English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


යුද අපරාධ වාර්තාවේ. මේ කරුණු ඔබ දැන සිටියාද?
යුද අපරාධ වාර්තාවේ. මේ කරුණු ඔබ දැන සිටියාද?
සුනන්ද දේශප්‍රියජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීල ජිනිවා නුවර සිට
ශ්‍රී ලංකාවේ නූතන ඉතිහාසයෙහි අඳුරුතම යුගයක් පිළිබඳ වාර්තාව දැන් ලොව අබිමුවයග
එනම් ශ්‍රී ලංකාවේ යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විමර්ශන කමිටු වාර්තාව යග
එයට විවිධ නම් පටබැඳ ඇතත් මම එයට ජිනිවා වාර්තාව යැයි කියමිග මන්ද යත් එය ලියන ලදදේ ජිනීවා සිට නිසා යග
එමෙන්ම එනමින් අන්තර්ගතයට කිසිදු අර්ථ දැක්වීමක් කෙරෙන්නේ නැතග
මේ වනාහී ශ්‍රී ලංකාවේ ඉතිහාසය දෙස ලොව මානව හිමිකම් අග නගරය වන ජිනිවා සිට බැලීමකිග
වාර්තාවේ දෘෂ්ඨි කෝණය මානව හිමිකම් සුරැකීම සහ ප්‍රවර්ධනය යිග ශ්‍රී ලංකාවේ යුද්ධ කාලීන ඉතිහාසය මානව හිමිකම් කෝණයෙන් විමසා බැලෙන ඕනෑම අධ්‍යනයක තීරණාත්මක ස්ථානයක් මෙම වාර්තාව විසින් අල්ලා ගනු නිසැක යග

වාර්තාව විස්තිර්ණයල වචන එක් ලක්ෂ තිස්දහස ඉක්මවන අතර ඉංග්‍රීසි බසින් ඒ 4 ප්‍රමාණයේ 261කිග තේමාත්මක පරිච්ඡේද එකළොසෙකිග ඒ මෙසේ යථ
01ගඅනීතිත ඝාතනයන්
02ගනිදහස සීමා කිරිමට අදාළ කෙළෙසීම්
03ගබලහත්කාර අතුරුදහන් කිරීම්
04ගවධහිංසා පැමිණවීම ඇතුලු වෙනත් ආකාරයන්හි ක්‍රෑරල අමානුෂික සහ ගෞරවය කෙළෙසන ක්‍රියාවන්
05ගලිංගික සහ පුමිතිරිබාවය මත පදනම් වූ ප්‍රචන්ඩත්වයන්
06ගවැඩිහිටියන් පැහැර ගැනීම සහ බලහත්කාර බඳවා ගැනීම්
07ගළමුන් බඳවා ගැනීම සහ යුද සටන් සඳහා යෙදවීම
08ගසිවිල් ජනයා සහ සිවිල් ස්ථාන වෙත යුද සටන් මගින් ඇතිවන බලපැම්
09ගසැරි සැරීමේ නිදහස සීමා කිරීම
10ගමානුශීය සහනාධාර වැළැක්වීම
11ගඅවිවෘත කඳවුරුහිදී විතැන් වූ ජනයාගේ නිදහස ඇහිරීම සහ සෝදිසි කිරීම
මෙම තේමා අනුවම වාර්තාව රජයේ හමුදා සහ විමුක්ති කොටි සංවිධානය : එල්ටීටීඊ* යන දෙපාර්ශවයටම අදාළ වන පරිදි මානව හිමිකම් උල්ලංඝනයන් විමර්ශනය කර ඇති බව පෙනී යයිග
වාර්තාවේ ප්‍රධාන නිගමනය වන්නේ ද එකී දෙපාර්ශවයම යුද අපරාධ ලෙස සැළකිය යුතු අපරාධයන්ට වග කිව යුතු බවට පිළිගත හැකි සාක්ෂි තිබෙන බවයිග
වාර්තාවේ ප්‍රධාන නිර්දේශයන්ගෙන් කියැවෙන්නේ එකී චෝදනා සහ එම චෝදනාවන්ට අදාළව වාර්තාව සඳහන් කරන අදාළ සිදුවීම් අධිකරණමය පරීක්ෂණයකට ලක් කර වරදකරුවන්ට දඩ්වම් ලබා දෙන ලෙස යිග
වාර්තාවේ තීරණාත්මකම නිර්දේශය ද ඊට අදාළ වෙයිග එනම් එවැනි පරීක්ෂනයක් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්දතියට තනිව කළ නොහැකි බව යග
