English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ශ්‍රී ලංකාව ගැන සම්මත වූ ජිනීවා යෝජනාවලිය ගැන නිවැරදි අර්ථ දැක්වීම සිංහලෙන්
ශ්‍රී ලංකාව ගැන සම්මත වූ ජිනීවා යෝජනාවලිය ගැන නිවැරදි අර්ථ දැක්වීම සිංහලෙන්

:ලංකා ඊ නිව්ස් - ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී පසුගියදා සම්මත වූ ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවලිය ස්වාධීන නීතිඥ මණ්ඩලයක් විසින් ජිනීවා යෝජනාවලිය අර්ථ ගන්වන ලද ආකාරයයිග
 
මානව හිමිකම් කවුන්සලයේ 30 වන සැසිවාරය - කෙටුම්පත් යෝජනාවලිය
2 වන අයිතමය - ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානයල වගවීම හා මානව අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම
මානව හිමිකම් කවුන්සලය
පෙර වදනට අදාළ ඡේද
අර්ථ නිරූපනයථ යෝජනාවලියක පෙරවදනට අදාළ ඡේද මගින් සිදු කරන්නේ අදාළ යෝජනාවලියේ පසුබිම සහ හරය පැහැදිලි කිරීමටයිග යෝජනාවලියේ ක්‍රියාත්මක කිරීමේ පරිච්ඡේද මෙන් පෙරවදනට අදාල ඡේද ක්‍රියාත්මක කිරීමේ වගකීමෙන් බැඳෙන ඡේදයන් නොවන නමුත් එකී ඡේදයන් මගින් යෝජනාවට පදනම් වූ තාර්කික චින්තනයන් පැහැදිලි කර දෙනු ලබයිග ක්‍රියාත්මක කිරීමේ පරිච්ඡේදයන් අර්ථ දැක්වීමේදීද මෙම පෙරවදනට අදාල ඡේද උපකාරී වේග ක්‍රියාත්මක කිරීමේ පරිච්ඡේදයන් අපැහැදිලි වන අවස්ථා වලදී හෝ ඊට එකකට වැඩි අර්ථ ගණනක් ආරෝපණය කල හැකි අවස්ථා වලදීල එකී ක්‍රියාත්මක කිරීමේ පරිච්ඡේදයෙහි වඩාත්ම නිවැරදි අර්ථය හඳුනා ගැනීමට බොහෝ අවස්ථාවලදී පෙරවදනට අදාල පරිච්ඡේද ඇසුරු කර ගනු ලබයිග
මීට පෙර කෙටුම්පතෙහි භාෂාවට සිදු කර ඇති වෙනස්කම් බොහොමයක් වගවීමල එක්සත්ජාතීන්ගේ ක්‍රියාවලිය සහ සංහිඳියාව පිලිබඳ රජයේ දේශපාලන මතය උලුප්පා දැක්වීමේ අරමුණින් කර ඇති බව පාඨකයන්ට පැහැදිලි වනු ඇතග
 
පීපී 1ග එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු හා මූලධර්මයන් යළි ප්‍රතිඥා දෙමින්ල
පීපීග2ග මානව හිමිකම් පිළිබඳ පොදු ප්‍රකාශනයල මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මතය සහ වෙනත් විධිමත් ලේඛණවලින් මාර්ගෝපදේශකත්වය ලබා ගනිමින්ල
පීපීග 3ග ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන කටයුතු හා වගවීම පිළිබඳ කටයුතු වර්ධනය කිරීම සම්බන්ධයෙන් 2012 මාර්තු 22 වන දිනැති අංක 19රැු2 දරණ යෝජනාවල 2013 මාර්තු 21 දිනැති අංක 22රැු1 දරන යෝජනාව සහ 2014 මාර්තු 27 දිනැති අංක 25රැු1 දරන යෝජනාවන් ද නැවැත සැලකිල්ලට ගනිමින්ල
අර්ථ නිරූපනයථ ඉහත දැක්වෙන ඡේදයන් ත්‍රිත්වය මානව හිමිකම් කවුන්සිලයේ සෑම යෝජනාවලියකම පාහේ අන්තර්ගතවන සම්මත ඡේදයන් වේග
 
පීපීග 4ග ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයල නිදහසල සමගිය හා භෞමික අඛණ්ඩතාව කෙරෙහි ඇපකැප වන බවට ප්‍රතිඥාදෙමින්
අර්ථ නිරූපනයථ මෙම ඡේදය මීට පෙර ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාව පිලිබඳ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවලීන්ගෙන් උපුටා ගත් එකකිග ඇතැමෙක් ප්‍රකාශ කල පරිදි මෙම යෝජනාව වෙනම රාජ්‍යක් පිහිටුවීම අරමුණු කර ගත් එකක් නොවන බව මෙම ඡේදයෙන් පැහැදිලි වේග
 
පීපීග 5ග මුළු මහත් ජනතාවට සියළුම මානව හිමිකම් හා මූලික නිදහස භුක්ති විඳීමට ඇති අයිතිය එක් එක් රාජ්‍යය වෙත පැවරෙන වගකීමක් බවට ප්‍රතිඥාදෙමින්ල
අර්ථ නිරූපනයථ අන්තර්ජාතික මානව හිමිකම් නීතියට අනුව රටක මානව හිමිකම් ආරක්ෂා කිරීමේ මුලික වගකීම රජය සතු වේග
 
පීපීග6ග 2015 ජනවාරි මාසයේ දී හා අගෝස්තු මාසයේ දී පැවති ඓතිහාසික නිදහස් හා සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ගැන සතුටුවෙමින්ල
අර්ථ නිරූපනයථ ශ්‍රී ලංකාව තුල 2015 වසරේ ජනවාරි මාසයේදීත් ඉන් පසුව අගෝස්තු මාසයේදීත් සිදු වූ වෙනස්කම් පිළිබඳව යෝජනාවලියේ සඳහන් කිරීම පිළිබඳව මෙම යෝජනාවලියේ සම අනුග්‍රාහකයන් ඉමහත් උනන්දුවක් දැක්වීයග ඇමරිකා එක්සත් ජනපදයේ ජිනීවා තානාපති කීත් හාපර් මහතා දිගින් දිගටම අවධාරණය කර සිටියේ මෙම යෝජනාවලිය තුල යථාර්තයන් ද්විත්වයක් සඳහන් කලයුතු බවයිග ඉන් පළමුවැන්න ශ්‍රී ලංකාව තුල ඇති වී තිබෙන වෙනස්කම් වන අතර දෙවැන්න ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ වාර්තාවේ සඳහන් මානව හිමිකම් උල්ලංඝනය වීම් සහ අපරාධයන්හි බරපතලකම සහ වැදගත්කම පිළිබඳව කරුණු දැක්වීමයි

 
පීපීග7ග ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනව වන සංශෝධනය සම්මත කරගැනීම හා ක්‍රියාවට නැංවීම මෙන්ම ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථාපිත යුතුකම් වන ජාතික ප්‍රතිසන්ධානය හා සමගි සමෝධ්‍යාය ඇතුළුවල ප්‍රජාතන්ත්‍රික පාලනය හා ප්‍රධාන ආයතන ගැන ස්වාධීනව සොයා බැලීම සම්බන්ධයෙන් දක්වන ලද උනන්දුව සැලකිල්ලට ගනිමින්ල
අර්ථ නිරූපනයථ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හේතු කොට ගෙන වගවීම සම්බන්ධ සිද්ධීන් පිලිබඳ කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව තවදුරටත් ශක්තිමත් වූ බවට රජය විසින් ඉදිරිපත් කරන තර්කය ශක්තිමත් කිරීමේ අටියෙන් මෙම ඡේදය ඇතුලත් කරන්නට ඇතැයි කල්පනා කල හැකියග ජනාධිපතිවරයාගේ කාර්යභාරය ඇතුලත් අවසන් පේලි කිහිපයල සැප්තැම්බර් මස 22 වන දින යෝජනා කෙටුම්පත සම්බන්ධයෙන් පැවති නිල නොවන සැසියේදී ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කළ යෝජනා වලට අනුව ඇතුලත් කර ඇතග
 
පීපීග8ග මානව අයිතිවාසිකම්වලට වැඩි වැඩියෙන් ගරු කිරීම සහ යහපාලනය හා ප්‍රජාතන්ත්‍රික ආයතන ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් 2015 ජනවාරි මාසයෙන් පසුව ගන්නා ලද පියවර සතුටින් පිළිගනිමින්ල
අර්ථ නිරූපනයථ නැවත වරක්ල යෝජනාවලිය මගින් ශ්‍රී ලංකාව තුල 2015 වසරේ ජනවාරි මාසයේ සිට සිදුවූ වෙනස්කම් අගය කිරීම තහවුරු කර සිටියිග
 
පීපීග9ග අල්ලස් ගැනීමල දූෂණල වංචා හා බලතල වැරදි ලෙස පාවිච්චි කිරීම පිළිබඳ චෝදනා පිළිබඳ විමර්ශන පැවැත්වීමල එම විමර්ශනවල වැදගත්කම අවධාරණය කිරීම සහ දුර්විපාක බලපැවැත්වීම වැළැක්වීමෙන් තොරව හායහපාලනයෙන් යුතුව කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය විසින් දරන ලද ප්‍රයත්න සතුටින් පිළිගනිමින්ල
අර්ථ නිරූපනයථ මෙම ඡේදය මානව හිමිකම් උල්ලංඝන වීම් හා වංචා දුෂණ අතර ඇති සම්බන්ධය පිළිබඳව කරුණු දක්වන බැවින් වැදගත් වේග එමගින් මානව හිමිකම් උල්ලංඝනය වීම් හා වංචා දුෂණ විමර්ශනය කිරීමේ යාන්ත්‍රණයන්ට එකවරම දොරටු විවර වේග රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කල ප්‍රකාශයක් උපුටා දක්වමින්  ර්‍ණද අයිලන්ඩ්” පුවත්පත සඳහන් කළේ ඉහත කරුණු දෙකම විමර්ශනය කිරීම විදේශීය සහභාගීත්වය ඇති අධිකරණ ක්‍රියාවලියක් මගින් කළ හැකිවනු ඇති බවයිග රජයේ ස්ථාවර ප්‍රතිපත්තිය මෙය නොවීමට බොහෝ ඉඩකඩ පැවතියද රජයේ ඇතැම් පාර්ශවයන් මේ ආකාරයෙන් සිතනවා විය හැකියග
 
