English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ඇමති මණ්ඩලය ගැන අදහසක්
ඇමති මණ්ඩලය ගැන අදහසක්
මේ සතියේ ජනතාවගේ තේමා පාඨය වන්නේ ඇමති මණ්ඩලය පත් කිරීම ගැනයි. මේ ඇමති මණ්ඩලය පත් කිරීම සඳහා 19 වන සංශෝධනය අනුව නොහැකි වු නිසා එය පළමු පාර්ලිමේන්තු සැසියේ දීම ඊට සංශෝධනයක් එක් කරන ලදි. ඒ අනුව නැවතත් මහින්ද රාජපක්ෂ කණ්ඩායමට හිස එසවීමට ඉඩක් නොතබා තමන්ට බලය තහවුරු කර ගැනීමට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා කටයුතු කිරීමේ පියවරක් ලෙස ඇමති මණ්ඩලය විශාල වී ඇත. එක්සත් ජාතික පක්ෂයට, දෙමළ ජාාතික සන්ධානය හා සන්ධාන ගතව රජයක් පිහිටුවීමට හෝ තනිව පිහිටුවීමට හෝ හැකිවක් තිබිය දී මෙලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ශ්වය සමග රජයක් පිහිටුවීම නිසා ඇමතිවරු සංඛ්‍යාව වැඩි කිරීමට සිදුව ඇත.

මේවන විට ඇමතිවරු 45 දෙනෙක්ද, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරු 46 දෙනෙක් ද පත්ව සිටිති.
මෙහිදී බොහෝ දෙනෙක් විවේචනාත්මක බලමින් චෝදනා කළ ද එසේ නොමැතිව යාමට තිබුනු විකල්ප සියල්ලම නිසා පරාජය වුනු බලවේග නැවතත් හිස එසවීමටත්, ජාතිවාදී බලවේගයන් පරාජය කිරීමට ඉඩ ඇහිරේ. දෙමළ ජාතික සන්ධානය සමග එක්වූයේ නම් නිසැකවම ජාතිවාදී බලවේගත්, දැනටම මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග සිටින කණ්ඩායමේ පිරිසෙන් කොටසකුත්, ජාතිවාදී බලවේග සමග සන්ධාන ගතවීමට ඉඩ තිබේ. එසේ නොවී එක්සත් ජාතික පක්ෂ තනිව රජයක් පිහිටුවේ නම් මහින්ද රාජපක්ෂ සමග සිටි කණ්ඩායම් නිරන්තරයෙන් රජය අපහසුතාවයකට පත්වීමට කි‍්‍රයා කරනු නො අනුමානය.
නමුත් තත්ත්වයේ තියුණු බව වැඩි කරන්නේ පත් වූ චෝදනා ඇති මැති ඇමතිවරුන් සඳහා ය. එක්සත් ජනතා නිදහස් සන්ධානය පවතින අවස්ථාවේ ¥ෂිත චෝදනා සහ මත් ද්‍රව්‍ය චෝදනා ලැබූ මන්තී‍්‍රවරු කිහිප දෙනෙක් ද ඒ අතරේ සිටියි. එමෙන්ම මහින්දට පසුව වැඩිම මුදල් වංචා කර ඇත්තේ චන්ද්‍රිකා විසින් චෝදනා කරන ලද සුසිල් පේ‍්‍රමජයන්ත ද අනුර පි‍්‍රයදර්ශන යාපා ද මේ අතරේ සිටියි. මත් ද්‍රව්‍ය චෝදනා ලද නිමල් ලංසා ද ඒ අතරෙහි වේ.
මේ ¥ෂිතයන් සියලූ දෙනා පත් වූයේ මහජන ඡුන්දයෙනි. මහජනතාවට ද මෙහිදී එල්ල විය යුතු චෝදනාව සුළුපටු නොවේ. ඔවුන් ද ඔවුන්ගේ ඡුන්දය නිසි ලෙස භාවිතා කලේ නම් මේ අවුල් සහගත තත්ත්වය ඇති නොවීමට ඉඩ තිබිනි.
මෙම තත්ත්වයට සිවිල් සමාජය විරෝධය දැක්විය යුතුවා සේම ඇමති පහසුකම් අවම කිරීම, මන්තී‍්‍ර වැටුප පමණක් ලබා දීම, වැනි යෝජනා ද, වෙනත් යෝජනා ද ඉදිරිපත් කරමින් බලපෑම් කිරීම ආරම්භ කළ යුතුය.   




2015-09-10
Advertisement

Find us on Facebook