එබැවින් වාර්තාව ඒ සඳහා මිශ්‍ර අධිකරණයක් නිර්දේශ කරයිග ඒ සඳහා වාර්තාව අන්තර්ජාතික විනිසුරුවරුන්ල පැමිණිලි මෙහෙයවන්නන්ල නීතිඥයන් සහ විමර්ශන නිලධාරීන් ඇතුළු අන්තර්ජාතික කාර්යමණ්ඩලයක් බඳවා ගැනීම සඳහා මෙම වාර්තාව මගින් ශ්‍රී ලංකා රජය උනන්දු කරවයිග
මෙම මිශ්‍ර අධිකරණය අන්තර් ජාතික අධිකරණයක් නොවෙන එය ක්‍රියාත්මක වනු ඇත්තේ ශ්‍රී ලංකාවේ අධිකරණපද්ධතිය තුල යග
වාර්තාව තත්කාලීනයග ජන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධ පරීක්ෂණයේ ප්‍රගතිය පවා වාර්තාවට ඇතළත් යග
2015 අගෝස්තු මාසයෙහි ශ්‍රි ලංකාන්ඩුවෙන් ලද කරුණු පවා එහි ඇතුලත්යග 2015 ජනවාරි මාසයෙහි නව ආණ්ඩුව බලයට පත් වීමෙන් පසු සිදු වූ ප්‍රජාතන්ත්‍රීය වෙනස්කම් ද ප්‍රතිසංධානය සඳහා දක්වා ලැදියාව ද වාර්තාව අගැයීමට ගත කරයිග
වත්මන් ආණ්ඩුව විසින් දියත් කර ඇති මූල්‍ය අපරාධ ඇතුළු වංචා දූෂණ පරීක්ෂණයන් ද එහි අගැයීමට ලක් වේග
උක්ත පරීක්ෂණය සඳහා තුන් දහසකට අධික තොරතුරු ලිඛිතව ලැබූ බව සඳහන් කර නමුත් සිය පරීක්ෂණ කණ්ඩායම කොපමණ සාක්ෂිකරුවන් පුද්ගලික සම්මුඛ සාකච්ජාවන්ට භාජනය කරන ලදදේ දැයි වාර්තාව සඳහන් කරන්නේ නැතග
ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු පවා එක්සත් ජාතීන්ගේ විමර්ශණ කණ්ඩායමට ශ්‍රී ලංකාවට පැමිණ තොරතුරු ගවේෂණය කිරීමට අවසර නොලැබුණිග
එමෙන්ම විමර්ශන කණ්ඩායම හමුවට පැමිණ කරුණු ඉදිරිපත් කරන සේ මානව හිමිකම් කොමිසමෙහි නිත්‍ය ශ්‍රී ලාංකික නියෝජිත සහ ජිනිවාහි ශ්‍රී ලංකා තානාපතිවරයාට කරන ලද ආරාධනය ද නොපිලිගැනුනිග
වාර්තාව සඳහන් කරන්නේ එල්ටීටීඊ සංවිධානයේ සියලු නායකයින් ඝාතනය වී ඇති බැවින් එවැනි කිසිවකුගෙන් ද ප්‍රශ්න කිරීමට අවස්ථාවක් නොවූ බවයිග
එනමුත් පහළ මට්ටමේ එල්ටීටීඊ සාමාජිකයින්ගෙන් කරුණු විමසීමට විමර්ශන කමිටුවට අවස්ථාව ලැබී තිබේග
ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට මේ තාක් කියැවීමට ලැබී නැති වැදගත් මානව හිමිකම් පරීක්ෂණ ගණනාවක වාර්තා එජා විමර්ශන කමිටුව වෙත ලැබී තිබේග
2006 වසරේදී ජනාධිපති රාජපක්ෂ විසින් බරපතළ මානව හිමිකම් කෙලෙසීම් 11ක් විමර්ශනය කිරීම පිණිස පත් කරන ලද කොමිෂන් සභාවේ : අදලාගම කොමිසම* වාර්තාව ඉන් එකකිග
අන්තර්ජාතික විද්වත් පුද්ගලයින්ගේ කණ්ඩායම් :ෂබඑැරබ්එසදබ්ක ඨරදමච දෙ ෑපසබැබඑ ඡුැරිදබි* වාර්තාව තවත් එකකිග
2006 මාර්තු මාසයේ මඩකළපුවෙහි දේවස්ථානයක් තුළ දී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මංත්‍රි ජෝෂප් පරරාජසිංහම් ඝාතනය කරනු ලැබීම විමසා බැලීමට පත් කරන ලද මහානාම තිලකරත්න වාර්තාව තවත් එකකිග