පීපිග10ග කලින් ගැටුම්වලින් බලපෑමට ලක් වූ උතුරු හා නැගෙනහිර පළාත් වල සිවිල් පරිපාලනය ශක්තිමත් කිරීමත්ල යටිතල පහසුකම් නැවත ගොඩගැනීමල බිම් බෝම්බ ඉවත්කිරීම හා අභ්‍යන්තරව අවතැන්වූවන් නැවත පදිංචි කිරීමල මෙම ප්‍රයත්නයෙන් හිදී විශේෂයෙන්ම කටයුතු කඩිනම් කොට අභ්‍යන්තරව අවතැන් වූ සියලු දෙනාටම කල්පවතින විසඳුම් සලසාදීමෙහි ලා එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය ඉල්ලා සිටීමට ගන්නා ලද පියවර සතුටින් පිළිගනිමින්ල
අර්ථ නිරූපනයථ මෙම ඡේදයේ භාෂා භාවිතය ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත ශ්‍රී ලංකාවේ යහපත උදෙසා වෙනස් කරන ලදීග මීට පෙර මෙහි දැක්වුණේල  ර්‍ණ ශ්‍රී ලංකා රජය රටේ යටිතල පහසුකම් ගොඩ නැංවීමටත්ල අභ්‍යන්තරවශයෙන් අවතැන් වුවන් යලි පදිංචි කිරීමේදීත් රජයේ ප්‍රගතිය පිළිගනිමින් හා අගය කරන අතරම තවදුරටත් යුක්තිය හා ප්‍රතිසංධානය ඇති කිරීමේදී මෙන්ම අභ්‍යන්තර වශයෙන් අවතැන්වූවන්ට දීර්ඝකාලීන විසඳුම් ලබා දීමේදී තවමත් සැලකිය යුතු කාර්භාරයක් ඉතිරිව ඇති බවල” යනුවෙනුයිග එහි  ර්‍ණතවමත් සැලකියයුතු කාර්යභාරයක් ඉතිරිව ඇති බව” යන කොටස වෙනුවට මෙම ඡේදයෙන් ශ්‍රී ලංකා රජයට සහය දැක්වීමට අන්තර්ජාතික ප්‍රජාවට ඇරයුම් කර සිටීග මෙම වෙනස් කිරීම ශ්‍රී ලංකාව විසින් සැප්තැම්බර් 22 වන දින පැවති නිල නොවන සැසියේදී යෝජනා කරන ලද්දකිග
 
පීපිග11ගශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා
අපචාරයන් පිළිබඳ වාර්තා පිලිබඳ අවධාරණය කරමින්ල ලිංගික අපරාධ සහ වදදීම් සම්බන්ධයෙන් මෙන්ම මානව හිමිකම් ආරක්ෂා කරන්නන් හා සිවිල් සමාජ සාමාජිකයින් පැහැරගැනීමල ඔවුන් කෙරෙහි එල්ලවෙන තර්ජන හා බියවැද්දීම් පිළිබඳ ප්‍රශ්ණ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශිතවම කර ඇති ඇප කැපවීම සැලකිල්ලට ගනිමින් සිවිල් සමාජයේ සාමාජිකයින් හා මානව හිමිකම් ආරක්ෂා කරන්නන් සඳහා උදාකර දී ඇති යහපත් වාතාවරණය ගැන සතුට පලකරමින්ල
අර්ථ නිරූපනයථ මෙම ඡේදයේ භාෂාවද ශ්‍රී ලංකාවට සහනශීලී වන අයුරින් මෘදු ස්වරයක් සහිත වන සේ සංශෝධනය කළදල ලිංගික ප්‍රචණ්ඩත්වය හා අමානුෂික වද හිංසා පිලිබඳ වාර්තාවීම් මෙන්ම විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි සිවිල් සමාජ නායකයින්ට හා මානව හිමිකම් ආරක්ෂා කරන්නන්ට එල්ලවී ඇති තර්ජන පිළිබඳව සඳහන් කරයිග කෙටුම්පතෙහි මීට පෙර දැක්වුණේල  ර්‍ණ ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින ලිංගික හා ලිංගිකත්වය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයල වද හිංසාල පැහැරගෙන යාම්ල සිවිල් සමාජ නායකයින් හා මානව හිමිකම් ආරක්ෂා කරන්නන්ට එල්ල වන තර්ජන ඇතුළු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අපචාරයන් පිලිබඳ අවධානය යොමු කරමින් ”ල යනුවෙනුයිග
 
පීපිග12 ආගම්ල විශ්වාස සහ වර්ගවාදය පිළිබඳ භේද ගැන නොතකා සියලුම ශ්‍රී ලාංකිකයන්ට සාමකාමී හා එක්සත් භූමියක් තුළ මානව හිමිකම් පූර්ණ වශයෙන් භුක්ති විඳීම සඳහා ඇති අයිතිය ගැන නැවත ප්‍රතිඥා දෙමින්ල
අර්ථ නිරුපනයථ නැවත වරක් මෙම ඡේදය මගින් ශ්‍රී ලාංකිකයන් අතර ඇති සමානාත්මතාවය හා ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා එකමුතුව ජීවත්වනු දැකීම සඳහා ඇති කැමැත්තද ප්‍රකාශ කර තිබේග
 
පීපිග13ග ත්‍රස්තවාදයට විරුද්ධව කටයුතු කිරීම සඳහා ගන්නා ඕනෑම පියවරක දී රාජ්‍ය ජාත්‍යන්තර නීතිය පිලිබඳ බැඳීම්වලටල විශේෂයෙන් අදාළ වන පරිදි ජාත්‍යන්තර මානව හිමිකම් නීතියල ජාත්‍යන්තර සරණාගතයින් පිළිබඳ නීතිය හා ජාත්‍යන්තර මානව හිතවාදීන් පිළිබඳ නීතිය පිළිබඳ බැඳීම්වලට යටත් විය යුතු බවට නැවත ප්‍රතිඥා දෙමින්ල
අර්ථ නිරූපනයථ මෙම ඡේදයද 2014 වසරේ මාර්තු මස මානව හිමිකම් කවුන්සිලය විසින් සම්මත කල යෝජනාවේ දැක්වේග එමගින් ත්‍රස්තවාදයට විරුද්ධව කටයුතු කිරීමේදී ගන්න පියවර පවා නීත්‍යානුකුල විය යුතු බව සිහිපත් කර ඇතග
 
පීපිග14ග2015 පෙබරවාරි 04 වන දින රජය විසින් කරන ලද සාම ප්‍රකාශය සම්බන්ධයෙන් හා සියලුම ජාතිවල හා ආගම්වල ප්‍රචන්ඩත්වයට ගොදුරු වු හා ජීවිත හානියට පත්වූවන් සිහිපත් කිරීම සම්බන්ධයෙන් කරන ලද කටයුතු ගැන සතුට පළ කරමින්ල
අර්ථ නිරුපනයථ මෙම ඡේදය මගින් ශ්‍රී ලංකාවේ සිදුව ඇති වෙනස්කම් පිළිගැනීමට කෙටුම්පත සැකසුවන්ගේ ඇති කැමැත්ත පැහැදිලි වේග
 
