English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


වගකීම් ඉටු නොකළ නීතිපතිට නඩු
වගකීම් ඉටු නොකළ නීතිපතිට නඩු
2014 මැයි 17 වෙනි දින බදුල්ල මීගහකිවුලේ දී පොලිස් පහර දීමක් නිසා ඝාතනයට ලක් වූ සඳුන් මාලිංගගේ ඝාතනය සම්බන්ධයෙන් අදාල පොලිස් නිලධාරීන්ට විරුද්ධව නීතිපතිවරයා විසින් 2015 මැයි 07 වෙනි දින දක්වා නඩු පැවරීමක් සිදු කර නොතිබුනු නිසා නීතිපතිවරයා විසින් 1994 අංක 22 දරන වධ දීම හා අනෙකුත් කෲර හා අමානුෂික අවමන් සහගත සැලකීමට එරෙහිව නඩු නොපැවරීම සම්බන්ධයෙන් එන්තරවාසියක් යවන ලදි.
ඊට පිළිතුරු වශයෙන් නීතිපතිවරයා විසින් දැනටමත් මේ සම්බන්ධයෙන් අපරාධ නඩුවක් කි‍්‍රයාත්මක වන බවත්, අවශ්‍ය නම් නීතිපතිට විරුද්ධව නඩු පැවරීමක් සිදු කරන ලෙසත් දන්වා එවන ලදි. ඒ අනුව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය රිට් මැන්ඩාමුස් පෙත්සමක් අභියාචනාධිකරණයේදී ගොනු කිරීම නීතිඥ ලක්ෂන් ඩයස් විසින් සිදු කර තිබෙනවා. ඒ අනුව නීතිපතිවරයාට ඉහත සඳහන් නඩුව සම්බන්ධයෙන් තමන්ගේ වගකීම ඉටු නොකිරීම ගැන නඩුවක් පැවරෙනවා. එහි නඩු අංකය වන්නේ ක්‍්රැුඅරසඑ346රැු215



2015-09-23
Advertisement

Find us on Facebook