English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


කහටගස්දිගිලියේ පොලිස් වියරුව
කහටගස්දිගිලියේ පොලිස් වියරුව
කහටගස්දිගිලියේ පොලීසියේ රථවාහන අංශයේ නිලධාරියෙකු විසින් පාදයක් අහිමි ආබාධිත පුද්ගලයෙකුට බිම දමා පහර දෙන රූප රාමු පෙළක් ජනමාධ්‍යයන් තුලින් ද, සමාජ වෙබ් ඡුාලා තුළ ද දක්නට ලැබේ. පහර කෑමට ලක්වෙන පුද්ගලයාගේ කෘතී‍්‍රම පාදය මඳ දුරකින් වැටී තිබෙනු පෙනෙයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වෙත චෝදනා එල්ල වෙමින් තිබියදී පොලීසිය විසින් පවසන්නේ ඔහු බීමත්ව සිටි බවත්, ඔහුට හෙල්මට් නැතිව මෝටර් බයිසිකලය ධාවනය කළ බවත්, මෝටර් බයිසිකලය නැවැත්වීමට අණ කරද්දී, අණට පිටුපා ඉදිරියට ධාවනය කළ බවත්ය.
පොලීසිය සාමාන්‍යයෙන් මෙවැනි සිද්ධියක දී පවසන දේ පවසා ඇත.
 එමෙන්ම සැකකරු බීමතින් මෝටර් බයිසිකලය පැදවීමේ චෝදනාව මත අධිකරණයට ඉදිරිපත් කර ඇත. මේ සිදුවීම සම්බන්ධයෙන් පුවත්පත් හා ජනමාධ්‍යයෙන් වාර්තා කර ඇති පරිදි එම පුද්ගලයා පවසා තිබෙන්නේ තමන්ගේ පාදයේ ඇති ආබාධිත තත්ත්වය නිසා එක්වරම මෝටර් බයිසිකලය නැවැත්වීමට අපහසු වූ බවත්, පසුව මඳ දුරක් ගොස් බයිසිකලය නැවැත්වීමට හැකි වූ බවත්ය. එමෙන්ම පොලීසිය විසින් ඔහුට පෙර ඇති වැරදි නවයක් ඇති බව මෙහි දී ජනමාධ්‍යයන්ට පෙන්වා දී ඇත.
එමෙන්ම සැකකරු කී දේ සත්‍යයක් විය හැකි වන්නේ ඔහු පසුව හෝ මෝටර් බයිසිකලය නවත්වා ඇති නිසයි. අවශ්‍ය නම් ඔහුට දිගින් දිගටම ඉදිරියට යාමට හැකියාව තිබුනි.
කෙසේ වුවත් නගරය මැද මෙම පහර දීම සිදුවී ඇති බවත්, ඔහු බේරා ගැනීමට හෝ කතා කිරීමට කිසිවෙකු ඉදිරිපත් වී නැත. වැරදිකරුවෙකුට හෝ මෙවැනි අන්දමින් පහර දීම කිසිසේත් පිළිගත නොහැක. පොලිස් නිලධාරීන්ට එසේ පහරදීමට හැකි නීතියක් රටේ නැත. ඔහු වරදක් කලා නම් ඒ ගැන ඔහුට දන්වා ඔහුව අත්අඩංගුවට ගැනීමේ හැකියාව තිබියදී මෙලෙස තමන්ගේ රැුකියාව තුළ ඇති බලය සහ පීඩනය ජනතාව වෙත මුදා හැරීම කිසිසේත් පිළිගත නොහැකි කි‍්‍රයාවකි.
මේ සම්බන්ධයෙන් නිහඩව සිටි ජනතාවට ද පැවසිය යුතු වන්නේ මීළගට අවස්ථාව උදාවන්නේ ඔබට විය හැකි බවයි.  




2015-09-25
Advertisement

Find us on Facebook