පීපීග15ග වගවීම තහවුරු කර ගැනීමත්ල සාධාරණත්වය සලසාදීමත්ල විපතට පත්වූවන් සඳහා පිළියම් සෙවීමත්ල සමථයකට පත් කිරීමත්ල ප්‍රතිසන්ධාන කටයුතු කිරීමත්ල සමස්ත ආරක්ෂක පද්ධතිව ගැන ස්වාධීනව සොයා බැලීමත්ල රජයේ ආයතන පිළිබඳ විශ්වසය තහවුරු කිරීමත්ල ජාත්‍යන්තර මානව හිමිකම් පිළිබඳ නීතියට අනුකූලව නීතියේ ආධිපත්‍යය ප්‍රවර්ධනය කිරීමත්ල ප්‍රචණ්ඩත්වය හා අපචාර නැවත සිදුවීමේ අවස්ථා ඇහිරීමත් සඳහා අධිකරණමය හා අධිකරණමය නොවන පියවර ගැනීමල තනි පුද්ගල නඩු පැවරීම් හා හානිපූරණයන්ල සත්‍ය සෙවීම්ල ආයතනික ප්‍රතිසංස්කරණ කටයුතු කිරීමල රාජ්‍ය සේවකයන් හා නිලධාරීන් විශේෂ පරීක්ෂණයට භාජනය කිරීම හා එම කටයුතු නිසි ආකාරව කිරීම සම්බන්ධයෙන් සමවබෝධ ප්‍රවේශයක් ගැනීමේ වැදගත්කම අවධාරණයට ලක් කරමින්ල සියලු පාර්ශවයන්ගේ අදහස් විමසමින්ල අදහස් හුවමාරු කරගැනීමේ අවස්ථාව සලසා දීමට රජයේ කැපවීම පිලිගනිමින්ල
පහත ඡේදය සඳහා වන අර්ථ නිරුපනය බලන්නග
පීපීග16ග පසුගිය කාලයේ සිදු වූ අපචාරයන් හා උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් සහන කටයුතු කරන ආයතන ස්වාධීනල අපක්ෂපාතී හා විනිවිදභාවයෙන් යුතු වන විටල ඒවා ඉහළම නිපුණත්වයෙන් යුතුල අවංක හා අපක්ෂපාතී පුද්ගලයින් විසින් නිර්මාණාත්මක හා සහභාගිත්ව ක්‍රම අනුගමනය කරමින්ල එනම් සියලුම ප්‍රදේශවල සියලුම ආගමික හා වාර්ගික කොටස් නියෝජනය කරන විපතට පත්වූවන්ල කාන්තාවන් හා තරුණ තරුණියන්ගේ සහභාගිත්වය ඇතිවල එහෙත් ඔවුන්ට පමණක් සීමා නොකොට සියළු දෙනා සාධාරණ සහයෝගිත්වයෙන් දේශීය හා විදේශීය අත්දැකීම් ඇති අයගේ විශේෂඥ උපදෙස් සහිතව නිර්මාණය කර ක්‍රියාත්මක කිරීම්දී එම යාන්ත්‍රණය මනාව ක්‍රියාත්මක වන බව පිළිගනිමින්ල
අර්ථ නිරුපනයථ ඉහත ඡේදයන් ද්විත්වය ඉතාම වැදගත් වේග සම අනුග්‍රාහකයින් විසින් මීට පෙර බෙදා හරින ලද කෙටුම්පතෙහි දැක්වුණේ  ර්‍ණසංක්‍රාන්ති යුක්තිය” යන පදයයිල නමුත් ඒ වෙනුවට  ර්‍ණ අතීතය පිලිබඳ කටයුතු කිරීම” යන වාක්‍ය ඛණ්ඩය භාවිත කිරීමට ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශය කැමැත්තක් දැක්වූ බව අවබෝධ කරගත හැකි වේග මේ වාක්‍ය ඛණ්ඩ අතර පැහැදිලි වෙනසක් නැති අතර මෙහි වෙනස බොහෝ විට අධ්‍යයන කව මට්ටමින් සාකච්ඡාවට බඳුන් වන එකකිග විදේශ අමාත්‍යංශය  ර්‍ණසංක්‍රාන්ති යුක්තිය” යන්න භාවිත කිරීමට මැලි වුයේ මන්ද යන්න ගැටලුවකිග
මෙම ඡේදයන් ද්විත්වය  ර්‍ණ සංක්‍රාන්ති යුක්තිය” නොහොත්  ර්‍ණඅතීතය පිලිබඳ කටයුතු කිරීමට” අයත් වන්නේ කුමන දේවල්ද යන කරනවා සම්බන්ධයෙන් ඉතා පැහැදිලි විස්තරයක් ඉදිරිපත් කරයිග සත්‍ය සෙවීමල නඩු පැවරීමල හානි පුර්ණයල මානව හිමිකම් උල්ලංඝනයන්ට සම්බන්ධ පුද්ගලයින් හමුදාවෙන් හා පොලීසියෙන් ඉවත්කිරීම හා ඒවාට බැඳීමට ඉඩ නොදීම සහ අපරාධ යලි ඇති වීම වැලැක්වෙන පරිදි ආයතනික ප්‍රතිසංස්කරණ සිදු කිරීම ආදී ප්‍රධාන වශයෙන් වැදගත් වන කරුණු එහි අඩංගු වී ඇතග
එසේම අතීතය පිලිබඳ කටයුතු කිරීමේ ප්‍රතිපත්ති සැකසීමේදී අපක්ෂපාතීත්වයල ස්වාධීනත්වය හා විනිවිද භාවය යන වැදගත් මුලධර්මයන් පදනම් කරගනිමින් උපදේශන සහිතව කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳවත් කරුණු දක්වයිග මෙහිදී සෑම කේෂ්ත්‍රයකින්ම උපදේශන ලබා ගැනීම වැදගත් වේග අවසානයේ රට තුලින් හා පිටතින් යන දෙකොට්ඨාශයෙන්ම ලබා ගත උපදේශන මත අතීතය පිලිබඳ ක්‍රියා කිරීම සඳහා වන ප්‍රතිපත්ති සැකසිය යුතු වේග
 
පීපීග17ග මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අයථා භාවිතය වඩාත්ම වගකිව යුතු පුද්ගලයන් හා විශ්වාසනීය වගවීමේ ක්‍රියාවලියන් ස්ථාපනය කිරීම මගින්ල ගරුත්වයෙන් හා වෘත්තීයභාවයෙන් යුතුව යෝග්‍ය ආකාරයෙන් කටයුතු කළ ආරක්ෂක හමුදා ඇතුළු සියලු පුද්ගලයන්ගේ කීර්තිය ආරක්ෂා වනු ඇති බව පිළි ගනිමින්ල
අර්ථ නිරුපනයථ සම අනුග්‍රාහකයින් විසින් මෙම ඡේදය ඇතුලත් කර ඇත්තේ වග වීම සම්බන්ධ ක්‍රියාවලියේ අරමුණ හමුදාවේ සියලු දෙනාට දඬුවම් කිරීම නොවන බව ශ්‍රී ලංකාවේ ජනතාවට සහ හමුදාවන්ට හැඟවීම සඳහායිග එහිදී නීත්‍යානුකුලව කටයුතු කළ සියලු නිලධාරීන්ගේ ගෞරවය ආරක්ෂා වන පරිදිල නීතිවිරෝධී ක්‍රියාවන් සිදු කළවුන් හට පමණක් ඒ ඒ වරදෙහි වගකීම පවරනු ලැබේග
 
පීගපීග18ග වරදට දඬුවම් ලබා නොදීමේ යුගය අවසාන කිරීමේ අරමුණ සහිතව ජාත්‍යන්තර නීතිය යටතේ අපරාධ ගණයෙහි ලා සැලකෙන මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝණය කිරීම් හා ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංඝණය කිරීම් සඳහා වගකිව යුතු වන පුද්ගලයන්ට චෝදනා කිරීම සඳහා ඇති බැඳීම ඉටු කිරීම පිණිස රාජ්‍යයන්ට ඇති වගකීම සිහිපත් කරමින්ල
අර්ථ නිරුපනයථ මෙම ඡේදය මගින් අන්තර්ජාතික අපරාධයන් පිළිබඳව පිළිගත් අන්තර්ජාතික නීතිය කුමක්ද යන්න දක්වා ඇතග 2014 වසරේ මාර්තු මස සම්මත වූ 25රැු1 දරන යෝජනාවේද මෙවැනිම ඡේදයක් අඩංගු වියග
 
පීපීග19ග රජය විසින් පවරා ගෙන තිබූ අධි ආරක්ෂිත කලාප පිළිබඳව සමාලෝචනයට ලක් කරල එම ඉඩම් නැවත ඒවායේ නියම හිමිකරුවන් වූ සිවිල් ජනතාවට ලබාදීමට හා සිය ජීවනෝපායයන් ආරම්භ කර නැවත සාමාන්‍ය ජීවිතයට එළඹීම සඳහා දේශීය ජනතාවට සහායවීමට රජය ගත් මූලික පියවර පිළිගනිමින්ල
අර්ථ නිරුපනයථ සාමාන්‍ය ජනතාවගේ ඉඩම් යලි ලබා දීමේදී රජය විසින් අත් කරගෙන ඇති ප්‍රගතිය මෙමගින් හඳුනාගෙන තිබේග  ර්‍ණ රජය ගත මුලික පියවර” යන කොටස ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම පසෙක ලා එම කොටස තවමත් මෙම ඡේදයේ තිබීම මගින් පැහැදිලි වන්නේල මානව හිමිකම් කවුන්සිලයේල එසේම මේ වන විට ශ්‍රී ලංකා රජයේල අදහස වන්නේ ඉඩම් යලි ලබා දීමේ කටයුතු තව දුරටත් ක්‍රියාත්මක විය යුතු බවයිග
 
පීපීග20ග දේශපාලන බලතල බෙදා හැරීම සඳහා ශ්‍රී ලංකා රජය දක්වන කැපවීම පිළිගැනීමට ලක් කරමින්ල
අර්ථ නිරුපනයථ ක්‍රියාත්මක කිරීමේ පරිඡේද 16 හි අර්ථ නිරුපනය බලන්නග
 
පීපීග21ග උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාවේ ඇති හිතකර නිර්දේශ ඵලදායී ලෙස ක්‍රියාත්මක කරන මෙන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිමින්ල
අර්ථ නිරුපනයථ මෙම භාෂා භාවිත මානව හිමිකම් කවුන්සිලය 2012 වසරේ මාර්තු මස සිට පිලිවෙලින් 2013 මාර්තු මස ල 2014 මාර්තු මස සහ 2015 සැප්තැම්බර් මස ල එනම් මේ දක්වා සම්මත කර ඇති සියලුම යෝජනා වල දක්නට තිබේග
 
පීපීග22ග 2015 මාර්තු 30- අප්‍රේල් 03 අතර කාලය අතරතුර සිදුවූ සත්‍ය්‍යල සාධාරණත්වයල හානිපූරණය හා මෙවැනි සිදුවීම් නැවත ඇති නොවන බවට තහවුරු කිරීම ප්‍රවර්ධනය කිරීම පිළිබඳව විශේෂ වාර්තාකරුගේ සංචාරය හා ඊට අදාළ නිරීක්ෂණ මෙන්ම නොවැම්බර් මාසයේ දී සිදුකිරීමට නියමිත බලහත්කාරයෙන් හා ස්වේච්ඡා නොවන අතුරුදහන් කිරීම් පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ සංචාරය ද පිළිගැනීමට ලක් කරමින්ල
අර්ථ නිරුපනයථ 2014 වසරේ යෝජනාව මෙම කාර්ය භාරයන් ලත් කණ්ඩායම් වලට ශ්‍රී ලංකාවට තාක්ෂණික සහය හා උපදෙස් ලබා දීමට උනන්දු කරන ලදීග එම කණ්ඩායම් සමග ශ්‍රී ලංකාව එක්ව කටයුතු කිරීම මෙමගින් ඇගයීමට ලක්ව ඇතග
 
පීපීග23ග ශ්‍රී ලංකාවේ සිදුවූ බවට පැවසෙන මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝනය කිරීම්ල අයථා භාවිතයන් හා ඒ හා අදාළ අපරාධ සම්බන්ධයෙන් 25රැු1 මානව හිමිකම් කවුන්සල යෝජනාව මගින් ඉල්ලා සිටි විමර්ශනය අවශ්‍ය වූයේ වගවීම පිළිබඳ විශ්වාසනීය ජාතික ක්‍රියාවලියක් නොමැති වූ නිසා බව හඳුනා ගනිමින්ල
අර්ථ නිරුපනයථ යෝජනා කෙටුම්පත සම අනුග්‍රාහකයන් අතර බෙදා හරින අවස්ථාවේ ඇතුලත්ව නොතිබු එනිසාම බොහෝ දුරට ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත ඇතුලත් කරන්නට ඇතැයි සිතිය හැකි මෙම ඡේදය වැදගත්කමින් ඉතා ඉහලයග ශ්‍රී ලංකාව තුල විශ්වාසනීය වග වීමේ යාන්ත්‍රණයක් නොතිබීම මානව හිමිකම් කවුන්සිලයේ 25රැු1 දරන යෝජනාව මගින් ඉල්ලා සිටි විමර්ශනයට හේතු වූ බව හඳුනා ගනීග එක්සත් ජාතීන්ගේ විමර්ශනයට වගකීම් සහිත රජයක් විසින් දැක්වූ ප්‍රතිචාරය පිළිබඳව මේ වන විට ඇති වී තිබෙන දේශපාලන තර්ක විතර්ක හා කතාබහ බොහෝ දුරට මේ මත පදනම් වී ඇතග
 
