English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අපචාරයන්ට පමණක් නොව මුලූ සමාජයට ප‍්‍රතිසංස්කරණ අවශ්‍යයි.
අපචාරයන්ට පමණක් නොව මුලූ සමාජයට ප‍්‍රතිසංස්කරණ අවශ්‍යයි.
අලියෙක් ගැන අන්ධයන් කී කතාව ගැන ඔබ අසා ඇත. ලංකාවේ පොලිසිය බොහෝ සිදුවීම් වාර්තා කරන්නේ ද බොහෝ සිදුවීම් සිදුවන්නේ ද එපරිද්දෙනි. මිනිස්සුන් ද ඒ ගැන සොයා නොබලා හැගීම් බරව සිදුකරගන්නා ලද හානි ද සුළු පටු නොවේ. පසුගිය දිනවල ජනමාධ්‍ය තුළ වඩාත් කතා බහට ලක්වූ කොටදෙනියාවේ සේයා දැරියගේ ¥ෂණයටත්, ඝාතනයටත් සම්බන්ධයෙන් පොලීසිය කි‍්‍රයා කළ හා ප‍්‍රකාශයන් කළ ආකාරයත් යුක්ති සහගත නැත.
මුල දී ඔවුන් මවට සහ පියා සැක සිතෙන අන්දමේ ප‍්‍රකාශ නිකුත් කළේය.
 එවිට ගමේ මිනිස්සුන් ද , රටේ මිනිස්සු න්ද හිතුවේ මෙම දෙදෙනාම ඊට සම්බන්ධයක් ඇති බවයි. ඒ නිසාම තමන්ට දේහයේ අවසන් කටයුතු වලටවත් නිසියාකාරයෙන් සම්බන්ධ විය නොහැකි වුනු බව මව සහ පියා පැවසීය. ඒ හා සමගම පියා සහ සීයා මෝටර් රථයකින් පොලිසියට යන දර්ශන රූපවාහිනියෙන් පෙන්වීමෙන් අනතුරුව මාධ්‍ය සහ ජනතාව කලේ, සීයා ද ඒ ගැන සැක කිරීමයි. පොලීසිය ද ඒ ගැන කි‍්‍රයා කරන්නේ සියුම් සහ වෘත්තීය මට්ටමකින් නොවේ. කලබලකාරී අන්දමකිනි.
වැරදිකරුවන් සෙවීමේ වෑයම කල්යන සේ පෙනීයද්දී පොලීසිය විසින් වයස අවුරුදු 17 ක පාසැල් යන වයසේ සිසුවෙකු සහ තවත් සැකකරුවෙකු අත් අඩංගුවට ගැනීමයි. සිසුවාගේ ලැප්ටොප් පරිගනකයේ කාම චිත‍්‍රපට තිබීමත්, මරණය සිදුවූ කාලය තුළ ඔවුන්ගේ චර්යාවන් සාමාන්‍ය නොවීමත්, සිසුවා පාසැලේ දී පාලනය කළ නොහැකි, විනය ගරුක නොව සිසුවෙකු සේ පෙනී යාම අත්අඩුංගුවට ගැනීමට හේතු සේ පෙනී යයි. මේ කිසිඳු හේතුවක් පාසැල් සිසුවා අත්අඩංගුවට ගැනීමට හේතු සේ පෙනී නොයයි. සැක සිතූ පමණින් අත්අඩංගුවට ගන්නේ නම් ලංකාවේ කී දෙනෙක් මේ වන විට සිරගෙවල් වල සිටිය යුතු ද? මේ පාසැල් දරුවාගේ මානසික තත්ත්වය කෙබඳු වේවි ද? ඔහු සමාජය කෙලෙස බාර ගනීවිද ? සාමාන්‍ය තත්ත්වය නම් මිනිසුන් ඔහුගේ මෙම සිදුවීම බොහෝ කාලයක් මතකයේ තබාගනු ඇත යන්නයි. ඔහුගේ පවුල කෙලෙස ඉදිරියට මුහුණ දේවි ද?
දැනට පෙනෙන පරිදි ඞී.එන්.ඒ. පර්යේෂණයෙන් පසුව ඔහු නිදහස් වන නොවන බව තීරණය වන බවක් පෙනේ. නමුත් මුළු සමාජය ම සිතන්නේ අත්ඩංගුවට ගත් පමණින්, සැක කළ පමණින් ඔවුන් වැරදිකරුවන් වන බවයි. මොවුන් සැකකරුවන් නම් පොලිසියට ඔවුන් අත්අඩංගුවට ගන්නේ නැතිව පර්යේෂණයේ තීරණාත්මක අවදියකදී අත්අඩංගුවට ගැනීමට නොහැකි වීද ? නොඑසේ නම් කිසිවෙකු වැරදිකරුවෙකු කිරීමට තමන් සතුව පූර්ණ සාක්ෂි නැති බව පොලීසියට කීමට නොහැකි ඇයි ? ජනතාවට ඒත්තු ගැන්වීමට නොහැකි ඇයි ? ඒ පිළිබඳව වෘත්තීමය ප‍්‍රකාශයක් සිදු කළ නොහැකි ඇයි? අනෙක් පැහැදිලි කරුණ වන්නේ මෙම අත්අඩංගුවට ගැනීමත්, පොලිස්පතිතුමා විසින් පරීක්ෂණ කටයුතු රහස් පොලීසියට බාරදීමත් සිදුවන්නේ එකම කාලයක දී විමයි. පොලීසියට තවත් ඉවසීමට තිබුනි. නිසි සාක්ෂි සොයා ගැනීමෙන් පසුව අත් අඩංගුවට ගැනීමට තිබුනි. අතරමං වූ පොලීසිය තමන්ගේ ආත්ම ගෞරවය පිණිස මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පෙනී යයි.
