English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


කළු විරෝධය මැතිවරණය අද්දර.....
කළු විරෝධය මැතිවරණය අද්දර.....
වීදියෝ විරෝධය සෑහෙන පමණ ඡුායාරූප සහ විස්තර කෙටියෙන් හෝ ෆේස් බුක් වල සටහන් වූ නිසා තවත් සටහන් කිරීම අවශ්‍ය නැතැයි සිතෙනවා. ඒ අද 2015 අගෝස්තු 13 වෙනි දින. ඊයේ අපි අවසන් වැඩසටහන පොළොන්නරුවේ දී පැවැත්වුවා. ඒ කියන්නේ ජනාධිපති අඩවියේ. පොළොන්නරුවේ මොන්ලාර් සංවිධානයට සම්බන්ධ ගොවියන්, ගෙවිලියන්, තරුණ මහළු ජන කොටස්, ප‍්‍රතිශීලීන්, ප‍්‍රජා නායකයන් මෙම වැඩසටහනට සහභාගි වුනා. ඔවුන් ඇත්තටම කි‍්‍රයාශීලීයි. සෙවනගල, කඳුරුවෙල, හිඟුරක්ගොඩ, ප‍්‍රදේශවල තවත් ජනකොටස් සහභාගි වෙමින් අත්පති‍්‍රකා බෙදමින් සංස්කෘතික වැඩසටහන් කරමින් අප නගර පුරා සැරි සැරුවා.
මෙම වැඩසටහනෙහි විශේෂත්වයන් කිහිපයක් තිබුනා. පළමුවැන්න සංවිධානය කරන ලද ජනතාව ඉතා උනන්දුවෙන් සහභාගි වීම, දෙවැන්න ශ‍්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය තමන්ගේ ඉඩමේ අපගේ සංස්කෘතික ප‍්‍රසංගය පැවැත්වීමට අවස්ථාව ලබා දීම, තෙවැන්න, පොලිසියේ මහත්වරු රථවාහන පාලනය කරමින්, අපට සහය දැක්වූවේය. මේ සිද්ධීන් වලින් අපට පෙනුනේ පොලීසියත්, රජයේ සේවයනුත් ක‍්‍රමයෙන් වෙනස් වෙමින් යන බවය. එමෙන්ම වාරියපොළ, නිකවැරටිය මහව ප‍්‍රදේශයන් වැනි කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ ස්ථාන කිහිපයක් මෙම තත්ත්වය දක්නට ලැබුනි. එමෙන්ම එහිදී අපහට හමුවූ ඔත්තු සේවාවන් හී නියැලෙන අයෙක් ලෙස සැලකිය හැකි අයෙක් මා හට මහා මැතිවරණයෙන් පොළොන්නරුව දිස්ති‍්‍රක්කය එක්සත් ජාතික පක්ෂය ජයග‍්‍රහණය කරන බව පැවසුවේය. එය මා හට විමතිය කරුණක් විය. මන්ද එය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ දිස්ති‍්‍රකක්කයයි.
නමුත් කලින් අප ලද අත්දැකීම එය නොවේ. 2015 ජනාධිපතිවරණය සමයේ එප්පාවල සහ හම්බන්තොට යන ප‍්‍රදේශයන්හී තත්ත්වය එසේ නොවේ. එය බිහිසුණු විය. එමෙන්ම කළු විරෝධය ගමන් ආරම්භ කර අප ගිය බොහෝ තැන්හී දී අපට පොලිසිය සමග වාචික අරගලයක නියැලීමට සිදුවිය. අප විසින් මැතිවරණ ප‍්‍රචාරණය යෙදෙනවාය යන්නත්, නොයෙදෙනවාය යන්නත් එහි ප‍්‍රධාන සටන් හැකි විය. කෙසේ වුවත් කුරුණෑගල නගරයේදී, බණ්ඩාරවෙළ නගරයේදී, රත්නපුර නගරයේදී, ඉතාමත් උණුසුම් තත්ත්වයන් මතු විය.
උසස් පොලිස් නිලධාරීන් පවා මැතිවරණ නීතිය, සිවිල් නීතිය සමහර කරුණු නොදන්නා බවක් මෙහිදී අපට පෙනුනි. නොඑසේ නම් අපගේ කි‍්‍රයාවලිය නැවැත්වීමට හිතාමතාම බොරු ගොතන ලද්දේ ද විය හැකියි. නමුත් අප විසින් ඔවුන් හමුවුවේ පැහැදිලි කරන ලද නීතිමය තර්කයන් සහ අපගේ නොපසුබස්නා වීර්යය නිසා පොලිසියට පවා පසු බැසීමට සිදුවිය.

රත්නපුර ප‍්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙක් අපගේ මයික‍්‍රෆෝනය උදුරාගන්නට තැත් කළේය. එහිදී සහ අවට සිටි බහුතර මැණික් ව්‍යාපාරිකයන් සහ සාමාන්‍ය ජනතාව පොලීසිය අසලට දිව විත් ඔවුන්ගේ කි‍්‍රයා කලාපයට විරෝධය පළ කළේය. පොලීසියට පසුබසින්නට සිදුවිය. බණ්ඩාරවෙල දී තර්ජනාත්මක ස්වරූපයෙන් අපගේ විරෝධතාවයේ සංස්කෘතික වැඩසටහන නැවැත්වීමට උත්සාහ කිරීමේ දී සාමාන්‍ය මිනිසෙක් පැමිණ ඊට විරෝධතාවය දැක්වීම විශිෂ්ඨ කටයුත්තක් විය. ඔහු ”මම පුරවැසියෙක් යි” කියමින්  ඊට විරෝධය පෑවේය.  
කලූ විරෝධය පුරාම අපට දැනුනේ වෙනසක් සිදුවන බවය. වෙනසක් රටටත් අවශ්‍ය බව අප දනිමු. නමුත් පුරවැසියන් ලෙස රටට නොසිතන නිසා අප බලාපොරොත්තු වෙන වෙනස දන්ම සිදුවේ යයි
කිව නොහැකිය.  ඡුන්දයෙන් වෙනස සිදු වුවද, පූර්ණ වෙනසක් දැකීමේ අරගලය නිමා නොවනු ඇත.



2015-09-01
Advertisement

Find us on Facebook