ක්‍රියාත්මක කිරීමේ පරිච්ඡේද
1ග    මානව හිමිකම් කවුන්සලයේ 27 වන සැසිවාරයේ දී මහ කොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කළ වාචික යාවත්කාලීන කිරීම්ල ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය හා වගවීම ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ කාර්යාලයේ වාර්තාව හා 25රැු1 මානව හිමිකම් කවුන්සිල යෝජනාවලිය මගින් ඉල්ලා සිටි පරිදි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා විසින් සකස් කරන ලද විමර්ශන වාර්තාවේ සොයා ගැනීම් හා නිගමන ඇගයීමට ලක් කිරීම හා සත්‍ය සෙවීමල සාධාරණත්වයල හානිපූරණය හා එවැනි සිද්ධීන් නැවත සිදු නොවන බවට සහතික කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමේ දී ඒවායේ ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය උනන්දු කරවමින්ල අගය කරමින් සැලකිල්ලට ගන්නෙමුග
අර්ථ නිරුපනයථ මෙමගින් මහ කොමසාරිස්වරයාගේ සහ එක්සත්ජාතීන්ගේ ශ්‍රී ලංකාව පිලිබඳ පරීක්ෂණ වාර්තාවන්හි සොයා ගැනීම් සහ නිර්දේෂයන් අගය කරමින් සැලකිල්ලට ගනිමින්ල එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය උනන්දු කරවයිග
මීට පෙර සම අනුග්‍රාහකයින් අතර බෙදා හරින ලද කෙටුම්පතෙහි සඳහන් වුයේ  ර්‍ණපිළිගනිමින්” යන වචනයයිග ඒ වෙනුවට ශ්‍රී ලංකාව  ර්‍ණසැලකිල්ලට ගනිමින්” යන යෝජනා කළද පසුව මැදහත් එකඟතාවයකට පැමිණ  ර්‍ණඅගය කරමින් සැලකිල්ලට ගනී” යනුවෙන් යොදා ඇතග එක්සත් ජාතීන්ගේ යෝජනාවලීන්හිදී නිතර භාවිත වන පදයක් වන මෙය  ර්‍ණ පිළිගනී” හෙවත් වාර්තාවක අන්තර්ගතයට සම්පුර්ණ එකඟතාවය දැක්වීම හැඟවීම සහ -  ර්‍ණසැලකිල්ලට ගනී” හෙවත් වාර්තාවක් පිළිගන්න නමුත් එහි අන්තර්ගතය සම්පුර්ණයෙන්ම පිළිගැනීමට ඇති අකමැත්ත ප්‍රකාශ කිරීම යන අර්ථයන් දෙකෙහි අතරමැදි අර්ථයක් දක්වයිග කෙසේ වෙතත් පරිච්ඡේදයේ දෙවන කොටසේදී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ විමර්ශන වාර්තාව කිසිදු පැහැර හැරීමකින් තොරව ඉටු කිරීමට එකඟ වී ඇතග මෙය ඉතා විශේෂ කරුණකිග
2ග 2015 ජනවාරි මාසයේ සිට ශ්‍රී ලංකා රජය හා මානව හිමිකම් මහ කොමසාරිස්වරයා හා ඔහුගේ කාර්යාලය අතර පැවති ධනාත්මක වූ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය පිළිගනිමින්ල මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම හා ආරක්ෂා කිරීම පිණිස සහ සත්‍ය සෙවීම සහ සාධාරණත්වය සඳහා ශ්‍රී ලාංකීය ක්‍රියාවලීන්ට සහභාගිවීම පිණිස මෙන්ම ජාත්‍යන්තර සහාය ලබාදිය හැකි යෝග්‍ය ආකාරයන් සොයා බැලීම පිණිස ද එවැනි අන්තර් සම්බන්ධතා දිගින් දිගටම පවත්වා ගෙන යා යුතු බවට දිරිමත් කිරීමට උත්සුක වෙමුග
අර්ථ නිරුපනයථ මෙම ඡේදය සම අනුග්‍රාහකයින් අතර බෙදාහරින ලද කෙටුම්පතෙහි ඇතුලත් නොවූ අතර ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත ඇතුලත් කර ඇතග එමගින් පැහැදිලි වන්නේ 2015 වසරේ ජනවාරි මාසයෙන් පසුව ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස්වරයා හා ඔහුගේ කාර්යාලය සමග එක්ව කටයුතු කිරීමට කැමැත්තක් දක්වන විදහා දැක්වීමට ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරන බවයිග
3ග    සත්‍ය සෙවීමල සාධාරණත්වය ඇති කිරීමේ හා හානිපූරණ ක්‍රියාවලීන් හි විශ්වාසනීයත්වය ශක්තිමත් කිරීම හා ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ ඇති කැපවීමට සහාය ලබාදෙමින්ල ජාත්‍යන්තර විශේෂඥතා සහය හා විශිෂ්ඨ පරිචයන්ගෙන් ආභාෂය ලබා ගැනිමටල මෙම ක්‍රියාවලීන් සැලසුම් කරන හා ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව අදහස් ලබා ගනිමින් බලපෑමට ලක් වූ සියලු ප්‍රජාවන්ල වින්දිතයන් හා සිවිල් සමාජයල රාජ්‍ය නොවන සංවිධාන ඇතුළත් කරගනිමින්ල පුළුල් ජාතික කතිකාවතක නියැලීමල මෙවැනි සිද්ධීන් නැවත ඇති නොවන බවට සහතික වීම සම්බන්ධ වන ක්‍රියාමාර්ගවලට සහයෝගය දෙමුග
අර්ථ නිරුපනයථ මෙම ක්‍රියාවලීන් නිර්මාණය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා විවිධ කේෂ්ත්‍රයන්හි පාර්ශව කරුවන්ගේ උපදෙස් ලබා ගැනීමේ අවශ්‍යතාවය මෙන්ම එසේ උපදෙස් ලබා ගැනීම සඳහා අන්තර්ජාතික සහයෝගය ලබා ගැනීම පිළිබඳව මෙම පරිඡේදය කරුණු දක්වයිග සම අනුග්‍රාහකයින් අතර මීට පෙර බෙදා හැරුණු කෙටුම්පතෙහි මෙම පරිච්ඡේදයෙහි ඇතුලත් වූ  ර්‍ණමෙවැනි යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලීන්හි විශ්වාසනීයත්වය වැඩි දියුණු කිරීම සඳහා නව රජයේ ධනාත්මක කැපවීම තහවුරු කිරීමට අන්තර්ජාතික ගගගග ලබා ගැනීම සඳහා රජය උනන්දු කරනු ලබයි”ල ආදී වශයෙන් වූ භාෂාවෙන් මිදී වඩාත් මෘදු ස්වරයකින් යුත් භාෂාවක් මෙහිදී භාවිත කර තිබේග
4ග    අධිකරණ හා අධිකරණමය නොවන පියවර ගණනාවක් ඇතුළත් කරමින් අතීතය පිළිබඳ කටයුතු කිරීම සඳහා විස්තීරණ ප්‍රවේශයකට එළඹීමට ශ්‍රී ලංකා රජයේ ඇති කැපවීම පිලිගනිමුග මේ සම්බන්ධයෙන් සත්‍යය සෙව්මල සාධාරණත්වයල ඇතිකිරීමේණි ප්‍රතිසන්ධානය හා නැවත මෙවැනි සිදුවීම් ඇතිවීම වළක්වාලීම සඳහා කොමිෂන් සභාවක්ල අතුරුදන් වූ පුද්ගලයන් සඳහා කාර්යාලයක් හා හානි පූර්ණය සඳහා වූ කාර්යාලයක් ස්ථාපනයණි කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති යෝජනාව පිළිගන්නා අතරල මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ඇතුළු ජාත්‍යන්තර පාර්ශ්වකරුවන්ගෙන් මුල්‍යමයල ද්‍රව්‍යමය හා තාක්ෂණික සහාය ලබාගැනීම සඳහා එම එක් එක් යාන්ත්‍රණයට නිදහස ලබාදීමට රජය දක්වන කැමැත්ත ද පිලිගන්නෙමුගඑමෙන්ම මෙය පූර්ණ ලෙස හා විශ්වාසනීය ලෙස ඉටුකරනු ලැබුවහොත්ල බරපතල අපරාධ සඳහා සියලු පාර්ශ්වවල වගවීම ප්‍රවර්ධනය කිරීමටත් ප්‍රතිසන්ධානය ළඟාකර ගැනීමටත්ල එමගින් සහාය සැලසෙනු ඇති බවත් විශ්වාස කරන්නෙමුග