දැන් කොණ්ඩයා නැමැත්තෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු පාපොච්ඡුාරණයක් ද සිදු කර ඇතැයි පවසයි. ඔහු ගැන ද විවිධ කතාවන් ප‍්‍රචාරය වේ. මේ නිසා පොලීසිය සිදු කළ යුත්තේ ජනතාවට තත්ත්වය පැහැදිලි කර නියම තොරතුරු ඔවුන්ට ලබා දීමයි. පොලීසිය විසින් පාපොච්ඡුාරණයන් ලබා ගන්නා අයුරු අප අසා තිබේ. පැය කිහිපයක් ඇතුළත ඔහු එය සිදු කිරීම සැක කටයුතුයි. කෙසේ වුවත් සිදුවීම සම්බන්ධයෙන් නිසි සාක්ෂි ලැබෙන තුරු ඔහු ගැන වුවද සැකකරුවෙක්ට ලැබෙන තත්ත්වය ලැබිය යුතුයි. පොලීසිය ඔහුගේ පෙර වැරදි පවසන්නේ නම් ඒවා පොලිසියට වාර්තා වී ඇති ඒවා ද, කට කතා ද යන්නත් පැහැදිලි කළ යුතුය. එමෙන්ම සමහර අවස්ථාවලදී වැරදි කරුවන් අහිංසකයන් කිරීමට ද මෙවැනි කතාවන් පතුරවනු ඇත. ඒ මගින් සිදුවන්නේ ඔහුට මානසික ආබාධයත් ඇති බව හෝ රෝගියෙක් ලෙස නම් කරමින් වරදේ බරපතල කම අවම කිරීමයි.
මාධ්‍ය විසින් ත‍්‍රාසජනක චිත‍්‍රපටයක් ලෙස මෙම සිදුවීම වාර්තා කළේය. ඉන්දියාවේ ¥ෂණයට ලක් වන කාන්තාවන්ගේ, දැරියන්ගේ අනන්‍යතාවය මාධ්‍ය හරහා හෙළි වන්නේ නැත. එය සිදුවන්නේ නම් ඒ නිසි අවස්ථාවක දී පමණි. එක් නාලිකාවක් සේයාගේ නිරුවත් සිරුර රූපවාහිනියෙන් කිසිඳු සංස්කරණයකින් තොරව පෙන්නුවේය. තවත් නාලිකාවක් ඇයගේ සිරුරේ බොහෝ කොටස් ආවරණය කළත්, ඇගේ නිරුවත් පාදයක් නිරාවරණයෙන් යුතුව පෙන්නුවේය. මිය ගිය මිනිසුන්ගේ දේහයන් පූර්ණ කොටස් වශයෙන් පෙන්වන මාධ්‍යයන් මෙම දැරියගේ සිරුර එලෙස පෙන්වීමට උත්සාහ කලේ ඇයි?. එලෙසම පොලීසිය විසින් විවිධ අවස්ථාවන්හී දී මාධ්‍යයන්ට නිකුත් කරන ප‍්‍රකාශ සහ පොලීසිය තම සමීප මාධ්‍ය සගයන්ට සපයන රහස් තොරතුරු නිසාද මෙම පරීක්ෂණයන් අවුල් විය. කිහිප අවස්ථාවකම විද්යුත් මාධ්‍ය මව, පියා, සීයා, පසුව පාසැල් ළමයා සැකකරුවන් ලෙස මිනිසුන් ප‍්‍රකෝප වන අන්දමින් පෙන්නුවේය. නීති රීති හා සදාචරයක් අවශ්‍ය වන්නේ ස්තී‍්‍ර ¥ෂකයන්ට පමණක් නොවේ. ජනමාධ්‍යයන්ටද අවශ්‍ය බව මෙම සිදුවීමෙන් මනාව පැහැදිලි වේ.
අමාත්‍ය රන්ජන් රාමනායක ප‍්‍රමුඛ ජනතාව මරණ දණ්ඩණය ගෙන ඒමට හඩ නැගුවෝය. නමුත් මෙම වැරද්දට නිවැරදි කරුවෙක් අසුවිනි නම් ඔහුට මරණීය දණ්ඩනය හිමිවූයේ නම් එය මහා අපරාධයක් වනු ඇත. මරණීය දණ්ඩණය පැනවීමෙන් අපරාධ අඩුවන්නේ නම් එය මුලින්ම සිදුවිය යුතුවන්නේ ඇමෙරිකාවේ ය. මිනිසෙකුට මරණීය දණ්ඩණය පැනවීමට ප‍්‍රථම ප‍්‍රතිසංස්කරණය කළ යුතු ලංකාවේ බොහෝ ආර්ථික, දේශපාලන, සමාජීය, සංස්කෘතික කාරණා ඇත්තේ ය. එවැනි පූර්ණ ප‍්‍රතිසංස්කරණයකින් තොරව මරණීය දණ්ඩනය පැනවීමෙන් සිදුවන කිසිඳු ප‍්‍රයෝජනයක් නැත. හැගීම් බර ජනතාවකින් ප‍්‍රශ්ණ විසඳෙන්නේ නැත. බුද්ධිමය තීරණවලින් පමණක් රටේ පවතින අසහනකාරී තත්ත්වයන් සමනය කළ හැකි වනු ඇත.
සුදේශ් ද සිල්වා
2015-09-25



2015-09-25
Advertisement

Find us on Facebook