English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


කන්දෙකැටිය ඝාතනණය හා නීති රකින ආයතනයන් හි කඩා වැටීම මහජන විනිශ්චය සභාව ජුලි 06 බදුල්ලේ දී


පොලීසිය, අධිකරණය, අධිකරන වෛද්‍ය සේවා, නීතිපති සේවා බන්ධානාගර හා නීතීඥ සේවා සපයන ආයතන ඇතුලූ නීතියේ පාලනය පිහිටු වීම සදහා කි‍්‍රයාත්මක විය යුතු ප‍්‍රධාන ආයතන පද්ධතියේ කඩා වැටීම සම්බන්ධව සාකච්ඡ කෙරෙන මහජන විනිශ්චය සභාවක් ජුලි 06 උදේ 10ට බදුල්ල තැපැල් කාර්යාලීය ශ‍්‍රවණාගාරයේ දී පැවැත් වේ.

මෙම මහජන විනිශ්චය සභාවේ විනිසුරු මණ්ඩලය සදහා නීතිඥ ලාල් විජේනායක, නීතිඥ ලක්ෂාන් ඩයස්, නීතිඥ සම්පත් පුෂ්පකුමාර ඇතුලූ නීතිඥ මණ්ඩලයක් සහභාගී වීමට නියමිත අතර සිවිල් සංවිධානය නියෝජනය කරමින් නියෝජිතයන් පිරිසක් ද සහභාගී වීමට නියමිතව තිබේ.

මෙම මහජන විනිශ්චය සභාවේ දී කරුණු දැක්වීම සදහා එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු, දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නීතිඥ එම්.ඒ. සුමන්තිරන්, ජනතා විමුක්ති පෙරමුණේ පලාත් සභා මන්තී‍්‍ර සුදත් බලගල්ල, ලංකා ජාතික වතු කම්කරු සංගමයේ ප‍්‍රධාන ලේකම් පලාත් සභා මන්තී‍්‍ර කේ. වේලායුධන්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ හිටපු පළාත් සභා මන්තී‍්‍ර නන්දන රාමණායක යන අය දේශපාලණ පක්ෂ නියෝජනය කරමින් අදහස් දැක්වීමට නියමිත අතර, බි‍්‍රටෝ ප‍්‍රනාන්දු, ප‍්‍රභාත් කුමාර, සුරේෂ් නඬේෂන්, පිලිප් දිසානායක, සුමිත් අබේකෝන් යන අය සිවිල් සමාජය නියෝජනය කරමින් අදහස් දැක්වීමට නියමිතව තිබේ. ප‍්‍රවීන ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර සංගීතයෙන් දායකත්වය සපයනු ඇත.
 





2014-07-03
Advertisement

Find us on Facebook