අර්ථ නිරුපනයථ මෙම පරිච්ඡේදය වැදගත් කරුනු ද්විත්වයක් දක්වයිග පළමුව එය අතීතය පිලිබඳ කටයුතු කිරීමට වැඩපිළිවෙලක් හදුන්ව දීමට රජයේ ඇති කැපවීම පිළිගනීග  ර්‍ණ අධිකරණ හා අධිකරණමය නොවන පියවර ගණනාවක්” යන වාක්‍ය ඛණ්ඩය සංක්‍රාන්ති යුක්තිය පිලිබඳ සාහිත්‍යයේ සුපුරුදු වාක්‍ය ඛණ්ඩයක් වන අතර සංක්‍රාන්ති යුක්තිය පිලිබඳ අන්තර්ජාතික මධ්‍යස්ථානයේ  ර්‍ණසංක්‍රාන්ති යුක්තිය” පිලිබඳ නිර්වචනයේද ඇතුලත් වේග එයින්පැහැදිලි වන්නේ රජය විසින් අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමටත් අධිකරණමය නොවන සත්‍ය සෙවීමේ කොමිසම්ල අනෙකුත් සෙවීමේ යාන්ත්‍රණයන්ල හානි පුර්ණය සහ ආරක්ෂක අංශ ප්‍රතිසන්ධාන ගත කිරීම ආදී ක්‍රියාමාර්ග ගැනීමට එකඟ වී ඇති බවයිග ශ්‍රී ලංකාව මගින් පිහිටුවනු ලබන සියලු යාන්ත්‍රණයන්ට විදේශීය පාර්ශවකරුවන්ගෙන් තාක්ෂණිකල ද්‍රව්‍යමය හා මුල්‍යමය උපකාර ලබා ගැනීමට ශ්‍රී ලංකාවට නිදහසක් ඇති බවල විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සැප්තැම්බර් මාසයේදී පැවති මානව හිමිකම් කවුන්සිලයේ සැසිය අමතා කල කතාවේදී ප්‍රකාශ කළේයග එසේම සැප්තැම්බර් 22 වන දින පවතී නිල නොවන සැසි වාරයේදීද ශ්‍රී ලංකා රජය මේ සඳහා ඉල්ලීම් කළේයග මෙම පරිච්ඡේදය පෙර කෙටුම්පත්හි ක්‍රියාත්මක කිරීමේ පර්ච්ඡේද 6 සහ 7 එකතු කොට සැකසුවක් සේ හඳුනා ගත හැකියග
5ග    ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකමි සංවිධානයේ විමර්ශන වාර්තාවේ :ධෂීඛ* සඳහන් කර ඇති ආකාරයට දෙමල ඊළාම් විමුක්ති කොටි සංවිධානය විසින් කරන ලද මානව හිමිකම් උල්ලංඝණය කිරීම් හා නීති කඩ කිරීම් සෙවීම සඳහා වගවීමේ හා ප්‍රතිසන්ධාන ක්‍රියාවලියක අවශ්‍යතාවය අපි පිලිගන්නෙමුග
අර්ථ නිරුපනයථ එල්ගටිගටිගඊගය විසින් සිදු කර ඇති අපරාධ හඳුනා ගැනීම සඳහා මෙම පරිච්චේදය ඇතුලත් කර ඇතග යෝජනාවේ අන් කිසිදු තැනක මෙය යලි සඳහන් නොවන බැවින් යෝජනාවට තුලනාත්මක බවක් එකතු කිරීමට මෙය ඇතුලත් කර ඇතග
6ග    නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම සහ ශ්‍රී ලංකාවේ සියලු ප්‍රජාවන්ට අයත් ජනතාව තුළ අධිකරණ ක්‍රියාවලිය පිළිබඳ විශ්වාසය ගොඩ නැංවීම සඳහා වගවීම අත්‍යවශ්‍ය බවට ශ්‍රී ලංකා රජය විසින් හඳුනාගෙන තිබීම පිළිගැනීමට ලක් කිරීම සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝණය කිරීම් සිදුකරන ලදැයි පැවසෙන අවස්ථා පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අදාළ පරිදි විශේෂ නීති උපදේශකවරයෙකු හෙවත් අධි නීතිඥවරයෙකුගෙන් සමන්විත අධිකරණ යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීමට ශ්‍රී ලංකා රජය කර ඇති යෝජනාව ඇගයීමට ලක් කරමුග එමෙන්ම විශ්වාසනීය අධිකරණ ක්‍රියාවලියක් ඇති කිරීම සඳහා අවංක හා අපක්ෂපාතී පුද්ගලයන් විසින් මෙහෙයවන ස්වාධීන අධිකරණ හා අභිචෝදක ආයතන පවතින බවට සහතිකවීමත් පොදු රාජ්‍ය මණ්ඩලීය හා වෙනත් විදේශීය විනිසුරුවරුන්ල විත්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන්ල බලයලත් අභිචෝදකයන් හා විමර්ශකයන්ගේ සහභාගිත්වය සහිත එමෙන්ම විශේෂ උපදේශක කාර්යාලයකින් සමන්විත ශ්‍රී ලාංකික අධිකරණ ක්‍රියාවලියක් පැවතීමත් අවශ්‍යවන බව සහතික කිරීමට කැමැත්තෙමුග
අර්ථ නිරුපනයථ තර්කානුකුලව බලන කල මෙම යෝජනාවේ වඩාත්ම වැදගත් පරිච්ඡේදය වන්නේ මෙයයිග  ර්‍ණවිශේෂ නීති උපදේශකවරයෙකු හෙවත් අධි නීතිඥවරයෙකුගෙන් සමන්විත අධිකරණ යාන්ත්‍රණයක්” යනුවෙන් විදේශ ඇමතිවරයා ඔහුගේ කතාවේදී කල ප්‍රකාශය මත පදනම්ව ගොඩ නැගීමට මෙය උත්සාහ දරා ඇතග  ර්‍ණවිශේෂ නීති උපදේශකවරයෙකු හෙවත් අධි නීතිඥවරයෙකු” යන්න පැමිණිලි මෙහෙයවන්නෙකු හෙවත් බලයලත් අභිචෝදකයෙකු යන අරුතින් භාවිත වී ඇතග එය තව දුරටත් විනිසුරුවරුන්ගේ සහ පැමිණිලි මෙහෙයවන්නන්ගේ විශ්වසනීයත්වය හා අපක්ෂපාතීබව අවධාරණය කරයිග අවසාන වාක්‍ය ඛණ්ඩය වැදගත්වන්නේ එමගින් පොදු රාජ්‍ය මණ්ඩලය හා වෙනත් විදේශීය විනිසුරුවරුන්ල විත්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන්ල අභිචෝදකයන් හා විමර්ශකයන් මෙන්ම විශේෂ උපදේශ කාර්යාලය යන මේ සියල්ල  ර්‍ණශ්‍රී ලාංකික අධිකරණ ක්‍රියාවලියක්” සඳහා සහභාගී වීමේ වැදගත්කම අවධාරණය කරන බැවිනිග මෙහිදී  ර්‍ණශ්‍රී ලාංකික අධිකරණ ක්‍රියාවලියක්” යන වාක්‍ය ඛණ්ඩය යොදා ගනිමින්ල යෝජනාව රජයට මෙම අධිකරණ යාන්ත්‍රනය දේශීය එකක් මිස විදේශීය එකක් නොවන බව දැක්වීමට ඉඩ සලසා දී ඇතග
කෙසේවෙතත් මෙමගින්  ර්‍ණ පොදුරාජ්‍ය මණ්ඩලීය හා වෙනත් විදේශීය” නිලධාරීන්ගේ වැදගත්කම අවධාරණය කරයිග ජනධිපතිවරණයෙන් පසුව මංගල සමරවීර මහතා ඉන්දීය සඟරාවකට කල ප්‍රකාශයකට අනුව පැහැදිලි වන්නේ පොදුරාජ්‍ය මණ්ඩලීය විනිසුරුවරුන් පිලිබඳ අදහස රජය සතුව පෙර සිටම පැවති බවයිග එහිදී ඔහු සඳහන් කලේ  ර්‍ණ අපි එක්සත් ජාතීන්ගේ තාක්ෂණික සහය අපේක්ෂා කරනවාග ඇතැම් විට දැනට අප රට සභාපතිත්වය දරන පොදුරාජ්‍ය මන්ඩලයේ විනිසුරුවරුන්ගේ සහයත් බලාපොරොත්තු වනු ඇති”ග කෙසේ වෙතත් පරිච්ඡේදයේ දැක්වෙන පරිදි පොදුරාජ්‍ය මණ්ඩලයට බාහිරින්ද විනිසුරුවරුන් පත් කල හැකි බව සඳහන් වේග
මෙම පරිච්ඡේදය  ර්‍ණබලයලත් අභිචෝදකයන් හා විමර්ශන නිලධාරීන්” පිළිබඳව කරුණු දක්වයිග මෙම  ර්‍ණබලයලත්” යන වචනය ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත පසුව ඇතුලත් කරන ලද්දකිග එය අර්ථ රහිත බවක් පෙනී යන්නේ අධිකරණ ක්‍රියාවලියකට සහභාගී වන සියලු දෙනා අනිවාර්යෙන්ම බලයලත් ය වීම හේතු කොට ගෙනයිග කෙසේ වෙතත් මෙම  ර්‍ණබලයලත්” යන පදය  ර්‍ණපොදු රාජ්‍ය මණ්ඩලීය සහ වෙනත් විනිසුරුවරුන්” යන පදයන්ට අදාල නොවුනේයැයි යනුවෙන් ඉදිරිපත් වන ඕනෑම වැරදි වැටහීමක් නිෂ්ප්‍රභා කිරීමට  ර්‍ණ විශේෂ උපදේශක කාර්යාලයකින් සමන්විත” යන වචන ඛණ්ඩය උපයෝගී වේග
මෙම පරිච්ඡේදය මීට පෙර ඉදිරිපත් කර තිබු කෙටුම්පත් වලින් වෙනස් වී තිබේග මීට පෙර කෙටුම්පත් අන්තර්ජාතික නිලධාරීන් පිළිබඳව කතා කලද මෙය පොදුරාජ්‍ය මණ්ඩලීය සහ අනෙකුත් විදේශීය විනිසුරුවරුන් ගැන කතා කරයිග මෙම යෝජනාව  ර්‍ණසහභාගිත්වය” ගැන සඳහන් කරන අතර පැරණි කෙටුම්පත  ර්‍ණමැදිහත් වීම” යන වචනය භාවිත කර තිබුණිග එසේම ඉහත සඳහන් කළ පරිදි  ර්‍ණසමන්විත” යන පදයද යොදා ගෙන තිබේග
