English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ඇමෙරිකානු යෝජනාව ඉදිරියටම
ඇමෙරිකානු යෝජනාව ඉදිරියටම

ඇමෙරිකාව විසින් ශී‍්‍ර ලංකාව ඉදිරිපත් කරන ලද දේශීය යාන්ත‍්‍රණ පිළිබඳ යෝජනාව සංශෝධනය කරමින් ඉදිරිපත් කරන ලද නව යෝජනාවට විවිධ රටවල් වලින් දැන් සහය පළවෙමින් පවතී. නවතම සහය දැක්වීමේ ප‍්‍රකාශය ප‍්‍රකාශයට පත් කරන ලද්දේ බි‍්‍රතාන්‍ය විසිනි.
එමෙන්ම ශී‍්‍ර ලංකාව එම යෝජනාවේ සහ අනුග‍්‍රහකත්වය දැක්වීමට එකගවීම තවත් ඉදිරි පියවරයක් ලෙස ඔවුන්ගේ ප‍්‍රසංසාව හිමිව තිබේ. විශේෂ නිවේදනයක් නිකුත් කරන විදේශ කටයුතු සහ පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු භාර, එක්සත් රාජ්‍යධානීයේ ඇමති හියුගෝ ස්වයර් මෙම පියවර රටේ පවතින අර්බුදය විසඳීමට ගත් විශාල ඉදිරි පියවරයක් බවයි. ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් ද මීට පෙර ශී‍්‍ර ලංකාවේ මෙම පියවර ඇගයීමට ලක් කළේය.
නව සංශෝධනයේ විශේෂ පියවරයක් වන්නේ මෙහි හයිබි‍්‍රඞ් අධිකරණය සම්බන්ධ යන සංකල්පය මෙහි සඳහන් නොවීමයි.
අනෙක් විශේෂිත කරුණ වන්නේ ගෝලීය දෙමළ සංසදයත් මෙම යෝජනාවට එකගත්වය පළ කර තිබීමයි. ක‍්‍රමයෙන් රටේ තත්ත්වය යහපත් වෙමින් පවතින බවයි ඔවුන්ගේ අදහස වී තිබෙන්නේ. විශේෂයෙන් ඉඩම් නැවත ලබාදීම් සහ වෙනත් සහය පියවරයන් නිසා ඔවුන් මෙම තත්ත්වය යහපත් ලෙසින් දකියි.
දකුණේ දේශපාලන පක්ෂ විසින් ද මේ සම්බන්ධයෙන් යහපත් පියවරයක් ලෙස දකින අතර, විදේශීය නියෝජිතයන්ගේ සම්බන්ධතාවය ගැන විරෝධය පළ කරමින් සිටියි. මහින්ද රාජපක්ෂගේ නායකත්වයට සමීපව සිටි දේශපාලන හා තානාපති සේවාවන්හී පුද්ගලයන් විවිධ ජාතිවාදී මත වැපිරවීමට උත්සාහ කරමින් සිටියි.  




2015-09-27
Advertisement

Find us on Facebook