English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අතුරුදහන්කරවීම් වලට එරෙහි උද්ඝෝෂණයක් අනුරාධපුරයේ දී

පසුගිය සැප්තැම්බර් 02 වන දින අතුරුදහන් වූ අනුරාධපුර පදිංචිව සිටි මධුෂ්ක හරිෂ් ද සිල්වා පිළිබදව තොරතුරු ලබා දෙන ලෙසත්, පොදුවේ සිදු කරනු ලබන සියලූම ආකාරයේ අතුරුදහන්කරවීම්වලට ත් එරෙහිව ඊයේ ජුලි 02 වන දින අනුරාධපුර නගරයේ දී විශාල උද්ඝෝෂණයක් පවත්වනු ලැබීය.


මෙම උද්ඝෝෂණය සදහා පුජ්‍ය පක්ෂය හා සිවිල් සංවිධාන හා මධුෂ්ක හරිෂ් ද සිල්වාගේ පවුලේ හිතුවතුන් හා ඥාතීන් ඇතුලූ 200කට ආසන්න පිරිසක් සහභාගී වී සිටියහ. මෙය සංවිධානය කර තිබුනේ අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවයි.

මෙම උද්ඝෝෂණය සම්බන්ධව අදහස් දැක්වූ අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහතා...  ශී‍්‍ර ලංකාව තේ සහ කි‍්‍රකට් වලට අමතරව, ලෝකෙටම ප‍්‍රසිද්ධ අතුරුදහන් කරවීම් සම්බන්ධවයි. 1989 සිට අද දක්වාම එක්සත් ජාතීන්ගේ මානව හමිකම් කවුන්සිලයේ අපේ රටේ අතුරුදහන් කරවීම් පිළිබඳව නොනවත්වා කථා වෙනවා.

1989 - 1992 කාලයේදී දකුණේ සිංහල තරුණයෝ අතුරුදහන් කෙරෙනවා. 60,000 ක් පමණ වූ එ් අතුරුදහන් කරවීම් වලට එරෙහි රැුස්වීම්, උද්ඝෝෂණ, කොළඹ සිට කතරගම දක්වා දින 19 ක අඛණ්ඩ පා ගමනක් වැනි බොහෝ විරෝධතා සංවිධානය වෙන්නේ, එවකට විපක්ෂයේ හිටපු මහින්ද රාජපක්ෂ මහතාගේත් නායකත්වයෙන් යුතුවයි. ආර්ථික සම්බාධක පනවල හරි අතුරුදහන් වීම් නවත්වන්න කියල රාජපක්ෂ මහත්තයා එ් වෙලාවේ ජිනිවා වලටත් ගිහින් කියනවා.


1992 න් පසු ටික කාලයකට අතුරුදහන් කරවීම් නතර වුනත්, යුද්ධය සමඟ නැවත එය බරපතල ලෙස කි‍්‍රයාත්මක වෙනවා. මේ වෙලාවේ වැඩියෙන් අතුරුදහන් වෙන්නේ දෙමළ අය. යුද්ධයෙන් පසු යටත් වු අයත් අතුරුදහන් කෙරෙනවා. මේ අතර සිංහල අයත් එ් ඉරණමට ගොදුරු වෙනවා. මීගමුවේ සුරේෂ් ලක්ෂ්මන් ප‍්‍රනාන්දුවත් එහෙම ගෙදරටම ඇවිල්ලා අරගෙන ගියා. එ් 2007 දී. අදටත් බිරිඳයි, දරුවෝ දෙදෙනායි බලං ඉන්නවා සුරේෂ් එනකං. මධුෂ්කවත් පසුගිය සැප්තැම්බරේ පැහැරගෙන යනවා. මේ අතුරුදහන් කරවීම් සාධාරණය කරන්න එ් අවස්ථාවේ පවතින රජයන් කි‍්‍රයා කරනවා.