මෙය මිශ්‍ර අධිකරණයක්ද නැතහොත් දේශීය අධිකරණයක්ද යන්න විවාදයට කරුණකිග එසේම එය අදාල නොවන කරුණකිග  ර්‍ණමිශ්‍ර අධිකරණය” යන්නට කිසිදු නිර්වචනයක් නොමැතග එයින් බොහෝ දේ අදහස් විය හැකියග මෑතකදී පුවත්පතක් වාර්තා කල අයුරින් නිදහසින් වසර 8ට පසුවත් 1955 වසර දක්වා ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉංග්‍රීසි විනිසුරුවරුන් සිට ඇති හෙයින් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයද මිශ්‍ර අධිකරණයක් සේ සැලකිය හැකියග උදලාගම සහ පරණගම කොමිසම්හිද විදේශීය නිලධාරීන් උපදේශකයන් ලෙස කටයුතු කළ නිසාල මිශ්‍ර කොමිසම් සේ සැලකිය හැකියග මිශ්‍ර අධිකරණයක්ද නොඑසේනම් දේශීය අධිකරණයක්ද යන විවාදය ප්‍රධාන කරුණු දෙකක් මතු කරයිග ඉන් එකක් නම් විශාල වශයෙන් දේශපාලනීකරණය වූ අන්තර්ජාතික අපරාධ පිලිබඳ නඩු මෙහෙයවීමේදී විනිසුරුවරුන්ගේ හා පැමිණිලි මෙහෙයවන්නන්ගේ ස්වාධීනත්වය තහවුරු කරන්නේ කෙසේද යන්නයිග දෙවැන්න නම් ඔවුනට මෙවන් දරුණු ගනයේ අපරාධ පිලිබඳ නඩු මෙහෙයවීමට ශක්‍යතාවයක් ඇතැයි තහවුරු කරගන්නේ කෙසේද යන්නයිග
2015 ජනවාරි මස විදේශ අමාත්‍යවරයා පොදුරාජ්‍ය මණ්ඩලීය විනිසුරුවරුන් පිලිබඳ කල ප්‍රකාශ සඳහා දැනගැනීම සඳහා පිවිසෙන්නග යඑඑචථරැුරැුිඅ්ර්වහ්ප්ටගජදපරැුඅදරකාරැුබැඅ-ිරස-ක්බන්බ-දෙරුසටබ-පසබසිඑැර-දමර-එසකඑ-එදඅ්රාි-ජයසබ්-බැැාි-්-ජදමරිැ-ජදරරුජඑසදබරැු
7ග    උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව මගින් ආවරණය කරන ලද කාල පරිච්ඡේදය ද ඇතුළත් වන සේ මානව හිමිකම් උල්ංඝනය කිරීම් හා ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම්වලට අදාළව ජාතීන්ගේ ප්‍රජාව විසින් හඳුනාගෙන ඇති සාමාන්‍ය නීති මූලධර්ම යටතේ සියලු අපරාධවලට වඩාත්ම වගකිව යුතු පුද්ගලයන් සම්බන්ධයෙන් නඩු විභාගයක් කර දඬුවම් ලබාදීම ද ඇතුළත් කරමින් හා ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූල වන ලෙසල සිය වගකීම් හා උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවේ නිර්දේශ මෙන්මල 25රැු1 යෝජනාවලිය මගින් දක්වා ඇති මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ කාර්යාලයේ වාර්තාවේ නිර්දේශ ද ඵලදායී ලෙස ක්‍රියාත්මක කළ හැකි බවට සහතික කෙරෙන අන්දමින් සිය දේශීය නීතිය ප්‍රතිසංස්කරණය කිරීමට ශ්‍රී ලංකා රජය දිරි ගැන්වීමට ද කැමැත්තෙමුග
අර්ථ නිරූපනයථ මෙම පරිච්ඡේදයේ ප්‍රධාන කරුණු ත්‍රිත්වයක් අන්තර්ගතව ඇතග පළමුවැන්න වන්නේ දරුණු ගනයේ අපරාධ සඳහා වඩාත්ම වගකිවයුතු පාර්ශවයන්ට නඩු පවරා දඬුවම් දීමත් ඊට සරිලන ආකාරයෙන් නීති සංශෝධනය කිරීමත් වේග මෙය අන්තර්ජාතික අපරාධ සම්බන්ධයෙන් ඇති අන්තර්ජාතික සම්මතය වේග රජය අවම වශයෙන් අපරාධයට  ර්‍ණවඩාත්ම වගකිවයුතු පුද්ගලයන්” සොයා නඩු පවරා දඬුවම් කල යුතුයිග එමගින් ශ්‍රී ලංකාවට අණ දෙන්නන්ගේ හෙවත් නියෝග නිකුත් කරන්නන්ගේ වගකීම පිලිබඳ වන නීති සිය නීති පද්ධතියට ඇතුලත් කිරීමට ආරාධනා කර තිබේග
දෙවනුව මෙම නඩු පැවරීම් මානව හිමිකම් උල්ලංගනය වීම හා අන්තර්ජාතික මානුශීයවාදී නීතියට යටතේ  ර්‍ණජාතීන්ගේ ප්‍රජාව විසින් හඳුනා ගෙන ඇති නීතියේ සාමාන්‍ය මුලධර්මයන් මත පදනම් වූ පුළුල් පරාසයක විහිදුනු අපරාධ” සඳහා විය යුතුයිග  ර්‍ණජාතීන්ගේ ප්‍රජාව විසින් හඳුනා ගෙන ඇති නීතියේ සාමාන්‍ය මුලධර්මයන්” යන වාක්‍ය ඛණ්ඩය සිවිල් හා දේශපාලන අයිතීන් පිලිබඳ අන්තර්ජාතික සම්මුතියේ 15:2* වගන්තියෙන් උපුටා ගෙන ඇතග එසේම සේපාල ඒකනායක නඩු තීන්දුවේදී ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13:6* වගන්තිය අන්තර්ජාතික සම්ප්‍රදායන්ගේ නීතිය ලෙස අර්ථ කථනය කර ඇතග එමගින් අන්තර්ජාතික සම්ප්‍රදයන්ගේ නීතිය තුල මානව හිමිකම් හා අන්තර්ජාතික මානුෂවාදී නීතිය යටතේ එන යුධ අපරාධ සහ මානුශීයත්වයට එරෙහි අපරාධ ඇතුලත් වේග එම නිසා යෝජනාව ශ්‍රී ලංකාවේ දේශීය නීතියට යුධ අපරාධ හා මානුශීයත්වයට එරෙහි අපරාධ ඇතුළු කිරීමට ශ්‍රී ලංකාව උනන්දු කරවයිග
තුන්වනුවල මෙම යෝජනාව අවම වශයෙන් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම් වාර්තාව ආවරණය කල 2002 සිට 2009 දක්වා කාල සීමාව අවම වශයෙන් ආවරණය කළ යුතු බවයිග යෝජනාව මගින් අන්තර්ජාතික අපරාධ දේශීය නීතියට ඇතුලත් කිරීම පමණක් නොව එකී නීතීන් 2002 වසර තරම් අතීතයට බලපවත්නා පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13:6* වගන්තියට යටත්ව සැකසීමටද රජය උනන්දු කරවයිග
8ග    ආරක්ෂක හමුදාවන් හි ගරුත්වය හා වෘත්තියභාවය වර්ධනයවීමට ඉඩ සැලසෙන පරිදි සංක්‍රාන්තීය අධිකරණ ක්‍රියාවලියේ කොටසක් ලෙසල ආරක්ෂක අංශයේ ප්‍රතිසංස්කරණ සඵලදායී ආකාරයට හඳුන්වාදීම සඳහාල ශ්‍රී ලංකා රජය දිරි ගන්වන අතර මානව හිමිකම් උල්ලංඝණය හෝ මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ යැයි අපක්ෂපාති පරිපාලන ක්‍රියාවලියක් මගින්ල වරදකරුවන් වූ ආරක්ෂක හා බුද්ධි ඒකක සාමාජිකයන් ඇතුළු කිසිදු අයෙක් ආරක්ෂක හමුදාවලට බඳවා ගැනීමට හෝ ආරක්ෂක හමුදාවල රඳවා ගැනීමට කිසිදු ඉඩකඩක් නොපවතින බවට තහවුරු කරමින්ල සියලු ශ්‍රී ලාංකිකයන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම ඉලක්ක කර ගත් පුහුණු වැඩසටහන් හා ප්‍රෝත්සාහන ලබාදීම් වැඩි කිරීම දිරිගන්වනු කැමැත්තෙමුග
අර්ථ නිරූපනයථ ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණය මෙම යෝජනාවේ වැදගත්ම කොටසකිග එමගින් බලාපොරොත්තු වන එක ප්‍රතිපලයක් ලෙස සඳහන් වන්නේ  ර්‍ණආරක්ෂක අංශයන්හි ගරුත්වය හා වෘත්තීයභාවය වර්ධනය කිරීමයි”ග මෙසේ ආරක්ෂක අංශ ප්‍රතිසංවිධානය කිරීමේ අරමුණ වන්නේ ආරක්ෂක අංශ මානව හිමිකම් ආරක්ෂා කරන්නන් පිරිසක් බවට පත් කොට නැවත එවැනි අපරාධ ඇති වීම වැලක්වීමයිග එහිදී ඇති කල යුතු පැහැදිලි වෙනස්කම් දෙකක් සඳහන්කොට ඇතග එකක් නම් මානව හිමිකම් උල්ලංගනයනට දායක වී ඇති පිරිස් ආරක්ෂක අංශ වල කටයුතු කිරීම හා ආරක්ෂක අංශ වලට අලුතින් එකතු වීම වැලැක්වීමට අපක්ෂපාති පරිපාලන ක්‍රියාවලියක් භාවිත කිරීමයිග දෙවැන්න නම් මානව හිමිකම් ආරක්ෂා කිරීමට හා ප්‍රචලිත කිරීමට ප්‍රමාණවත් පරිදි පුහුණුවීම් හා දිරි ගැන්වීම් ලබා දීමයිග මෙහි පළමුවැන්න කාගේත් කතා බහට තුඩු දුන් අර්බුදකාරී එකක් වන නමුදු පැරණි බෝල්කන් රාජ්‍යන් ආදී ලෝකේ අනෙකුත් රටවල් වල සාර්ථක ලෙස ක්‍රියාත්මක කර ඇතග
9ග    සාක්ෂිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීමේ නීතිය යාවත්කාලීන කිරීමට හා නීතිය සමාලෝචනය කිරීමට මෑතකාලීනව ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිගැනීමට ලක් කිරීම හා සාක්ෂිකරුවන්ල වින්දිතයන්ල විමර්ශනයන්ල අභිචෝදකයන් හා විනිශ්චයකාරවරුන් ඵලදායී ලෙස ආරක්ෂා කිරීමට අනුග්‍රහ සැලසීම මගින් මෙම අත්‍යවශ්‍ය ආරක්ෂක විධිවිධාන ශක්තිමත් කිරීම සඳහා පියවර ගැනීමට ශ්‍රී ලංකා රජය දිරි ගැන්වීමට ද කැමැත්තෙමුග