ඊට අමතරව එක්සත් ජාතින්ගේ මහ කොමසාරිස්වරයා විසින් දෙවතාවක දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පත් කරන ලද කමිටු වාර්තා ද සිය විමර්ශනය සඳහා යොදා ගත් බව සඳහන් වේග
මෙකී වාර්තාවෙහි ආරක්ෂක හමුදා නිලධාරීන් ගණනාවකගේම නම් සඳහන් වෙයිග ඒ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා අණදෙන ව්‍යුහය පැහැදිලි කිරීමේ දීයග
එම සටහන්හි ඉහළින්ම සේනාධිනායකයාද දෙවැනුව ආරක්ෂක ලේකම්වරයා ද සඳහන් වන්නේ නිලයෙන් මිස පුද්ගල නාමයෙන් නොවේග එල්ටීටීඊ සංවිධනයේ ක්‍රියා කාරකම් සම්බන්ධයෙන්ද එවැනිම ලේඛනයක් වාර්තාවෙහි අඩංඟුය‍ග
එසේ වෙතත් වැදගත් කරුණ වන්නේ වාර්තාවෙහි සඳහන් කිසිදු යුද නිලධාරියකු කවර හෝ නිශ්චිත යුද අපරාධයකට සම්බන්ධ යැයි ඔවුන්ගේ නම් සඳහන් කිරීම නිසා අදහස් නොවන බව වාර්තාව පැහැදිලිව ප්‍රකාශ කිරීමයිග
වාර්තාව සඳහන් කරන්නේ වරදකරුවන් අධිකරණමය ක්‍රියාදාමයක් තුලින් තහවුරු කර නිසි දඬුවම් ලබා දිය යුතු බවයිග
වාර්තාව ශ්‍රී ලංකාව තුල දෙමළ වර්ග සංහාරයක් : ටැබදජසාැ* සිදු වූ බව පිළිගෙන නැතග ඒ පිළිබඳ තීරණය කිරීම ඉදිරි විමර්ශකයකට ඉතිරි කරයිග

එසේ නමුත් යුද්ධ කාලීනව දෙමළ ජනයා මත එල්ල වූ දරුණු මානව හිමිකම් කෙලෙසීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව වගකිව යුතු බව අවස්ථා ගණනාවකදීම කරුණු සහ සාධක ඇතිව පෙන්වා දෙයිග
යුද බිමෙහි සිර වී සිටි ජනයාට ප්‍රමාණවත් ආහාර සහනාධාර නොසැපයීම සහ එළෙස සැපයීමට බාධා කිරීම ශ්‍රී ලංකාන්ඩුවට එල්ල වන තවත් අපරාධ චෝදනාවකිග
එමෙන්ම එම ජනයා යුද්දයෙන් පසු අවිවෘත රඳවා තැබිමේ කඳවුරු ගත කිරීම ද අන්තර් ජාතික මානුශීය නීතිය කෙලෙසීමක් ලෙස ශ්‍රී ලංකා රජයට චෝදනා කෙරෙයිග
ඉන් එක් සිදුවීමක් වන සුදු කොඩි රැගෙන යුද හමුදාවට බාර වූ එල්ටීටීඊ නායකයින් ඝාතනය කළ බවට සාක්ෂි ගණනාවක් වාර්තාවෙහි අඩංඟුයග
එලෙස බාර වීමේ කාර්ය සම්බන්ධීකරණය සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ සහ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත වූ පාලිත කෙහොන වාර්තාව නම් වශයෙන් දක්වයිග
සුදු කොඩි රැගෙන බාර වීමේ සාකච්ජාවන් ජනාධිපති රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද දැන සිටි බව වාර්තාව දක්වයිග
එල්ටීටීඊ සංවිධානය විසින් කළ බවට වාර්තා වන සමූළ ඝාතනයන් මෙන්ම පුද්ගල ඝාතනයන්ද සාක්ෂි සහිතව වාර්තාව දක්වයිගකැබිතිගොල්ලැව බස් බෝම්බයල කොටුව දුම්රිය පොළෙහි බෝම්බ පිපිරවීමල යනාදිය ඒ අතර වේග
