English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


මිනි බාර් නෑ. බ්ලූ ෆිල්ම් නෑ. ලිමොසීන් නෑ - මෛත්‍රී, යහපාලනය නිව්යෝක් ගෙනයයි

මෙවර එක්සත් ජාතීන්ගේ වාර්ෂික සමුළුව ඇමතීම සඳහා ජනාධිපතිවරයා සමග ඇමරිකාවේ නිව්යෝක් නුවරට යන ශ්‍රී ලාංකික දූත පිරිසට පෙර වසරවල මෙන් මිනිබාර් පරිහරණය කිරීම, බ්ලූ ෆිල්ම් බැලීම හා ලිමොසීන් පාවිච්චි කිරීම ජනාධිපතිවරයා විසින් සපුරා තහනම් කොට ඇති බව වොෂිංටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලීය ආරංචි මාර්ග සඳහන් කර සිටී.

මෙවර තමා සමග නිව්යෝක් නුවරට පැමිණෙන ශ්‍රී ලාංකික දූත පිරිසට නැවතීම සඳහා මධ්‍යම පන්තියේ හෝටලයක් වෙන් කරන ලෙස ජනාධිපතිවරයා අදාල අංශවලට උපදෙස් ලබාදී තිබේ. එසේම පෙර අවස්ථාවලදී මෙන් මහජන මුදල් කාබාසිනියා කරමින් පිස්සු කෙලීමට ඉඩ නොතබා පැමිණි කාර්යයේ පමණක් නියැලීමට හැකිවන ලෙස කටයුතු සම්පාදනය කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් මහතාට නිශ්චිත උපදෙස් දී ඇතැයි ඉහත කී ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.




2015-09-13
Advertisement

Find us on Facebook