අර්ථ නිරූපනයථ විදේශ අමාත්‍යවරයා සිය කතාවේදී වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම පිලිබඳ පනත යලි සලකා බැලීමට කළ යෝජනාව දක්වමින්ල මෙම යෝජනාවේ භාෂාව වඩාත් ශක්තිමත් කරන ලදීග එක්සත් ජාතීන්ගේ විමර්ශන වාර්තාවේද මෙහි අවශ්‍යතාවය දක්වා ඇතගමේ වන විට පාර්ලිමේන්තුව විසින් පෙර පැවති පාලනය යටතේ සැකසු නීතියක් සම්මත කලද එය තවමත් ක්‍රියාත්මක කර නොමැතග
10ග ඉඩම් නැවත ලබාදීමට ගනු ලැබූ ආරම්භක පියවර පිළිගැනීමින් සහ ඉඩම් එහි නියම හිමිකරුවන්ට නැවත ලබාදීමේ කටයුතු කඩිනම් කිරීමටත්ල ඉඩම් භාවිතය හා හිමිකාරිත්වයට අදාළව පවතින ඉදිරි කටයුතු නිරාකරණය කිරීම සඳහාත විශේෂයෙන්ම සිවිල් කටයුතුවලට හමුදාවේ මැදිහත්වීම අවසන් කිරීමල සිවිල් ජනතාවගේ ජීවිත නැවත සාමාන්‍ය තත්ත්වයට පමුණුවා ඔවුන්ගේ ජීවනෝපායයන් නැවත ආරම්භ කිරීමල ආදිය සඳහා තවදුරටත් කටයුතු කිරීම වෙනුවෙන් රජය දිරිගන්වන අතර මෙම ප්‍රයත්න සඳහා සිවිල් සමාජ නියෝජිතයන්ල සුළු ජාතීන් ඇතුළු දේශීය ජනතාවගේ පූර්ණ සහභාගිත්වය ලබා ගැනීමේ වැදගත්කම අවධාරණය කිරීමට කැමැත්තෙමුග
අර්ථ නිරූපනයථ මෙම පරිච්ඡේදය අලුතින්ම එක් කර ඇත්තේ රජය දෙස ධනාත්මක ඇසකින් බලමිනිග මීට පෙර කෙටුම්පත මීට වැඩ දැඩි භාෂා ශෛලියක් භාවිත කර තිබිණග එහි කියවුනේ  ර්‍ණරජය විසින් හමුදා පාලනය යටතේ පැවතී ඉඩම් එහි නියම හිමිකරුවන්ට යලි ලබා දීමේදී තවත් අමතර පියවර අනුගමය කල යුතු බව අවධාරණය කර සිටිග එසේම එසේ ඉඩම් යලි පවරා දීමේ කටයුතු වේගවත් කිරීමටත්ල එසේම ඉඩම් භාවිතය හා අයිතිය සම්බන්ධව ඉතිරිව ඇති සැලකිය යුතු ප්‍රමාණයක් වන කටයුතු කරගෙන යාම සඳහා තවදුරටත් ක්‍රියාමාර්ග ගැනීමටත්ල විශේෂයෙන්ම සිවිල් කටයුතුවලට හමුදාවේ මැදිහත්වීම අවසන් කිරීමටත් ල සිවිල් ජනතාවගේ ජීවිත නැවත සාමාන්‍ය තත්ත්වයට පමුණුවා ඔවුන්ගේ ජීවනෝපායයන් නැවත ආරම්භ කිරීමටත් කටයුතු සලසා දීමටත්ල මේ සියලු කටයුතු වලදී සුළු ජාතීන් ඇතුළු දේශීය ජනතාවගේ සහභාගිත්වය තහවුරු කිරීමටත් රජය උනන්දු කර තිබේ” යනුවෙනුයිග
11ග පුවත්පත්කලාවේදීන්ල මානව හිමිකම් ආරක්ෂා කරන්නන්ල සුළු ජාතික කණ්ඩායම්වල සාමාජිකයන් හා සිවිල් සමාජයේ වෙනත් සාමාජිකයන් හා ආගමික ස්ථාන එල්ල කරමින් පුද්ගලයන් හා කණ්ඩායම් විසින් සිදුකරන ලදැයි පැවසෙන ප්‍රහාර පිළිබඳව විමර්ශනය කිරීමටත් එම ප්‍රහාරවලට වගකිව යුතු අපරාධකරුවන්ට ඒ සම්බන්ධ වගකීම පැවරීමටත්ල අනාගතයේ දී එම ප්‍රහාර වැළැක්වීම සඳහා පියවර ගැනීමටත් ශ්‍රී ලංකා රජය දිරිගැන්වීමට කැමැත්තෙමුග
අර්ථ නිරුපනයථ මෙම පරිච්ඡේදය සම්පුර්ණයෙන්ම 2014 වසරේ මාර්තු මාසයේ යෝජනාවට සමාන වේග මෙය එම වසරේ මුස්ලිම් ජනතාවට මුලික කරගෙන සිදුවූ ජාතිවාදී ප්‍රචණ්ඩත්වය හේතු කොටගෙන ඉදිරිපත් කළ එකකිග
12ග මහජන ආරක්ෂක පනත සමාලෝචනය කිරීමට හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කර අවලංගු කර ඒ වෙනුවට ජාත්‍යන්තරව විශිෂ්ට යැයි සැලකෙන තත්කාලීන පරිචයන්ට අනුකූල ත්‍රස්තවාදයට එරෙහි නව පනතක් ගෙන ඒමට ශ්‍රී ලංකා රජයේ ඇති කැපවීම පිලිගන්නෙමුග
අර්ථ නිරුපනයථ මෙය විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා මානව හිමිකම් කවුන්සිලයේ කළ කතාව පාදක කොට ගත්තකිග ඒ වන විට එක්සත් ජාතීන්ගේ විමර්ශන වාර්තාව ප්‍රකාශයට පත් කර නොතිබුණදල ඔහුගේ කතාවට ප්‍රථම එහි පිටපතක් ඔහුට ලබා දී තිබිනග ඔහුගේ කතාව තුල එම වාර්තාවේ කරුණු හා නිර්දේශ අන්තර්ගතව තිබෙන්නට ඇතග
13ග බලහත්කාර අතුරුදන් කිරීම්වලින් සියලු පුද්ගලයන්ව ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියන්ට අප්‍රමාදීව අත්සන් තැබීමට හා බලහත්කාර අතුරුදන් මතු කිරීමටත්ල බලහත්කාර අතුරුදන් කිරීම් අපරාධ ලෙස සැලකීමටත්ල තාවකාලිකව සහය පියවරක් වශයෙන් අතුරුදන්වූවන්ගේ පවුල්වලට  ර්‍ණප්‍රවාසය” පිලිබඳ සහතික නිකුත් කිරීම ආරම්භ කිරීමටත්ල ශ්‍රී ලංකා රජයේ ඇති කැපවීම පිලිගනු කැමැත්තෙමුග
අර්ථ නිරූපනයථ මෙයද විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා මානව හිමිකම් කවුන්සිලයේ කල කතාව පාදක කොට ගත්තකිග එහි විශේෂත්වය නම් දශක ගණනක් තිස්සේ පැහැරගෙන යම් වලට එරෙහි මානව හිමිකම් ක්‍රියාකාරීන් කල ඉල්ලීම් වලට සවන් දී තිබීමයිග පලමුව එමගින් අතුරුදන්වූවන් පිලිබඳ සම්මුතිය සම්මත කිරීමටත් දෙවනුව බලහත්කාරයෙන් පැහැරගෙන යාම් සාපරාධී අපරාධ ක්‍රියාවක් ලෙස නම් කිරීමටත්ල එසේ අතුරුදන් වුවන්ගේ පවුල් වල සාමාජිකයන්ට ප්‍රවාසය පිළිබඳ සහතික නිකුත් කිරීමත් එහිදී සඳහන් කෙරිනග
14ග පූර්ව ජනාධිපති කොමිෂන් සභා වාර්තා ප්‍රසිද්ධියට පත් කිරීමට ශ්‍රී ලංකා රජයේ ඇති කැපවීම ද පිලිගනු කැමැත්තෙමුග
අර්ථ නිරූපනයථ මීට පෙර කෙටුම්පත් විවිධ වාර්තාවන් ගැන සඳහන් කරන නමුත් රජය සමග කල සාකච්ඡා වලදී එම වාර්තා වල නම් ඇතුලත් නොකරන ලෙස රජය කල ඉල්ලීමට අනුව ඒවා ඉවත් කර තිබේග මීට පෙර වාර්තාවේ පහත පරිදි සඳහන් වේග  ර්‍ණඋදලාගම හා පරණගම වාර්තා මේ මස අවසානයේදීත්ල 2013 අගෝස්තු 31 දින වැලිවේරිය ප්‍රදේශයේදී අවි රහිත සාමාන්‍ය වැසියන්ට හමුදාව එල්ල කල ප්‍රහාරය සම්බන්ධ නඩු වාර්තාව ඇතුළුව ආරක්ෂක අංශ විසින් සිදු කල නීති විරෝධී ක්‍රියා සම්බන්ධ විමර්ශන වාර්තාවන්ගේ ප්‍රතිපල ඉදිරිපත් කරන ලෙස”ග වැදගත් කරුණක් වන්නේ විදේශ අමාත්‍යවරයා උදලාගම හා පරණගම විමර්ශන වාර්තා මෙම මාසයේදී ඉදිරිපත් කරන බවට මානව හිමිකම් කවුන්සිලයට ප්‍රකාශ කිරීමයිග නමුත් තවමත් ඒවා ප්‍රකාශයට පත් වී නොමැතග එයින් මතුවන හැඟීම වන්නේ රජය මෙම විමර්ශන වාර්තා එකක් හෝ සියල්ලම ප්‍රකාශයට පත් කිරීමට කිසිසේත් අපේක්ෂා නොකරන්නේද යන්නයිග නමුත් ඊට හේතුව තවම සිත ගැනීමට අපහසුයග
15ග මානව හිමිකම් කඩකිරීම්ල ජාත්‍යන්තර මානුෂීය නීතිය කඩකිරීම් හා අයථා භාවිතයන්ට අදාළව රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනවල පවතින සියලු වාර්තා ලිපිලේඛන ආරක්ෂා කිරීම සඳහා විස්තීරණ සැලසුමක් හා යාන්ත්‍රණයක් සැකසීමට ශ්‍රී ලංකා රජය දිරිමත් කිරීමට කැමැත්තෙමුග