ළමා සොල්දාදුවන් සම්බන්ධයෙන් එල්ටීටීඊයට මෙන්ම කරුණා අම්මාන් නායකත්වය දුන් ටීඑම්විපීයට ද වාර්තාවෙන් චෝදනා එල්ල වෙයිග
එල්ටීටීඊයෙන් ඉවත් වූ පසු කරුණා පාර්ශවය විසින් ළමා සොල්දාදුවන් බලයෙන් බඳවා ගැනීම ශ්‍රී ලංකා රජය දැන සිටි බවද වාර්තාව සඳහන් කරයිග එල්ටීටීඊයට එල්ල වන තවත් චෝදනාවක් නම් එය විසින් පාලනය කල පෙදෙස්හි මහා ජනයාගේ ගමනාගමනය සීමා කිරීමයිග
ශ්‍රී ලංකාවෙහි විශාල ලෙස සිදුව ඇති අතුරුදහන්වීම් සම්බන්ධයෙන් ආරක්ෂක හමුදා වගකිව යුතු බවට වන චෝදනාව වාර්තාව සනාථ කරයිග
සුදු වෑන් මගින් පැහැර ගැනීමට අමතරව යතුරුපැදි ඝාතක කණ්ඩායම් වූ බවට ද වාර්තාව සඳහන් කරන්නේ සිද්ධීන් ගණනාවක් මගිනිග මෙම යතුරු පැදි ඝාතක කණ්ඩායම් රජයේ ආරක්ෂක හමුදා කඳවුරු තුලින් පැමිණි බව ද එය සඳහන් කරයිග
ආරක්ෂක හමුදා අත්අඩංගුවෙහි දී ස්ත්‍රීනට මුහුණ දෙන්නට සිදු වූ ලිංගික අතවර සහ හිංසා වාර්තාවෙහි විශේෂ තැනක් ගනීග
එවැනි හිංසාවන්ට ලක් වූවන්ගේ සාක්ෂි තමන් සතු බව විමර්ශන කණ්ඩායම වාර්තාව මගින් කියා සිටියිග
එපමණක් නොව අත්අඩංගුවට පත් සහ යුද බිමෙහි දී මරණයට පත් එල්ටීටීඊ සාමාජිකාවන් ලිංගික අතවරයන්ට ලක් කෙරුණ වීඩියෝ සාක්ෂි තමන් සතු බව ද එය කියා සිටියිග
වාර්තාව සඳහන් කරන වීඩියෝ සාක්ෂි අතරින් මේ තාක් ප්‍රසිද්ධියට පත්ව නැති එකක් වන්නේ ප්‍රභාකරන්ගේ 12 හැවිරිදි බාල පුත් බාලචන්ද්‍රන් යුද හමුදා අත්අඩංගුවේ සිටියදී ගන්නා ලදැයි කියවෙන වීඩියෝවකිග
බාලචන්ද්‍රන් ඝාතනය කිරීම සඳහා වෙඩි තබා ඇත්තේ අතේ දුරක සිට බව සඳහන් කරන වාර්තාව ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට චෝදනා කරයිග
වාර්තාව අවසානයෙහි නිර්දේශයන් 39ක් වෙයිග ඉන් 33න් ශ්‍රී ලංකාන්ඩුවටයග ශ්‍රී ලංකා ආණ්ඩුවට ඉදිරිපත්ව ඇති නිර්දේශ ආයතනික ප්‍රතිසංස්කරණල යුක්තියල සත්‍ය දැන ගැනීමට ඇති අයිතියල හානි පූර්ණය :වන්දිය* ලෙස දක්වා තිබේග
එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ එහි සාමාජික රටවලට ඉදිරිපත් කර ඇති නිර්දේශ 6න් දැක්වෙන්නේ වාර්තාවේ එන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සහාය වීම සහ පසු විපරමක් පවත්වා ගැනීමල වාර්තාවේ සඳහන් අපරාධයන් සම්බන්ධයෙන් අන්තර් ජාතික අධිකරණ බලය යටතේ පියවර හැකි අවස්ථාවන්හිදී ගැනීමල විදෙස්ගත දෙමළ වින්දිතයින් සම්බන්ධයෙන් මානුශීය සහන සැපයීම යනාදිය වේග

සිංහල බී.බී.සී අනුග‍්‍රහයෙනි



2015-10-07
Advertisement

Find us on Facebook