English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


පොලීසිය බාධා සහ නීති අර්ථකතන මැද කළු විරෝධය

පොලීසිය බාධා සහ නීති අර්ථකතන මැද කළු විරෝධය
2015 ජූලි 30 - 31
බලංගොඩ - බණ්ඩාරවෙල- වැල්ලවාය - බුත්තල

වීදියේ විරෝධය මහා මැතිවරණය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ අදියර කිහිපයක් පසුගිය 30 වෙනි දින සහ 31 වෙනි දිනයන් හීදී බලංගොඩ-බණ්ඩාරවෙලත්, වැල්ලවාය, බුත්තලත් පැවැත්විනි. මේ අවස්ථාවන් කිහිපයේදීම පොලීසිය සමග විවිධ සංවාදයන්ට හා ආසන්න ගැටුම්වලට මැදහත්වීමට අපට සිදුවිය. සමහර අවස්ථාවන්හීදී පොලීස් නිලධාරීහූ මිනිසුන් මෙන් කටයුතු කළ අතර, සමහර අවස්ථාවන් හීදී ප‍්‍රජාතන්ත‍්‍ර විරොධීව කටයුතු කළහ. එමෙන්ම සෑම තැනම අවම වශයෙන් හමුදා ඔත්තු සේවා වලින් සහ පොලිස් ඔත්තු සේවා අංශයන් අපගේ පසුපස සිටිමින් තොරතුරු පරීක්ෂා කළහ. අපගේ සමහර පුද්ගලයන්ට තේ සහ කෑම බීම සපයා දීමට ආරාධනය කරමින් ද, අපගේ ගීත පති‍්‍රකා ඉල්ලමින් සමීප වීමට ද උත්සහ කළේය. ඔවුන් ගැන අප දන්නා බව ඔවුන් නොදැන සිටීම, ඔත්තු සේවාවන් හී තරම කියා පායි. නොමැති නම් යහපාලනය යටතේ ඔවුන්ටද නොබියව ප‍්‍රසිද්ධියේ පෙනී සිටීමට නිදහස ලැබී ඇති සේය.

බලංගොඩ
2015 ජූලි 31 වෙනි දින බලංගොඩහීදී සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිිලධාරියෙක්, තමන් අතවූ කැමරාවෙන් අපගේ ඡුායාරූප ගත් අතර, තවත් නිලධාරියෙක් පැමිණ, ශබ්ද විකාශන යන්ත‍්‍ර භාවිතය සඳහා අවසර ගෙන නොතිබුනු බැවින් ඊට විරෝධය පාමින් අපගේ අනන්‍යතාවය සහතික කිරීම සඳහා හැඳුනුම්පතක තොරතුරු ලබාගෙන, කි‍්‍රයාකාරිත්වය ගැන සටහන් තබාගෙන පිටත්ව ගියේය. ඔවුන් අපගේ කි‍්‍රයාකාරීත්වයට බාධා පැමිණවීමක් සිදුනොකරන ලදි.
බණ්ඩාරවෙල
එදින සවස නගරය පුරා පති‍්‍රකා බෙදමින් අවසානයේ දී බණ්ඩාරවෙලදී නගරයේ රථගාල අසල සංස්කෘතික වැඩසටහනක් ආරම්භ කිරීමට උත්සහ කළ අවස්ථාවේදී පොලිස් ස්ථානාධිපතිතුමා ඉතාමත් රළු අයුරින් අපගේ කි‍්‍රයාකාරිත්වය අඩපන කිරීමට උත්සහ කළ අතර, විවිධ හේතු දක්වන ලද ඔවුන් අවසානයේ දී ශබ්ද විකාශන යන්ත‍්‍ර මගින් ජනතාව ඇමතීමට අවසර දිය නොහැකි බව පවසන ලදි. පසුව අප ශබ්ද විකාශන යන්ත‍්‍ර කි‍්‍රයා විරහිත කර අපගේ ගීත ගායනයන් සිදු කරන ලදි. මෙහිදි සිදුවූ විශේෂම සිදුවීම වන්නේ එහි සිටි අප නොදන්නා සාමාන්‍ය පුරවැසියෙක් අපව ඉවත් කිරීම සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිතුමාට කට උත්තර නැතිවෙන අයුරින් කතා කිරීමයි. අභියෝග කිරීමයි. පසුව අප විසින් ඉතා උණුසුම් අයුරින් විරෝධ ගී කිහිපයක් ගායනා කිරීමෙන් අනතුරු වැසටහන් අවසන් කරන ලදි.
වැල්ලවාය
වැල්ලවාය නගරයෙ තුළ දී අප කිසිඳු බාධාවකින් තොරව පති‍්‍රකා බෙදීම සිදු කළෙමු. එහිදී ද පොලිස් ඔත්තු කරුවන් අප පසුපස අපගේ ඡුායාරූප ගනිමින් සිටියේය. නමුත් කිසිඳු බාධාවක් සිදු නොකරන ලදි.
බුත්තල
මෙහිදී අප ලද අප‍්‍රසන්නම අත්දැකීමයි. අප විසින් සෙනග පිරී නොසිටි නගරයේ හරහා යමින් පති‍්‍රකා බෙදමින් සිටින අවස්ථාවේ දී බුත්තල පොලිස් ස්ථානාධිපතිතුමා පැමිණ අපට තර්ජනයක් ඇති බවත්, කිසිඳු දේශපාලන පක්ෂයකට සහය නොදෙමින් සහ විරෝධතාවය පළ නොකරමින් පති‍්‍රකා බෙදීමට අවසර ලබා දෙන ලදි. නමුත් ඔවුන් අපගේ ඡුායාරූප ගන්නා බව පවසන ලදි. නිල ඇඳුමින් සිටි, අව්කණ්නාඩි පැළඳි පොලිස් නිලධාරියෙක් අපගේ ඡුායාරූප ගන්නා ලදි. එහිදී අප පොලිස් නිලධාරීන් නිල ඇඳුමින් ඡුායාරූප ගැනිම නීති්‍යානුකූල නොවන බවත්, එය අවලස්සන බවත් අප පවසන ලදි. එහිදී එම ඡුායාරූප ගත් නිලධාරියා අපගේ කණ්ඩායම සමග ඉතා උණුසුම් වාචික ගැටුවක් ඇති කරගන්නා ලදි. සියල්ල යහපත් අයුරින් අවසන් වීමට තිබූ අවස්ථාවක එම නිලධාරියාගේ නොඉවසිලිවන්ත බව සහ අමනොඥ හැසිරීම නිසා පොලිසය ජනතාව ඉදිරියේ අපහසුතාවයන් රැුසකට පත් විය.
යහපාලනයක දී පොලිසිය ස්වාධීන සිවිල් සංවිධාන සමග කටයුතු කරන්නේ මෙලෙස නම් ඒ ගැන අපට ගැටලූ රැුසක් ඇත.




2015-08-01
Advertisement

Find us on Facebook