරෝධතාවය අනාගතයේදී ඇතිවෙන ජාතිවාදී මුහුණුවරක් ගත් ජනතා ඇවිස්සීම්වල ආරම්භයක් වනු ඇත. පසුගිය දා සම්මත වූ ජිනීවා මානව හිමිකම් යෝජනාව සම්බන්ධ කර ගනිමින් ඉදිරි කාලය තුලදී ජාතිවාදී කණ්ඩායම් ජනතාව උසිගැන්වීමට උත්සාහ දරණු ඇත. එල්.ටී.ටී.ඊ සංවිධානය සමග පැවති යුද්ධය තමන් විසින් ඔවුන්ව පරාජය කර ජයග‍්‍රහණය කළ නිසා විදුලි පුටුවට යාමට සිදුවන බව පැවසූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ද ජිනීවා යෝජනා නිසා රට විදේශීය කුමන්ත‍්‍රණයකට හසුවන බව පවසා තිබුනි.

එමෙන්ම ජාත්‍යයන්තර පරීක්ෂණයක් ගැන බලාපොරොත්තු තබාගෙන සිටින තමිල්නාඩුවේ මහඇමති ජයලලිතා සහ හිටපු මහඇමති කරුණානිධි ඇතුලූ දෙමළ කණ්ඩායම් කිහිපයක්ම මෙම දේශීය යාන්ත‍්‍රණය සම්බන්ධයෙන් ජිනීවා යෝජනාවන්ට තම විරෝධය පළ කර ඇත. ඔවුන් පවසන්නේ මෙම යෝජනාව ශී‍්‍ර ලංකා රජයට වාසිදායක බවයි. මේ නිසා තමිල්නාඩුව රජය සහ ජනතාව විසින් මේ සම්බන්ධයෙන් විරෝධතාවයන් අනාගතයේ දී ආරම්භ කරනු ඇත.
එමෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ යුද අපරාධ චෝදනාව පිළිබඳව තමන් ශ‍්‍රී ලංකා ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පවසා තිිබුනි. ඔහු මෙසේ පවසා සිටියේ එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි වී ලංකාවට පැමිණ පසු පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදීයි. තව දුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා
”මානව හිමිකම් යෝජනාවෙන් ඉල්ලන්නේ මානව නිදහස, මානව අයිතිවාසිකම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන්න කියලයි. සාමය, සංහිඳියා පිළවෙළත ශක්තිමත් කිරීම අපේ රජයේ මූලික ප‍්‍රතිපත්තියක්. මෙහිදී හානිපූරණය ඉතා වැදගත්. අවුරුදු 30ක යුද්ධයේ ඉඩම් අහිමි වූවන්ට ඉඩම් දීම වැනි දේවල් අවශයයි. ”
”ඉදිරියේ දී අපට පියවරෙන් පියවර කටයුතු කරන්න පුළුවන්. අපි ජාතිවාදය මල් ඵල ගැනීම අවසන් කළ යුතුයි. අලූත් රටක් විදියට අපි ජනතාවට නිදහසේ ජීවත්වීමේ අයිතිය ලබා දිය යුතුයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ දේශීය යාන්ත‍්‍රණයකින් මේ ප‍්‍රශ්ණය විසඳනවා ජනතාවට බරක් නොවන විදියට. බේදවාචකයක් නොවන ලෙස මේ ප‍්‍රශ්නය විසඳන බව මම ස්ථීර ලෙසින්ම කියනවා. ”
යයි පවසා සිටියේය.
ජිනීවා යෝජනාවලිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේ, ”ජාත්‍යයන්තර මානව හිමිකම් නීතිය යටතේ පරීක්ෂණයක් පැවැත්වීමට මහින්ද රාජපක්ෂ රජය එකඟත්වය පළ කළත්, එය පැවැත්විය යුත්තේ දේශීය යාන්ත‍්‍රණයක් හෝ ජාත්‍යයන්තර යාන්ත‍්‍රණයක් යටතේ බවත් ඔවුන් එදා කියා සිටියේ නැහැ. එදා නඩු විභාග කිරීමට සූදානම් වූ අතර, දරුස්මාන් වාර්තාවෙන් ද පරීක්ෂනයක් සඳහා සූදානම් බව කියා සිටියා. එදා දේශීය නීතිය යටතේ නඩු පවරන බව කියා සිටියා. එල්.එල්.ආර්.සී වාර්තාවෙන් ඉදිරිපත් කළත් එය ද කි‍්‍රයාත්මක කළේ නැහැ............රාජපක්ෂ කල්පනා කළේ තමන්ට විරුද්ධ ගේන නඩු කොහොමද නවත්ත ගන්නේ කොහොමද කියලා?. අපි ඒ ක‍්‍රමය අනුගමනය කලේ නැහැ. එදා බැලූවේ ප‍්‍රජාතත්න‍්‍රවාදය නැති කරලා නඩු විභාග කරලා බේරෙන්නයි. නමුත් අපි කියා සිටියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොමැතිව නඩු විභාග කළ නොහැකි බවයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පවතී නම් නඩු විභාග කිරීම ගැටලූවක් නොවේ.” යනුවෙනි.
