English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මහජන විනිශ්චය සභාව අනාගත නීතිපතිගේ කාර්යභාරය මහවැලි කේන්ද්‍රය - සැප්තැම්බර් 29 වෙනි දින
මහජන විනිශ්චය සභාව
අනාගත නීතිපතිගේ කාර්යභාරය
මහවැලි කේන්ද්‍රය - සැප්තැම්බර් 29 වෙනි දින
 

”මොන නීති සම්මත වුනත්, මොන නීතිපති ආවත් වැඩක් නැහැ ජනතාව නිදිනම්, ජනතාව නිදිනම් මේ සමාජයේ කිසිවක් වෙනස් කරන්න බැහැ. ඒ නිසා මේ සමාජය වෙනස් කරන ජනතාව වීදි බැස නිසි ක‍්‍රමයක් සකස් කරන තුරු මේවා වෙනස් කරන්න බැහැ. ප‍්‍රධාන පක්ෂ දෙකම රට විනාශ කලා. දැන් අපිට බලා ඉන්න පුළුවන් ධනපති ආණ්ඩුවක් යටතේ සිදුවිය හැකි ප‍්‍රජාතන්ත‍්‍රවාදී යයි කියා ගත හැකිි වෙනසක් පමණයි ”

වයස අවුරුදු 70 ක් පමණ වන කුරුණෑගල ප‍්‍රදේශයේ සිටින වාමංශික අදහස් දරණ තවමත් මනසින් වියපත් නොවුනු මිනිසෙකුගේ ප‍්‍රකාශනයකි. ඔහු මේ වේගවත් කෙටි අදහස් දක්වන ලද්දේ අද දින කොළඹ 07 මහවැලි කේන්ද්‍රයේ දී පැවති රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය කරන ලද මහජන විනිශ්චය සභාව වැඩ සටහනේදීයි.

මහජන විනිශ්චය සභාවේ සභපතීත්ත්වය උසුලන ලද්දේ නීතිඥ ලක්ෂාන් ඩයස් විසිනි.

අද දින වැඩ සටහනෙහි අරමුණ වූයේ නීතිපතිට එරෙහිව පවතින විවිධ විරෝධතාවයන් පිළිබඳ අදහස් විමසීමක් සිදු කර යම් නිර්දේශයන් ඉදිරිපත් කිරීමටයි. මෙහිදී මහජන විනිශ්වය සභාව වෙනුවෙන් ජනතා පැමිණිල්ල ඉදිරිපත් කරන ලද්දේ ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් සහෝදරයා විසිනි. ඔහු සහ මහජන විනිශ්චය සභාවේ අනෙක් කථිකයන් විසින් නීතිපතිට එරෙහිව ඇති විශාල කරුණු සංඛ්‍යාවක් ගෙන හැර දක්වන ලද්දේය. දේශපාලනීකරණ වීම, නඩු කල්ගත වීම, කාර්්‍යක්ෂම නොවීම, විශාල ප‍්‍රමාණයේ සිරකරුවන් නඩු නොමැතිව රිමාන්ඞ් සිර කඳවුරු වල අවුරුදු ගණන් සිටීම, දෙමළ සිරකරුවන්ගේ ගැටලූ නොවිසඳීම, චෝදනා ඇති සුදුසු නැති විනිසුරුවන් නඩු විසඳීම සහ මීට අමතරවම කරුණු ලෙස නඩු නොවිසඳීමට හේතුවක් ලෙස විමර්ශන කාර්යක්ෂමව සිදුනොවීමත් සලකා බලන ලදි.

නීතිඥ සංගමය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම්, මානව හිමිකම් කොමිසම් සභාව වෙනුවෙන් එහි නීති අධ්‍යක්ෂ නීතිඥ නිමල් පුංචිහේවා, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය වෙනුවෙන් එහි සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු, සමාජ සංවාදය ඇමති මනෝ ගනේෂන් යන අය අදහස් දක්වන ලදි.

මේවාට නිර්දේශයන් ඉදිරිපත් කරන ලද්දේ නීතිඥ ලක්ෂාන් ඩයස් සහ නීතිඥ උපුල් කුමාරප්පෙරුම යන පුද්ගලයන් විසිනි. ( එම නිර්දේශ පසුව වෙනම පළ කරමු * ජනතා අදහස් දැක්වීමක් ද සිදුවිය.

මෙහිදී සිදුවූ තවත් විශේෂ සිදුවීමක් වූයේ ඝාතනයට ලක් වූ, ජෙරාඞ් මර්වින් පෙරේරා ගේ නඩු තීන්දුව අළලා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ නීති අංශයේ නීතිඥ උපේන්ද්‍ර ගුණසේකර විසින් ලියන ලද ප‍්‍රමාදවී ලැබුනු යුක්තිය නම් කෘතිය එළි දැක්වීමයි. එහි එම සිදුවීම සහ නඩුව සම්බන්ධව බොහෝ තොරතුරු ඇතුළත්ව ඇත.




2015-09-29
Advertisement

Find us on Facebook