අර්ථ නිරූපනයථ මෙමගින් මානව හිමිකම් උල්ලන්ගනයන්ට හා අන්තර්ජාතික මානුෂවාදී නිතිය කඩ කිරීම් සම්බන්ධ සියලු ලිපි ලේඛන ආරක්ෂාකාරීව තබා ගැනීමේ රජයේ යුතුකම අවධාරණය කරයිග මෙය අන්තර්ජාතික නීතියේ පිළිගැනෙන රජයක් විසින් අනුගමනය කෙරෙන යහපත් පිළිවෙතක් මෙන්ම නීතිමය වගකීමකිග
16ග අවශ්‍ය ව්‍යවස්ථාමය පියවර ගැනීම මගින් දේශපාලන විසඳුමක් සඳහා යාමට ආණ්ඩුවේ ඇති කැපවීම පිළිගන්නා අතරල ප්‍රතිසන්ධානය හා ජනගහනයේ සියලු කොටස් විසින් මානව හිමිකම් පූර්ණ වශයෙන් භුක්ති විඳින බව තහවුරු කිරීම සඳහා අත්‍යවශ්‍ය වූවක් වන දේශපාලන බලය බෙදා හැරීම වෙනුවෙන් ආණ්ඩුව දරන වෑයම දිරිමත් කරමුග ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අනුකූලව සියලු පළාත් සභාවලට ඵලදායී ලෙස කටයුතු කළ හැකි බව තහවුරු කරගැනීම සඳහාල ශ්‍රී ලංකා රජය දිරිමත් කිරීමට ද කැමැත්තෙමුග
අර්ථ නිරූපනයථ මෙම පරිච්ඡේදයට එරෙහිව අදහස් පළවූ අතර සාකච්ඡාවට බඳුන් කරන ලදීග පළාත් සභා සහ 13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව දක්වන දෙවන පරිච්ඡේදය 2014 මාර්තු යෝජනාවෙන් උපුටා ගත එකකිග කෙසේවෙතත්  ර්‍ණඅවශ්‍ය ව්‍යවස්ථාමය පියවරයන් මගින් දේශපාලන විසඳුමක් සඳහා යාමට ආණ්ඩුවේ කැපවීම” යන වාක්‍ය ඛණ්ඩය විදේශ අමාත්‍යවරයාගේ කතාවේදී දමිල ජනතාවගේ ගැටළු වලට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් විසඳුමක් ලබා දීම පිළිබඳව කළ සඳහනට අදාල වේග අමාත්‍යවරයා යොදා ගත  ර්‍ණනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව” වෙනුවට මෙහි  ර්‍ණව්‍යවස්ථා පියවරයන්” යන්න යොදා තිබේග බලය බෙදීමක් තුලින් දේශපාලන විසදුමක් කරා යාම දෙමළ ජාතික සන්ධානය දිගු කාලයක සිට කල ඉල්ලීමකිග
17ග වදහිංසාල දූෂණ හා ලිංගික අපරාධ ඇතුළු ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය හා ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝණය කිරීමට අදාළ සියලු ක්‍රියා තහනම් කර ඇති බවටත්ල එවැනි උල්ලංඝණය කිරීම්වලට වගකිව යුතු පුද්ගලයන් පිළිබඳව විමර්ශනය කොටල දඬුවම් ලබාදෙන බවටත් ආරක්ෂක අංශවල සියලු කොටස්වලට පැහැදිලිව උපදෙස් නිකුත් කිරීම සඳහා රජයේ ඇති කැපවීම පිළිගැනීම හා ලිංගික අපරාධ හා වදහිංසාවලටඅදාළ සියලු වාර්තා සම්බන්ධයෙන් කටයුතු කිරීමට රජය දිරිමත් කිරීම දල
අර්ථ නිරූපනයථ මෙම පරිච්ඡේදයද විමර්ශන වාර්තාවේ සඳහන් වූ එහෙත් යෝජනාවේ මුල් කෙටුම්පත්වල සඳහන් නොවූ පරිච්ඡේදයකිග මෙයද විදේශ අමාත්‍යවරයාගේ කතාවෙන් පසු ඇතුලත් කල කොටසකිග
18ග මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරයාගේ කාර්යාලයේ නිර්දේශ හා ප්‍රතිසංධානයටල වගවීමට හා මානව හිමිකම්වලට අදාළ වෙනත් ක්‍රියාවලීන් ක්‍රියාත්මක කිරීමෙහි ලා දක්වන ප්‍රගතිය ඇගයීම සඳහා අඛණ්ඩව කටයුතු කරන මෙන් දල මානව හිමිකම් කවුන්සිලයේ තිස්දෙවන සැසිවාරයේ දී එම කටයුතුවල තත්ත්වය පිළිබඳ වාචික යාවත්කාලීන කිරීමක් ඉදිරිපත් කරන මෙන් දල මානව හිමිකම් කවුන්සිලයේ තිස් හතරවන සැසිවාරයේ දී වත්මන් යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කොට සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ද මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ කාර්යාලයෙන් ඉල්ලා සිටීම දල
අර්ථ නිරූපනයථ මෙම පරිච්ඡේදයේ ක්‍රමික විකාශය ඉතා අපුරු එකකිග සාමාන්‍යයෙන් මෙවැනි පරිච්ඡේදයක සඳහන් වන්නේ මහා කොමසාරිස්වරයාට ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා ඉල්ලීමක් කිරීමයිග නමුත් ශ්‍රී ලංකා රජයට වෙනස් අකාරයේ භාෂා භාවිතයක් අවශ්‍ය වූ බව තේරුම් ගත හැකියග මුල් කෙටුම්පතෙහි අඩංගු වුයේ  ර්‍ණ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිලිබඳ තත්ත්වය සොයා බලා තහවුරු කර ගැනීමට” යනුවෙනිග ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිලිබඳ තත්වය සොයාබැලීමරැු නිරීක්ෂනය යන වචන දැන් යෝජනාවේ අඩංගු නොවේග ඒ වෙනුවට වගවීමල සංහිඳියාව හා මානව හිමිකම් පිලිබඳ නිර්දේෂයන් ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාවේ ප්‍රගතිය නොකඩවා සොයා බැලීමට මානව හිමිකම් මහා කොමසාරිස් කාර්යාලයට ඇරයුම් කර තිබේග මෙසේ මානව හිමිකම් සම්බන්ධ ක්‍රියාවලීන් නිරීක්ෂණයට කර ඇති ඉල්ලීමේ අර්ථකතනයන් පදනම් කර ගෙන මානව හිමිකම් මහා කොමසාරිස් කාර්යාලයට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිලිබඳ නිරීක්ෂනය කිරීමට හැකි වනු ඇතග
වාර්තා කිරීමේ කාල රාමුව මේ පරිදි වේග මානව හිමිකම් මහා කොමසරිස් කාර්යාලය විසින් කරනු ලබන වාචික දැනුම් දීමක් 2016 වසරේ ජුනි මාසයේදී සහ අවසාන සවිස්තර වාර්තාව 2017 වසරේ මාර්තු මාසයේදීග මෙම කාල සීමාව විදේශ අමාත්‍යවරයා වගවීම සම්බන්ධ ක්‍රියාවලිය ක්‍රියාවට නැංවීම සඳහා ගතවන්නේ යයි ප්‍රකාශ කල මාස 18 කාල සීමාවට සමාන වේග
කියවන්නථ  ර්‍ණ විදේශ අමාත්‍ය වරයා ෘ්සකහත්‍ඔ වෙත කල ප්‍රකාශයේ දැක්වෙන්නේ වසරක් හෝ මාස 18ක් ඇතුලත නිර්දේශ වල සඳහන් ක්‍රියාවලින් ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වන බවයිගගග” වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්නථ  http://www.ft.lk/article/471161/Accountability-framework-for-Lanka-s-own-sake--Mangala #sthash.XFOh9J7P.dpuf”
19ග ඉටු නොකළ ඉල්ලීම්වලට විධිමත්ව ප්‍රතිචාර දැක්වීමද ඇතුළුවල විශේෂ කාර්ය පරිපාටි බලපත්‍ර හිමියන් සමඟ අඛණ්ඩ සහයෝගිතාවයෙන් යුතුව කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය දිරිගැන්වීමටද කැමැත්තෙමුග
අර්ථ නිරූපනයථ රටවල් පිලිබඳ වන බොහෝ යෝජනා වලදී දක්නට ලැබෙන සම්මත පරිච්ඡේදයකිග පාර්ශවකරුවන් ඉවත්කොට පෙර භාවිත කල වාක්‍යයන් කෙටි කොට දක්වා ඇතග
20ග ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ එකඟත්වය ලබාගෙනල ඉහත කී පියවර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපදෙස් හා තාක්ෂණික සහාය ලබාදීම සඳහා මහ කොමසාරිස් කාර්යාලය හා අදාළ විශේෂ කාර්ය පරිපාටි බලපත්‍ර හිමියන් දිරිමත් කිරීමට කැමැත්තෙමුග
අර්ථ නිරූපනයථ මෙයද රටවල් පිලිබඳ වන බොහෝ යෝජනා වලදී දක්නට ලැබෙන සම්මත පරිච්ඡේදයකිග ශ්‍රී ලංකාව පිළිබඳව සෑම යෝජනාවකදීම 2012 වසරේ සිට මෙය අඩංගු වියග
 
South Asian Centre for Legal Studies-




2015-10-07
Advertisement

Find us on Facebook