ජනාධිපති. අගමැති, විදේශ ඇමති පමණක් මේ සම්බන්ධයෙන් කි‍්‍රයාත්මකවීමෙන් ඵලක් නොවේ. මේ සම්බන්ධයෙන් එකඟතාවයක් දක්වන රජයේ සියලූම දෙනා එක්ව මුළු රටම දේශීය යාන්ත‍්‍රණය සම්බන්ධයෙන් දැනුවත් කළ යුතුය. රජයට අනුගත සියලූම කණ්ඩායම් සම්බන්ධ කරගත යුතුය.
රජය සහ ජනාධිපති මෙම යාන්ත‍්‍රණය කි‍්‍රයාත්මක කිරීමට එකගතාවයකින් කි‍්‍රයාකරන බවත්, සැලසුමක් ඇතිව සිටින බවත් පෙනේ. නමුත් පවතින තත්ත්වයන් අනුව එය පහසු නොවනු ඇත. 1987 සාම ගිවිසුම කාලයේ දී ජනතාව කුපිත කළා මෙන් තත්ත්වයක් ඇතිවීමට ද බොහෝ ඉඩ තිබේ. එවැනි තත්ත්වයක් ඇති නොවීමට නම් ඉතා ප‍්‍රවේසමෙන් තත්ත්වය පාලනය කිරීමක් මුලදීම කළ යුතු වේ. ජනතාව දැනුවත් කිරීම ඉන් ප‍්‍රධානයි. ඉන් ප‍්‍රධාන වන්නේ රජය සමග සිටින ඇමතිවරුන්, මන්තී‍්‍රවරුන්, ප‍්‍රදේශීය සභා නියෝජිතයින්, සමෘද්ධි නියාමකයින්, ග‍්‍රාම සේවකයන්, ප‍්‍රාදේශීය සභා නියෝජිතයින්, ඇතුලූ සියලූම දෙනාව මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඔවුන් හරහා සිදුවන පරීක්ෂණය සම්බන්ධයෙන් දැනුවත් කිරීම් සිදු කිරීමයි. ගුරුවරුන්, පාසැල් ළමුන් හරහා ද යම් යම් අධ්‍යාපනික වැඩසටහන් සිදු කළ යුතුව තිබේ.
ජනමාධ්‍යයන්ට ද විශාල වැඩ කොටසක් මින් පැවරී තිබේ. ජනතා අදහස් හී වේදිකාවක් වනවාත් සමගම ඔවුන් දැනුවත් කිරීමට ද ඉඩක් ලෙස භාවිතා කළ යුතුය. ජනවර්ගයන් අතර තිබිය යුතු සමාන අයිතිවාසිකම් පිළිබඳ ආකල්ප ඇති කිරීමටත් ජනමාධ්‍යයන් භාවිතා කළ යුතුය.
නැති නම් සිදුවන්නේ ඉතා ඉක්මනින් ඇවිස්සිය හැකි ජාතිවාදය නිසා මුලූ රටම  නැවතත් ගිනි තැනීමට හැකියාවක් අන්තවාදී කණ්ඩායම් වලට ඇතිවීමයි. මහින්ද රාජපක්ෂ සමග නැගිටි ජාතිවාද බලවේග තවමත් සිටියි. ඔවුන් සිටින්නේ තනිව නොවේ. ආර්ථික, දේශපාලන, සහ සම්බන්ධතා ඡුාලයක් සමගය. එම සම්බන්ධතා ඡුාලය අල්ලස් සහ වෙනත් විශේෂ වාසි නිසා වැඩි වර්ධනය වූවක් නිසාත්, ඔවුන් විවිධ අක‍්‍රමිකතා හේතුවෙන් ඔවුන් නීතියේ රැුහැනට ලක්වීමට ඉඩ ඇති නිසාත්, ඔවුන් සංවිධානය කිරීමට පහසුවක් වනු ඇත. එවැනි කණ්ඩායම් සංහිඳියාවක් ඇති කිරීමේදී රජයට විශාල අභියෝගයක් වන ඇත. ඒ නිසාම රජයත් ඒ හා සම්බන්ධ අනෙකුත් ආයතනයත් ඉතා ඉක්මනින් ජනතාව දැනුවත් කිරීමේ කාර්යයන් ඇරඹීම සිදු කළ යුතුය.
සිවිල් සංවිධානවලට මේ සියල්ලටම වඩා වගකීමක් මේ සම්බන්ධයෙන් පැවරී ඇත. විවිධ බාධා සහ අපහසුතා, මරණීය තර්ජනයන් මැද මානව හිමිකම් වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදු කළ සංවිධානවලට නැවතත් ජනතාව දැනුවත් කිරීමේ සහ අන්තවාදී රැුළිවලින් මුදවා ගැනීමේ අභියෝගාත්මක කාර්්‍යභාරයක් ඇත. දේශීය යාන්ත‍්‍රණය සම්බන්ධව ගවේශනයක් කිරීම සහ මෙවැනි යාන්ත‍්‍රණයන් භාවිතා කළ වෙනත් රටවල අත්දැකීම් ගැන අධ්‍යයනයක් කර ඒවා සම්බන්ධයෙන් ඉහත දක්වන ලද සියලූ කොටස් දැනුවත් කිරීම වැදගත්. එහි දී ව්‍යාපෘතියකට එහා යමින් සමාජයේ කාලීන අවශ්‍යතාවක් ලෙස සලසා ඒවා තුළ ඇති ජනතා මානසික වෙනස්කම්, ආකල්ප වෙනස්කම් වෙත අවධානය යොමු කළ යුතු බව අපගේ හැගීමයි. එසේ නොමැතිව මේ යුක්තිය මත පදනම් වූ සංහිඳියාව ජය ගත නොහැකියි.




2015-10-07
Advertisement

Find us on Facebook