1989 - 1992 දී අතුරුදහන් කරවූ හැම එකාම JVP කාරයෝ හැටියට හංවඩු ගැහුවා. ඊට පස්සේ ගොදුරුවුනු හැම කෙනෙක්ම කොටියෙක් වුනා. දැන් අඵත්ම හංවඩුව පාතාලයෝ නැත්නම් අපරාධකරුවෝ. පොලීසියේ අත්අඩංගුවට පත් වෙච්ච බොහෝ දෙනා, අත්අඩංගුවේදීම ඝාතනය කෙරෙනවා. පොලීසියෙන්, හමුදාවෙන් කියල හඳුන්වල දීල මිනිස්සුන්ව පැහැරගෙන යනවා.

එදා අතුරුදහන්වීම්වල සංකේතය වූ ටයර් එක අද රාජපක්ෂ ආණ්ඩුව යටතේ ” සුදු වෑන් ” එක බවට පරිවර්තනය වෙලා. මේ අතුරුදහන් කරවීම් භීතිය සමාජය තුළට කා වද්දල යමක් ගැන නිදහසේ අදහසක් කියන්න, විරුද්ධත්වයක් ප‍්‍රකාශ කරන්න, මිනිස්සුන්ව බය කරල. ධෛර්්‍යය නැති කරල.

යුද්ධය දිනන්න නම් අතුරුදහන් කරවීම් අවශ්‍යයි. නීතියට පිටින් කි‍්‍රයා කල යුතුයි යන වැරදි අදහසක් දකුණේ සමාජය තුල කා වැද්දුවා. පිළිගන්වනු ලැබූවා. උතුරේ මේවා සිද්ධ වෙද්දී ඇති කරනු ලැබූ නිශ්ශබ්දතාවය තුළ, අද පොලීසිය තුල අත්අඩංගුවට ගත් අය ඝාතනය වෙනවා. මධුෂ්කලා අතුරුදහන් කෙරෙනවා. අද එ්වාට ගෙදුරු වුන බහුතරය සිංහල.

මධුෂ්ක පිළිබඳ පැමිණීලි කලාට පොලිස් පරීක්ෂණ ගැන විශ්වාසය බිඳ වැටිලා. මානව හිමිකම් කොමිසමට කළ හැකි කෙං ගෙඩියක් නැහැ. 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරලා 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවට පස්සේ මේ කොමිසන් සභාවල ස්වාධීනත්වය නැති වෙලා. නීතිය දේශපාලනයට යටත් වෙලා.

අතුරුදහන් කරවීම් පිලිබඳව චෝදනා බරපතල ලෙස එල්ල වෙන්නේ නීතිය - සාමය රකින්න ඉන්න පොලීසියටයි. හමුදාවටයි. මධුෂ්ක වෙනුවෙන් එයාගේ බිරිඳට, නිවුන් දරුවන්ට, ඥතීන්ට සාධාරණත්වය ඉටු කරන්නේ කොහොමද? මොන වැරැුද්දක් කලත් චෝදනා නොකර, නිදහසට කරුණු කියන්න අවස්ථාවක් නොදී, නඩු විභාග පවත්වන්නේ නැතුව, නීතිය තමුන්ගේ අතට ගෙන කෙරෙන මෙවැනි අතුරුදහන් කරවීම් වලට, ඝාතන වලට අපි විරුද්ධ වීමෙන් පමණයි මේවා වැලැක්විය හැක්කේ.

එදා දකුණේ සිංහල තරුණයන්ට, පසුව දෙමළ අයට, ඊට පස්සේ පාතාලයෝ හැටියට හංවඩු ගහල කරපු මේ අපරාධයට විරුද්ධ වීම තුළ පමණයි, තව ඉදිරියේදී සිදුවිය හැකි මෙවැනි අපරාධ වැලැක්විය හැක්කේ. එසේ නොකළොත් අද මධුෂ්කලා හෙට අප අතරින් කවුරු හෝ එකෙකු මේ අපරාධයට ගොදුරු විය හැකියි.



2014-07-03
Advertisement

Find us on Facebook