English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අනාගත නීතිපති භූමිකාව - සැප්.29 සවස 2.30, මහවැලි කේන්ද්‍රය

යහපාලනයක් ගොඩනගන්න, නීතියේ ආධිපත්‍ය පතුරුවන්න අත්‍යවශ්‍යයෙන්ම ස්වාධීනව, අපක්ෂපාතීව හා කාර්යක්ෂමව කි‍්‍රයාත්මක විය යුතු ආයතනයක් වන්නේ නීතිපති දෙපාර්තමේන්තුව. නඩු ප‍්‍රමාදය, නීතිපති පවරන නඩු විශාල වශයෙන් පරාජය වීම හෝ ඉදිරියට ගෙනයාමට නොහැකි වීම (හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා එම තනතුරේ සිටිය දී ප‍්‍රකාශකර තිබුනේ නීතිපති පවරන අපරාධ නඩුවලින් 94% ක් ඉදිරියට ගෙනයාමට නොහැකි වන බවයි. අපරාධ නඩු නොපැවරීම හෝ ඒ සදහා විශාල කාලයක් ගැනීම යන කාරණා මේ රටේ අපරාධ වැඩිවීමටත්, නීතියේ මත පාලනයක් ගොඩනැගීමටත් විශාල බලපෑම් එල්ල විය.

ගොඩනැගී ඇති නව දේශපාලණ සංස්කෘතිය තුළ නීතිපති ක‍්‍රමයේ ඇති විය යුතු වෙනස්කම් පිළිබ`දව මහජනයාගේ මීට වඩා වැඩි අවධානයක් යොමු විය යුතු බවත්, නීතිපති දෙපාර්තමේන්තුව මහජනයා සමග මීට වඩා වැඩි සම්බන්ධතාවයක් ඇති කිරීමත් ඉතා යෝග්‍ය යැයි අප කල්පනා කරමු.

එම අරමුණෙන් යහ පාලනය තුළ නීතිපති ක‍්‍රමයේ ඇති විය යුතු වෙනස්කම් පිළිබදව වින්දිතයන්, සමාජ කි‍්‍රයාකාරීන්, නීතිඥයින්, නීතිපති දෙපාර්තමේන්තු, මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් හා රජයේ මැති ඇමතිවරුන් සහභාගීත්වයෙන් සංවාදයක් ගොඩනැගීම සදහා මහජන විනිශ්චය සභාවක් පැවැත්වීමට රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය කටයුතු යොදා තිබේ.

මෙම සංවාදය සැප්තැම්බර් 29 සවස 2.30ට කොළඹ 07, මහවැලි කේන්ද්‍රීය ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වේ. ඔබත් මීට උනන්දු නම් අප වෙත දන්වන්න. (031 2221604)




2015-09-17
Advertisement

Find us on Facebook